සැක තියෙන්නේ හිතේය.සැක උපද්දන්නේ හිතය.
අරුමය තියෙන්නේ හිත්නැති මිනිසුන් තුලද සැක තිබීමයි.
සැක ඉපද වන්නට පමණක් ඔවුන්ට සිත් ලැබී තිබේ.ඉසුරි උපන්නේ එවන් හිතක් නැති නමුත් හිතේ සැක ඇති අත්තම්මා කෙනෙකුගේ දියණියකගේ කුසිනි.
ආත්තම්මාට වඩා තාත්තා ඉසුරිට ලෙන්ගතුය.අම්මා වඩාගෙන් නොඉන්නා ඉසුරි හැම හැන්දෑවකම තාත්තා විසින් වඩා ගනී.
නින්ද යනකල් පිට කස්න්නේද ඔලුව අතගාන්නේද තාත්තාය.අම්මාට ඕවාට වෙලාවක් නැතිය.ඒ අම්මලා බොහොමයකගේ හැටිය.
අම්මලා කරන රැකියාවම කරන තාත්තලාට ඕවාට වෙලාවක් ඇත.
පුන්චි දවස් වල ඉදන්ම දෙපතුල් බිමගෑවෙන තෙක් ඉසුරි උන්නේ තාත්තාගේ අතේය.වඩාගෙන උන්නත් කකුල් බිම ගෑවෙන්නට පටන් ගත්දාය තාත්තා ඉසුරිව බිමින් තියුවේ.
ආත්තම්මාගේ හිතේ තිබුනේ සැකේය.
ඒත් අත්තම්මාට හිතක් තිබුනේ නැත.නමුත් පපුවක් තිබින.ආත්තම්මා හිතුවේ මිනිබිරීට ඇත්තේද පපුවක් පමණක්ය කියලාය.නමුත් අවේලාවට හෝ වෙලාවට ඈට හිතක් තිබින.
තාත්තාටද හිතක් තිබින.
"මේ ගෑනු දරුවා දැන් ලොකුයිනෙ.තාත්තගෙ තුරුල්ලෙ නිදියන්න යවන්නෙ."ආත්තම්මා අරෝවට එන්නේ එහෙමය.
අම්මා මුලින් ගනන් නොගෙන හිටියත් පසුව අම්මාගේ හිතට අදහස කාවද්දන්නට අත්තම්මාට හැකි විය.ඉසුරිව තුරුල් කොට නිදන්නට අම්මා පෙලඹුනේ එහෙමය.
තාත්තාට අඩුව දැනෙන්නට පටන් ගත්තේය...දූව හොරා ගත්තාක් මෙන් විය.
"දරුවා ඇයි දැන් මගේ ලගට එන්නෙ නැත්තෙ?"
තාත්තාගේ ප්රශ්න වටය පටන් ගත්තේ එහෙමය.
කතන්දර දුර දිග ගියේ අම්මා ගේත් තාත්තාගේත් අතර අරගල ඇරඹිනිය.
ආත්තම්මා අතපොවන්නට නාවේ සැකක් තිබුනාට හිතන් නැති හින්දාය.
තාත්තා අම්මා දමාගියේ,ඉසුරිත් හිත්නැති අත්තම්මාත්,අම්මාත් තනිවිය.
සැක කරන්නට ඇවසි දේ ඇත.ඇවසි නැති දේද ඇත.
සැක නොකල යුතු දෑ සැක කරන්නට ගිය විට
හිත් රිදේ...බිදේ...සමහර විටක බිදී විසිරේ...
මේ පේන විදිහට නම් ගොඩක් අයට ලොකු වෙනකොට හිත නැතුව පපුව විතරක් ඉතිරි වෙනවා සිකුරුය..
ReplyDeleteඑහෙම වුන අය මම දැක ඇත්තෙමිය...
Deleteඇත්ත කතාව අක්කි..සැකය නිසා අන්තිමට ඔක්කොම දෙවල් නැති වෙන්න පුළුවන් අපි ගාව තියන..
ReplyDeleteහැමදේම සැක කරන්නෙ හිතක් නැති අය,,,,
Deleteමෙකනම් ඇත්ත කතාවක්,සැකය නිසා ගොඩක් දෙවල් නැතිවෙනව, බොහොවිට ආදරය පවා....
ReplyDelete