මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, July 14, 2012

කළු කූඹිච්චිගේ සාප්පු සවාරිය




කූඹිච්චිට  සාප්පු යන්න ඕන කියලා හිතුනෙ හදිස්සියෙම.ඊයෙ පඩි දවස නොවුනට ගෙදර නෝනා වටලප්පම් හදද්දි වැටුන පැණි ටිකක් විකුනලා සල්ලි ගොඩක් හම්බ කරගන්න කූඹිච්චිට පුළුවන් උනා.දැන් සාප්පු යන්න පුළුවන්.අනිත් අයට මේ දවස්වල සාගතේ.

කූඹි හරි කඩිසරයි කියලා කියුවට දැන් ඉන්න කූඹි එහෙමම නෑ.හරි කම්මැලියි...

"පායනා කාලෙදී රෑ දවල් මහන්සිවි..."ගෙදර බබාගෙ සින්දුව ඇහුනෙ අද උදේ .

කූඹිච්චිට හරි හිනා....නියම විහිළුව.....

"ඔයාකාරෙන් මහන්සි වෙලා වැඩ කරනවා නම් වැස්ස කාලෙට සගතේ ඉන්න වෙනවය.අනික ඉතින් ඔච්චර රැස් කරල කෑම තියාගන්නෙ ඔලුව උඩද?අපිට තියෙනවයැ ෆ්‍රිජ්.එක අතකට මිනිස්සු හරිම මෝඩයි.කවියක් ලියුවත් පොඩ්ඩක් මොලේ කල්පනා කරල ලියන්න එපයි.මහ ලොකුවට කියන්නෙ නම්වැඩියෙන්ම මොලේ තියෙන්නෙ එයාලට කියලා....."කූඹිච්චි තනියම කියෝනවා.

කූඹිච්චි සෑහෙන්න කලුයි.තෙල් කූඹි,දිමි එහෙම හරි පාටට පෙනුමට හිටිනිසා ඒවගේ වෙන්න හිතාගෙන කූබිච්චි ෆෙයානස් ක්‍රීම් පාවිච්චි කරනවා.හස්බන්ඩ් කියන්නෙ නම් ඒ වර්ගෙ හැටි කලුපාට අරින්න බෑ කියලා.ඒත් ඉතින් උත්සාහ කරලා බැලුවට මක්වෙනවය.

කොහොමින් කොහොමින් හරි සාගතේට පින්සිද්ධ වෙන්න පැණි බින්දු හතරහ මාරට කූඹිකාසි දහදාස් ගනනක්ම ලැබුනා.

කූඹිච්චිට ඕන වෙලා තිබුනෙ ලස්සන ගවුමක් ගන්න."කූඹි ෆැෂන්" සාප්පුවෙ එක ගවුමක්ම කාසි පන්දහක් විතර වෙන නිසා කූඹිච්චි ගියේ "බජට් ෆ්‍රොක්ස්" සාප්පුවට.සාප්පුව පාලුයි කට්ටිය නෑ.අතරමගදි හම්බුන එහා ගෙදර මිසිස් කූඹිසේකරට කියුවෙත් සීනි ඇටයක් ගේන්න යනවා කියලා.හාද්දක් එහෙම දීලා මිසිස් කූඹිසේකර යන්න ගියා.

 

තව අය හාදු දෙන්න ආවත් කුඹිච්චි අයින් වෙලාම ගියා.ඒ හින්දා ඒ අයට හාදු දෙන්න උනේ නෑ."ජම්බු වාරෙ පටන් අරන්".කූඹිච්චියො කියවනවා කූඹිච්චිට ඇහුනා.ජම්බු වාරෙ හුගක් අය කසාද බදින්නෙ කුලියට ජම්බු ගෙඩිඇතුලෙ පදින්චි වෙන්න පුළුවන් නිසා.ඒත් හරිම අවදානම්.ජීවිතේ අවසන් වෙන්නෙ මනුස්ස බඩකින්ද,කුරුලු බඩකින්ද කියලා හිතාගන්න බෑ.දැන් ඉතින් කූඹිච්චි කසාද බැදලනෙ.කූඹියට ගෙයක් දොරක් තියෙනවද හොයලා බලලා තමයි කූඹිච්චි කැමති උනේ.  ඒ නිසා දෙයියනේ කියලා ලේසියෙන් ජීවත් වෙනවා.

කූඹිච්චි ලස්සනයි කියලා හිතපු ඇදුම් පහක් විතර අරගෙන ඇදුම් ගුලට ගියා.ඇදුම් ගුල් කියන්නෙ පුන්චි පුන්චි කාමර.ඒවයෙ ඉදන් ඇදුම් ඇදලා බලන්න පුලුවන්.පහෙන් හතරක්ම කූඹිච්චිගෙ හොදට පරිස්සම් කරගෙන් ඉන්න ඇගට ගැලපුනා.හරිම ලස්සනයි.ඉතින් කූඹිච්චිට මේ ඇදුම් හතරම ඕන වුනා.හැබැයි සල්ලි නෑ.එක ඇදුමක් ටැග් එක කඩලා බෑග් එක ඇතුලට දා ගත්තා හරිම පරිස්සමෙන්.

බිලට ඊයෙ හොයා ගත්ත කූඹි කාසි දහදාහම ගිහින්.පුන්චි දුකක් හිතට ඇවිත් කූඹිච්චි සාප්පුවෙ දොර දිහාට ගියා.

 

බීප්...බීප්...

හොරේ අහුවුන පාටයි..ඒත් කූඹිච්චි ටැග් එක කැඩුවනෙ...

 

කෝකටත් කියලා, කූඹිච්චි පණ එපා කියලා දුවන්න පටන් ගත්තා.හුගක් දුර දුවලා තමයි පස්ස බැලුවෙ.ආරක්ෂකයෙක් එනවද දන්නෙත් නෑනෙ සාප්පුවෙ කෙනෙක්.ඒත් කූඹිච්චිට පෙනුනෙ දුමක් විතරයි.මහා දුමාරයක්.කොහොමටත් තමන් බේරුනානෙ කියලා කූඹිච්චිට හිතුනා.වුනේ මොකක්ද කියලා බලන්නෙ නැතුව කූඹි ගුලටම දිව්වා. 

 

.....................

"මේ කූඹි වාහිනියයි.රාත්‍රී අට පුවත් ප්‍රකාශය..මම ලිලී කූඹිච්චි

අද උදෑසන සිදුවු කූඹි නාශක ප්‍රහාරයකින් 'බජට් ෆ්‍රොක්ස්'ආයතනය සම්පූර්ණයෙන් විනාසයි.ආරක්ෂක සෙබලා පමණක් නිරුපද්‍රිතය.එම අවස්ථාවේදී ඔහු ඇදුම් සොරකම් කර පලායන කූඹිච්චියක් පසුපස හබායමින් සිට ඇත.

 

මෙය සදහා සැකකාර කාන්තාව වන ගෙදර අයිතිකාර නෝනා ලබන විසිපස් වන දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කූඹි උසාවිය නියෝග කරයි.

මෙවැනි ක්‍රියාත්මක කල නොහැකි තීන්දු ලබාදීම පිලිබද අපි කූඹි උසාවියට අපේ අමනාපය පල කර සිටිමු.

ඊයේ සවස ගෙදර නෝනා මහත්මියට වැටුප් ලැබී තිබේ.මෙය නියමිත දිනට පෙර සිදුවූ ගෙවීමක් නිසා  නිසා ඔබට අනතුරු ඇගවිය  නොහැකි විය."

.............................




14 comments:

  1. 'කූඹිච්චි සෑහෙන්න කලුයි.තෙල් කූඹි,දිමි එහෙම හරි පාටට පෙනුමට හිටිනිසා ඒවගේ වෙන්න හිතාගෙන කූබිච්චි ෆෙයානස් ක්‍රීම් පාවිච්චි කරනවා.' හී හී..මේ ටික නියමයි,අපුරු කතාව! :)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉතින් සුදු වෙන්න ඕන දෙයක් කරනවනේ...:)

      Delete
  2. මාරයා මල්ලි කියපු නිසා ආවේ....

    ReplyDelete
    Replies
    1. මාරයාට ස්තුති කරන්න ඕනෙ ඔයාට එන්න කියපු එකට...ඉතින් මගේ ලියවිලි හොද නම් හැමදාම එන්න.

      Delete
  3. niyamai cartoon eka baluwata passe adai kubichchi gana ahuwe.

    ReplyDelete
  4. like :) mamath maraya ayya kiyapu nisa awe :D

    ReplyDelete
  5. අපුරුයි සහොදරි..
    ගෑනු හිත ගැන ලස්සනට ලියල තියෙන්නෙ..
    අරපරිස්සම, අසාවන්, විලාසිතා, වැරදක් කලාම ඇතිවෙන බය,ඒ හැම එකක්ම ගැහැනියකට පොදුයිනෙ..
    හරිම ලස්සනයි
    ඔබේ බ්ලොග් පිටුවට හැමදාමත් එනවා..
    හැම කතාවකම නොකියපු අපුරු කතාවක් තියෙනවා..
    (දවසක ලියන්නම් මට හිතෙන හැටිත්)
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිලූ

      Delete
  6. පැනි බෝතලයක් රැ 400ක් වෙන රටේ පැනි බින්දුවෙන් ඇත්තටම ගොඩාක් සල්ලි හම්බ කරගන්න ඇති.

    මරු කතාව. අදයි මේ පැත්තට ආවේ. නියමෙට ලියනවා. සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...:)ඒත් කූඹිනට මේ කාලෙ සාගත කාලේ ..ඒකයි පැනෛ මෙච්චර ගනන්...

      Delete
  7. ඔයා කතා ලියන විදිය, හිතන විදිය හරිම ලස්සනයි නංගි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා...

      Delete