මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, July 27, 2012

සමණලයෙක්;කළු ගලක් මත ඉදගෙන

සමණලයෙක් වෙලා මo
කළු ගලක් මත ඉදගෙන
දැන් හුගක් කාලයක්
කළු ගලේ සුවද බලමින....

 

ශීත කාලය ගෙවී
සීතලට ගල්ගැහුනු පියාපත් මත
මිදුනු හිම කැට සූරමින්
පියාඹන්නට කල්  නො එළඹෙන බව දැන....

 

ඈත කළු වලාකුල්
මහා වැසි රැගෙන එයි
කළු ගලේ හිඩැසක් තනා
නොතෙමි ඉන්නට දෙන්න...

 

අතේ දුරින් මල් පිපෙයි
සමණලයා තවම ගල මත
වසත් කල ගතවෙයි...
තවම හිම තටුමත....

 

හිම කඩන්නට උවමනා නැත...
තටු බිදින්නට උවමනා නැත...
කළුගල්  මල් නොවෙන බව
සමණලයා පසක්කොට ඇත...

3 comments:

  1. සමහර කළුගල් තියනවා ඔහොම...
    ඒත් ඉතින් මලින් මලට පියාඹනවට වඩා කළුගලක් උඩ ඉන්න එක හොඳයි කියලා සමණලයට හිතෙන්න ඇති..

    ReplyDelete
  2. හ්ම්...
    කළුගලට මලක් වෙන්න හිතක් පහල වේවා !!!

    ReplyDelete
  3. කලුගලට මලක් හමු වේවා...

    ReplyDelete