මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, July 11, 2012

හර්ද සoවාද - 2(පෙම්වතාගේ මගුල් පින්තූර)

  1. දුක හිතුනද?

    නෑ


  2. ඇයි ?

    ඒ එයා නෙමෙයි


  3. එහෙනම්?

    ඒ වෙන කව්ද...


  4. වෙන කව්ද?

    හ්ම්ම්..වෙන කව්ද


  5. ඇයි?

    වෙනස්...මම ආදරේ කල කෙනා නෙමයි


  6. ඉරිසියා හිතුනද?

    දුක හිතුනා


  7. ඇයි?

    ගෑනු ළමයා ගැන


  8. ඇයි?

    අතින් අල්ලන් හිටි විදිය වෙනස්..හරි පරීස්සමින්...මගේ අතින් අල්ලපු විදිය වෙනස්...


  9. කොහොමද?

    රළු බවට මිශ්‍රිත ආදරෙන්


  10. තව?

    මම වගේ නොවෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ එයාට


  11. එහෙනම් කසාද බැන්දෙ?

    කසාද බදින්නෙ ආදරේ කරන්නම නෙමෙයි.කසාද බැන්දා කියලා ආදරේ කරන්නෙ නෑ


  12. කොහොමද කියන්නෙ?

    උත්තරේ දන්නවා කියන්න අකමැතියි


  13. මගුල් පින්තූර ලස්සනයිද?

    ඒකෙ තිබුනෙ රෝසමල් වගේ හදපු නෙලුම් මල්.අපේ කසාදෙ ඇත්තම රෝසමල්.නෙලුම් මල් නෙලුම් මල් විදියට සිටිය යුතුයි.රෝස මල් නොවිය යුතුයි.


  14. ඊට පස්සෙ?

    පින්තූර දාලා තිබුනා.ගෑනු ළමයා, මගේ ආදරවන්තයගෙ පුන්චි කාලෙ.හරි හුරුබුහුටි කොලු පැටියෙක් ඒ කාලෙ.


  15. පින්තූරවල විශේෂත්වය?

    පින්තූර මුලින් ලැබුනෙ මට.ඒ වගේම මුලින් හුගක් දේවල් ලැබුනෙ...මුලින් ලැබෙන දේවල් වටිනවා..ඕනෑම දෙයක පලමු අවස්ථාව මතක තිබෙනවා.ජීවිත කාලය පුරාවටම...


  16. ආදරය?

    අපේ සම්බන්ධය අවසානයි කියලා අවසාන කල නොහැකි දෙයක්.හිත් සමග කරන ගනුදෙනු ජීවිතකාලය පුරාම පවතිනවා.ශරීරය සමග කරන ගනුදෙනු වෙනස්.විවාහය යනු ශරීරය සමග පමණක් කරන ගනුදෙනුවක් විය හැකියි.


  17. තාමත්?

    දැන් නෑ කියලා ලියන්න.

 



14 comments:

  1. මාරයි. සංවේදියි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :)

      Delete
  2. හ්ම්...... හදවතට දැනෙන්න ලියපු එකක්

    ReplyDelete
  3. :)හරිම සංවේදියි යාළු..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිරූ

      Delete
  4. තේරැන් නැ

    ReplyDelete
    Replies
    1. මේකනම් හරිම සරලයි...තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන...:)

      Delete
  5. ලොකු කතාවක් ඒ වචනවලින් කියවුණා... හදවතට ගොඩක් දැනුනා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.හිත කතා කරන්න ගත්තාම හරි කරදරයි...:)

      Delete
  6. බොහොම ලස්සනයි දසුනි...මාරම ලස්සනයි හැබැවට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රතී:)

      Delete