අඟනකට පෙම් කරමි
ඔව්.. හැමෝම දන්න විදිහට මම ගැහැනියක්.මම කසාද බැදලා ඉන්න ඕනෙ.අවුරුදු තිස්පහක් වෙනකොට දරුවොත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඕනෙ.උන් එකෙක් විතර ඉස්කෝලෙ යන්නත් ඕනෙ.
මම කසාද බැදලා.ඔව් හිතින් මම කසාද බැදලා.කසාද බදින්න ඕනෙ හිතින් මිසක් පොතෙන් නෙමෙයි.හුගක් අය කසාද බදින්නේ.පොතෙන් විතරක්ම බෑ.තව පෑනකුත් ඕනෙ වෙනවා.පෑනෙන් කොලේ අත්සන් කරන කල් අනිත් කෙනා බලාගෙන ඉන්නවා.විස්වාස නෑ.ඒකනේ ඔය මගුල් පින්තූර වල තියෙන්නෙ.
පිරිමියා ගැහැනිය පොතේ අත්සන් කරනකල් බලාගෙන ඉන්නවා.වෙන මොකටද? අයිතිවෙනකල්.සින්නක්කරේට ලියවෙනකල්.ඒත් මගේ හිතේ තියෙන කසාදෙ එහෙම නෑ.ඒ කසාදෙ තියෙන්නෙ හිතේ විතරයි.පොතේ නෑ.පොතේ ලියන්න කියුවොත් අපි දෙන්නම අල්ලලා දාවි යකඩ පොලු අස්සට .
මට එහෙම යන්න ඕනෙ නෑ.මට වැඩිය මගේ හුරතලීව පොලු අස්සට හෙනියන්න උවමනාවක් නෑ.ඒකි හරිම හුරතලයක් තමයි.ඔව් මම ගෑනියෙක්ව කසාද බැදලා.මට ගෑනියෙක් ඉන්නවා.
දැන් ගල් ගහන්නද ලෑස්ති වෙන්නේ?ඔව් ගල් අහුලන්න පටන් ගන්න.පලවෙනි ගල ගහන්න.දෙවනි ගලත් ගහන්න.මාව මැරෙනකල් ගල් ගහන්න.ඒත් මැරුනට පස්සෙ අන්තිම ගල අතට අරන් හිතන්න.
උඹලා ඔය ගෙවන ජීවිත සතුටෙන්ද ගත වෙන්නෙ?ඔව්ද?තට්ටු කරන්න හිතට...තට්ටු කරලා අහන්න.
අපි හරිම සතුටෙන් ජීවත් වෙනවා.අපිට අපි තේරෙනවා.හොදටම.ගෑනියෙකුට ගෑනියෙක් තේරෙනවා තරම් පිරිමියෙකුට ගෑනියක් තේරෙන්නෙ නැහැ.මම දන්නවා ඒකිගෙ හිතේ ලියවෙන දේවල්.අකුරක් අකුරක් ගානෙ.මම මාසෙ පඩි ගත්තම සාප්පු යන්න ආසයි.ලස්සන ඇදුම් ආයිත්තම් ගන්න ආසයි.ඒවා පිරිමියෙකුට තේරෙන්නෙ නෑ.
ගෑනියෙක් හිතන්නෙ මොනවද?මිනිස්සු හිතනවා තමන්ට තුන්වේල උයලා කන්න දෙන්න ඕනෙ කියලා.ඒත් ඇත්තටම එහෙම නෑ.මට තේරෙනවා ඒකිගෙ සියුමැලි කම.වේලක් කඩෙන් කෑවා කියලා මම මැරෙන්නෙ නෑ.වලන් පිගන් හෝදලා රෑට අත්වල ක්‍රීම් ගාන වෙලාවට පිස්සු වැඩ කියලා හිතෙන්නෙ නෑ.ඒතමයි ගෑනු කම.පිරිමින්ට නොතේරෙන.
අපි අපිට සතුටු විදිහට ජීවත් වෙනවා.පින්තූර බලන්න යනවා.දරුවො???අපිට එහෙම අය නෑ.දරුවො රක්ෂා කරලා ඵලක් නෑ.කොහොමත් ජීවිතේ අන්තිමට වයසක ජෝඩුව තනි වෙනවා.ඒ ජීවිතේ හැටි.
උඹලට ජීවිතේ තේරෙන්නෙ නෑ මිනිස්සුනේ.ගෑනු මිනිස්සු එකතු වෙලා ඉවරයක් නැතුව මකුළුවෝ දැල් ගොතනවා වගේ ජීවිතේ ගොතනවා.කාගෙ හරි කොහුපාරකින් ගැලවිලා වීසිවෙලා යනවා.ඒත් මගේ කුටුම්බය කඩන්න බෑ.අපි හරිම සතුටින්.
අපිට අයාලේ යන්න බෑ.සමාජය අපිට ගරහනවා.මිනිස්සු අපිට ගරහන තරමට අපි එකතු වෙනවා.බැදෙනවා.දෙන්නට දෙන්න නැතුව ඉන්න බැරිවෙනවා.මිනිහා දාලා ගියපු ගෑනියෙකුට මිනිහෙක් හොයාගන්න පුලුවන් ඒත් මට මේකි දාලා ගිහින් තව ගෑනියෙක් එක්ක ඉන්න බෑ.එකක් ගෑනියෙක් හොයා ගන්න බෑ.අනික හිත දෙන්නෙ නෑ.
මගේ ජීවිතෙන් මම සතුටුයි.අපි පාරෙ අත් අල්ලන් යන්නෙ නෑ.ඒත් හරිම තදින් හිතෙන් අල්ලගෙන යනවා.කේන්දර බැලුවෙ නෑ.ඒත් ගැලපෙනවා ඇති.නොගැලපෙන්න හේතුවක් නෑ.අපේ හිත් ගැලපෙනවා.
උඹලා දන්නෙ නැති වුනාට ගෑණියෙකුට පුලුවන් තව ගෑනියෙකුට ආදරේ කරන්න.ඒකිගෙ අම්මලා කියුවෙ කොල්ලෙක් එක්ක පැනලා යනවා නම් හිත හදාගන්න පුලුවන් කියලා.ඒත් මම ඒ අම්මලාටත් සලකනවා.මගේ අම්මලට වගේම.
මම බ්‍රෝකර් ගෑනියෙක් තමයි.ඒකි සියුමැලි කෙල්ලෙක් බවත් හැබැයි.ඒත් අපි අපිට ආදරේ කරනවා.ඔක්කොම ගල් වලින් ගහලා ඉවර වෙලා අන්තිමට හරි හිතන්න....
ගෑනියෙක් තව ගෑනියෙකුට ආදරේ කරන එක පවක්ද?
හිත ඇතුලේ මෝදුවෙන හීං ලෙංගතුකමට
ReplyDeleteඅපි මොකටද ගෑණු පිරිමි බව හොයන්නෙ..
උන්ට හොඳින් ඉන්ට ඇහැකි නම්
අනේ අපේ මොකෝ..
එහෙම හැමෝම හිතන්නෙ නෑනෙ රූ...ඒකනෙ ප්‍රශ්නෙ...
Deleteසම ලිංගික සම්බන්ධතාවයක දෙපාර්ශවයෙන් වඩා dominant පාර්ශවයේ කෙනෙක් ගේ සියුම් සිතිවිලි... ඉතා කදිමයි.. !!!
ReplyDeleteබොහොම ස්තුතියි....සම්පත්:)
Deleteහොද ලිපියක්
ReplyDeleteබොහොම ස්තුතියි....
Deleteපහුගිය දවසක පත්තරේ තිබුන නිවුස් එකක් මතක් වුනා...
ReplyDeleteඅනේ මන්දා...එයාලා ඔහොම කලාම අපිට මොකද (වෙන්නෙ) :D
අපිට නම් මුකුත් වෙන්නෙ නෑ ඉතින්...ඒත් මිනිස්සු බහුතරය අකමැතියි නෙ...
Deleteලකීට ප්‍රශ්නයක් වගේ..:P
Deleteකට වහගෙන හිටු...මම කිව්ව එක දසුනිට තේරිලා නැහැ :D
Deleteහ්ම්ම්....තාම තේරුනේ නෑ...:-/
Deleteඇයි ඉතිං ලකී මං දැක්කා මේ බ්ලොග් එකේම තව ලිපියකට කියලා තිබුනා හොඳ වැඩේ ඔහොමමයි වෙන්න ඕනෑ කියලා. ඉතිං දැන් වෙලා තියෙන්නේ ඒකේ ඊ ගාව ඵලය නෙමෙයිද? :D :D :D
Deleteඅන්න ..දසුනිට නොතේරුන කොමෙන්ට් එක රන්දිල්ට තේරිලා :D
Delete"ගෑනියෙකුට ගෑනියෙක් තේරෙනවා තරම් පිරිමියෙකුට ගෑනියක් තේරෙන්නෙ නැහැ.මම දන්නවා ඒකිගෙ හිතේ ලියවෙන දේවල්.අකුරක් අකුරක් ගානෙ.මම මාසෙ පඩි ගත්තම සාප්පු යන්න ආසයි.ලස්සන ඇදුම් ආයිත්තම් ගන්න ආසයි.ඒවා පිරිමියෙකුට තේරෙන්නෙ නෑ."
ReplyDeleteඒ කෑල්ලනං ඇත්තම වෙන්න ඇති කියලා හිතුනා...
ඔව් ඔව් ඒ කෑල්ල නම් ඇත්තම ඇත්ත;)
Deleteclassic
ReplyDeleteThank you:)
Deleteමාරයි ආහ්! ඔයාට කොහොමද අක්කි මේවා ලියවෙන්නේ? සුපිරියි! ඇත්තටම ඒ කෙනාට හොඳනම් අපි මොකද විරුද්ධ වෙන්නෙ..ඕන කෙනෙක්ට තමන්ගෙ ජිවිතේ ගැන ඕන තීරණයක් ගන්න අයිතිය තියනවා..
ReplyDeleteමට නිකන් හිතුනා නoගි....බොහොම ස්තුතියි...:)
Deleteවටින අදහසක්....දෙන්නෙක්ගෙ කැමැත්තට අනික් අය මොනවටද නිති-රීති දාන්නේ එ දෙන්නට දෙන්නා ගෙ අදහස් ගැලපෙන හින්දනේ ඒ දෙන්නා කැමති අනික් අයට තියෙන ප්රශ්නය මොකක්ද? අනික මම නම් හිතන්නේ සෑම පුද්ගලයකුටම(ගැහැනු/පිරිමි) තමන් කැමති කෙනෙක් කසාඳ බදින්න, කැමති කෑම, නිදහසේ ජිවත් වෙන්න,කැමති රක්ෂාවක් කරන්න නිදහස තියෙන්න ඔනේ(එහෙනම් ලෝකයේ දැනට සිද්ධවන අපරාධ,යුද්ධ 90% විතර අඩුවෙනව), අනිත් අය එවට බාදාකරන්න නරකයි, තම,තමන්ගෙ පුද්ගලික නිදහස උපරිමයෙන් බුක්ති විඳින්න තියෙන්න ඔන්නේ
ReplyDeleteඔබට එකගයි
Deleteෆ්‍රීඩම් නේද? ෆ්‍රීඩම් නැති තැන තියෙන්නෙ දුක විතරමද?
ReplyDeleteනිදහස නැත්තං අපි ඉන්නෙ දුකෙන් අපි ඉන්නෙ වේදනාවෙන්...
සැබෑව ඒකමද?
ගෑනියෙක් කසාද නොබැඳ ඉන්න තීරණය කරනවා..මේ ගෑනි ගෙදර තනියම ඉන්න දවසක හොරෙක් පැනල අර ගෑනිව දූෂණය කරනවා..එදා ඉඳල මේ ගෑනි හැමදාම ජනේලෙ ඇරල තියෙනවා...ඒත් කවදාවත් හොරා එන්නෙ නෑ... පස්සෙ එයා හොරා වෙනුවට වෙන මිනිහෙක් හොයා ගෙන එකතු වෙනවා...
ඉතිං අර ෆිල්ම් වල වගේ කතා වල වගේ හැම තනියෙං ඉන්න කෙල්ලෙක්ගෙ කාමරේටම හොරු පනින්නෙ නෑ...බලෙන් එයාලට මෙව්ව කරන්න තරං එයාල සමහර විට ලස්සනත් නෑ..එතකොට එයාලා වෙන විදියට අත්පුඩි ගහනව ඇති...
ඒත් ඒ අයට අර වෙනස් ආතල් එක ඒ කිව්වෙ පිරිමියාගෙං බැනුං ඇහුවම තියෙන ආතල් එක...හැමදේම හොයන ආතල් එක හමුවෙලා නැතුව ඇති...
ෆ්‍රීඩම් නැත්ත නිදහස කියන්නෙ පච සංකල්පයක්...තොට ඕනි නං ඉගනගනිය..නැත්තං හිටපිය..ඒක තොගෙ නිදහස කියල දෙමාපියො ගුරුවරු අපි අත ඇරල අකුරු වරද්දනකොට සැර කලේ නැත්තං අපි අද කොහේද??
freedom එක ගැන නෙමෙයි සම්මතය ගැනයි කතා කරන්න ඕනවුනේ.සම්මතය කියන්නෙ අපි හදා ගත්ත රාමුවක්...අසම්මතය කියලා දැනට සලකන දේත් කාලෙකදි සම්මතයක් වෙන්න පුලුවන්.ඉස්සර පොතේ අත්සන් කරල බැන්දෙ නෑ.ඒක ලැජ්ජාවක්.දෙන්නට දෙන්නා අතරෙ විශ්වාසය නැති වීමක්.ඒත් දැන් පොතේ අත්සන් නොකර බදින්නෙ නෑ.ඒක ලජ්ජාවට කරුණක්.එහෙමයි සම්මතය වෙනස්වෙනවා කාලෙත් එක්ක.
Deleteසම්මතයන් සාපේක්ශයි! අද අසම්මත දේ හෙට සම්මතයි වෙන්න පුලුවන්!
Deleteමානුශිය කතනයක්..
ReplyDeleteමන් වෙනස් වෙනවට ලොකෙ කැමතිනැ...
ලොකේ වෙනස් වෙනවට මන් කැමතිනැ,
එත්කොට මමද, ලොකෙද වෙනස් වෙන්න ඔනා..?
-නිලූ-