මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, July 9, 2012

අලුත් දෝණිට...

අලුත් දුවෙක් ඊයෙ ආව මගේ ලෝකෙට....

මට දැන් වයසයි...

හුගක් නැතුවට ටිකක්....

අලුත් දෝනිය හරියටම ජීවිතේ හරි මැද....

 

එයා දන්නෑ ජීවෙතේ තාම හරියට...

මටත් මතකයි මමත් ඔහොමයි...

අවුරුදු විස්සකට එපිටදි....

 

රෝස මල් උඩ ඇවිදගෙන ගිය...

කාලයක් තිබුනා මටත්...

දයාවෙන් පිරි ඔහුගෙ ඇස් වල,

ආදරේ දැක්කා මමත්...

 

කුරුලු ගී හඩ ඇසුන ඇළ බඩ

නගින අදුරෙහි හුදකලාවෙහි

ඔහුගෙ තුරුලෙහි සැනහෙමින් හිද

පෙමින් දින ගෙවුවා මමත්...

 

නවුමු නිවසක සුවද වින්දෙමි...

කිරි සිනා හඩ තුටින් ඇසුවමි...

කදුළු වල  රැදි රසය වින්දෙමි....

ජීවිතය මෙය යයි හැදින්නෙමි....

 

ඉතින් මා නොතැවෙනිමි...

එදා මෙන් බොළද ලෙස….

දිවිය අතැඹුලක් සේ 

දැන හැදින හිදින්නෙමි...

 

තවත් ටික දුරයි මට...

මග බොහෝ දිගයි ඇගෙ...

දෝණියේ හරි සෙමෙන්...

සුමුදු පා ඔසවන්න...

 

(අම්මා කිලෝමීටර සියයකට වඩා දුරින් ඉන්නා කලක අම්මාගේ අඩුව මකන්නට තැත් දරමින් දුන් උපදෙස් වලට උපහාරයක් කොට....)


13 comments:

  1. ලස්සනයි කවි සිතුවිලි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිශාන්... :)

      Delete
  2. ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි....:)

      Delete
  3. මේ කවි ටික නම් හරිම අපූරුයි දසුනි. චූටි දුවෙකුගේ තාත්තෙක් මමත්. නිතරම මගේ බිරිද කියන වචන වැල් හරියටම මේ කවි වගේ. ස්තුතියි ඔයට ජය...!

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඒක අහන්න ලැබුනට...සමහර වචන අපිට කවි වගේ ඇහෙනවා තමයි...:)

      Delete
  4. මම හිතුවේ දසු අම්මෙක් වෙලාදෝ කියලා ... :)

    ReplyDelete
    Replies
    1. දැන්ම නම් නෑ නිම්ශා...තව අවුරුදු දෙකකින් විතර...:)

      Delete
  5. මටත් දැනෙන
    මමත් විදින
    හිතට වදින
    කවී පබැදුම

    ReplyDelete
    Replies
    1. ලස්සන යි
      ස්තුතියි...:)

      Delete
  6. ලස්සනයි
    බොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි...:)

      Delete