මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, July 25, 2012

"වෙන්න" සින්දුවේ අයිතිකාර මහතා,දුෂ්‍යන්ත වීරමන් සහ ලoකාවේ සoගීතය කොයිබටද?

මේ මාතෘකාව යටතේ ලිපියක් ලියන්නට හිතුනේ ඇත්තටම හිතේ ඇතිවුන කලකිරීමක් නිසා.කලකිරීම ඇති වෙන්න හේතුව වුනේ හිරු ටී.වී එකේ විකාශය වෙන "copy chat" වැඩසටහන.තව දෙයක්,මම හිරු ටී.වී එක නොබලන හිරු ටී.වී හරසුන් නාලිකාවක් කියන කෙනෙක් නෙමෙයි.ඒවගේම මේ සිද්ධ වෙන්නෙ පෞද්ගලික මඩ ප්‍රචාරයකුත් නෙමෙයි.


මම පහුගිය සතියෙ copy chat වැඩසටහන බලන්න ඉදගත්තා.ඇත්තටම මේ වගේ වැඩසටහන් හිතේ තියෙන මහන්සිය තුරන් කරලා හිතට සැහැල්ලුවක් ගේනවා.එදා වැඩසටහනට නිරෝශා පෙරේරා,රොනී ලීච්,සුරoගි.දුෂ්‍යන්ත වීරමන් ,වෙන්න සින්දුව කියන මහත්මයා (ඇත්තටම මම මේ මහත්මයාගේ නම දන්නෙ නැහැ.) සහ ඕෂදී හේවාමද්දුම  සහබාගී වුනා.


හිත සැහැල්ලු කරන කතන්දර ඇහුනා.නිරෝශාගේ සුපුරුදු කටකාර කමත් ඕෂධීගේ සිනාවත් වැඩසටහනට කල එලියක් ගෙනාවා.


මේ වැඩසටහනේ ප්‍රධානම අoගයක් තමයි ගීත ගායනය.ප්‍රේක්ශකයන් නියම කරන අoකයේ සදහන් ගීතය ගයන්නට සහබාගී වන කලාකරුවන්ට සිද්ධ වෙනවා.


රොනී ලීච් ,ඕෂධී හේවාමද්දුම ,සුරoගි ලස්සනට ගීත ගායනා කලා.ඇත්තටම ඔවුන් ගීත දැනගෙන හිටියා.


දුෂ්‍යන්ත වීරමන් මහත්මයා කියුවා ඔහු මෙවැනි දෙයක් වැඩසටහන සම්බන්ධව දැන නොසිටි බව.තමන්ගේ සින්දු නම් කියන්නට පුලුවන් බව ඔහු පවසා සිටියා.


ඉතින් මේ ඔහුට බනින්නට ලැහැස්ති වෙනවා නෙමයි.අනික ඔහු මා විසින් අප්‍රිය කරන ගායකයෙකුත් නෙමෙයි.නමුත් මේ කියන්නට උත්සාහ කරන්නේ ඔහු අනිත් ගායකයන්ගේ ප්‍රසිද්ධ සින්දු නොදන්නා බවයි.

 

 කලාකරුවෙක් සමස්ථයක් ලෙස තමන් අවට තිබෙනා කලාවෙන් ආභාශයක් ගත යුතුයි.සහෝදර ගායක ගායිකාවන්ගේ ගීතයක් වත් නොදැනතමන් යන්නේ කොයිබටදැයි ඔවුන් දන්නවාද?මාධ්‍ය විසින් පුම්බා තබන මේ ගායකයින් කලාකරුවන් යැයි ඇත්තටම සැලකෙනවාද?

 

"වෙන්න" නම් සින්දුව ගයන ගායක මහත්මයා දැන සිටියා තමාගේ සින්දුවට කුමන ආකාරයක ප්‍රතිචාරයක් ලැබෙයිද කියා.එම නිසා ඔහු කියුවා."මේ සින්දුව ඇහුවොත් නම් ඔයාලා මාව එලෙවයි "කියලා.

එම සින්දුව සමන්විත වුනේ මේ වගේ පදවැලකින්...


"වෙන්න කකුලට වෙන්න...
වෙන්න ඔලුවට වෙන්න...
වෙන්න ඇගටම වෙන්න..."

 

 මෙය නව සන්කල්පයකින් නිර්මාණය වුනු ගීතයක් බවත් ඇහුවම "මේ මොන පිස්සු සින්දුවක් දැයි හිතෙන්නට පුලුවන් යැයි..."ද ඔහු කියුවා.

 

 ඇත්තටම මට එහෙම හිතුනා.ඒ අතින් ඔහු සාර්ථකයි.

 

 ඒත් ඇත්තටම අපේ කලාව කොයිබටද?

 

(මේ කුඩා අදහසක් පමණයි.සoවාදයට විවෘතයි )

 

 

 

22 comments:

  1. Even I happened to watch this program Dasuni, with my wife. Both me and my wife felt the same when we heard this song (don't know whether you can call it a song). We had just watched the legendary Victor Ratnayake's "SA" last week, and we just thought if it's so disgusting for us, what those great artists will feel if they hear these. Terrible!!!

    About Dushshanth, you just can't call him a singer, he is just marketed with his brother's brand name, and thanks to those performances of Michael Jackson. HE might be a good dancer, so would have been better off for both him and and the society had he practiced what he knew.

    ReplyDelete
    Replies
    1. Good to know that there is at least two people who have felt the same...:)
      I felt so bad about the sri lankan music after listening to this song.After all these good old singers we will be left with nothing.Actually I remember Nirosha appreciating this song.
      Dushyanth yes he is marketed with his brothers brand name and he is a good dancer.still he should know about srilankan music.
      Thanks for your comment

      Delete
  2. looking to da publicity dat lahiru's songs like ratakaju and rambari has got we gt nthn much to say! they are gd melodies no doubt..but the lyrics are shit.at least the previous line dsnt match with da nxt!but still ppl lv them..
    අර්ථ රසයට වඩා ශබ්ධ රසයට තැන දීම තමයි මූලිකම හේතුව!

    ReplyDelete
    Replies
    1. I feel that this song is worse than Lahiru's songs....In those there is a link between two words in a single line but in this "Venna" song there is nothing like that.
      Thanks for the comment Sabith

      Delete
  3. අලුත් අලුත් දෑ නොතකන ජාතිය අර මොකක්ද එකක් කියනවනේ

    ReplyDelete
    Replies
    1. ඒක බොරු කියන්නෙ නෑ.බාතියලගෙ සන්තුෂ්ලගෙ සින්දු වල තේරුමක් තිබුනා.මේවා සින්දු නෙමෙයි.තාලයකට අනුව කරන කෑ ගැසීම්...:)

      Delete
  4. අනේ මන්දා දසුනි අපි හැමෝම අතීත රාමුවෙන් මිදිලා වත්මන් කලා කරුවන් අගය කරන්න කවදා හැඩ ගැසෙයිද කියලා..

    අපි අතීතයේ හිටිය කලා කරුවන් මැනපු මිම්මෙන්ම දැන් කලා කරුවන් මනින්න ගිහාම මේ මානයන් එකිනෙක පැටලෙනවා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රූ මම කියන්නෙ කලාකාරයෙක් කියන්නෙ මුලින්ම පොලවෙ පය ගහලා ජීවත්වෙන මනුස්සයෙක් විය යුතුයි.තමන්ගෙ සින්දු මිස අනුන්ගෙ සින්දු දන්නෙ නෑ කියුවම ඒ නියම කලා කාරයෙක්ද?

      Delete
    2. අනිත් අයගෙ සින්දු දන්නැති එක කලාකරුවෙක් මනින මිනුම් දන්ඩක් වෙනවට මම කැමති නෑ..හැබැයි අපි මතක තියාගන්න ඕන හැම කලා කරුවම නිහතමානී නැති බව..

      අපි දෙන්න වෙනස් අදහස් දැරුවට තරහා වෙන්නැති නිසායි පිළිතුර ලියන්න හිතුවෙ..

      Delete
    3. අපෝ තරහ වෙන්නෙ මොකටද?වෙනස් අදහස් තියෙන මිනිස්සු නිසා තමයි ලෝකෙ ලස්සන වෙන්නෙ.:)

      Delete
  5. වෙන්න සින්දුවෙ ආයෙ ආයෙ අහන්න තරම්නං දෙයක් නෑ මට. ඒ වුණාට ඒකෙ වචනවල ගතියක් තියෙනව. වෙන ගායකයන්ගෙ සින්දු නොදැන ඉන්නවාය කියන එකත් එහෙම අවුලක්ද? දුෂ්‍යන්ත් ආභාෂය ගන්නෙ ලංකාවෙන නොවෙන නිසා ඒක නිදහසට කාරණයක් එයාට. පුද්ගලිකව මම ඔහුට කැමතියි. විශේෂයෙන් මම මයිකල් ජැක්සන්ට කැමති නිසා. දුෂ්‍යන්ත්ගෙ නිර්මාණ මදි කියලයි මට හිතෙන්නෙ.

    ලංකාවෙ මියුසික් උස් පහත් වෙමින් යනව නේද? ඒ අතරෙ අපි කවදත් අහන්නෙ සෙට් වෙන සින්දු ටික විතරනේ :-)

    ReplyDelete
    Replies
    1. ඒ අක එක්කෙනා දකින විදිහ ඉතින්.සින්දුව හිට් වෙනවා තමයි.ඒත් ...අනේ මන්දා ඉතින් මට හිතෙන දේ තමයි ඔය ලියුවෙ.අපි එක එක්කෙනා දකින විදිහයි බලන විදිහයි පේන විදිහයි වෙනස් නෙ...

      Delete
    2. ආභාෂය සහ අනුකරණය එකක් නොවෙයි නේද? අලුත් ගායකයො වැඩියෙන් කරන්නෙ අනුකරණයනෙ?

      Delete
  6. ලංකාවේ සංගීත ක්ශේත්‍රයේ හැමදාම ඔය වගේ විවිධ රැලි ආවා.මිනිස්සු බැන්නා.මිනිස්සු කැමති වුනා.. ඒක එහෙමයි..කොහොම වුනත් හරයක් තියෙන නිර්මාණ රැකෙනවා..

    ඔය දුෂ්‍යන්ත් ට මයිකල් ජැක්සන්ගෙන් තොර ලෝකයක් තිබිල නැ නෙ..මිනිහ ගෙන දුකයි.ඇත්තටම දන්නෙ නැතිව ඇති ලංකාවේ ජාතික ගීයවත්....:)

    ReplyDelete
  7. මට මතකයි කුෂාණි සඳරේඛාගෙ "කටකාරනම් " සින්දුව අහපු පලවෙනි දවස. ගායිකාව හරිම ලස්සනට කිව්වා. වචනත් ලස්සනයි. මැද්දට පැන්නා ඉරාජ්. වචන හරියට මතක නෑ. "ඔයා කඩයක් නොවී මෙතනින් යනව නම්. නෑ වාසියක් කිසි හාදුවක් මගෙ පර්ස් එකට විද්ද ඔයා මහ ඇණයක්. මාස දෙකක් තිස්සෙ දැන් මම රිම් එකේ.." ඔන්න දැන් සින්දුවල වචන.

    ReplyDelete
    Replies
    1. දුෂ්‍යන්ත් එදා තව ඔය වගේ සින්දුවක් රැප් කරන්න ගිහින් සින්දුව කෑවා.:)

      Delete
  8. මේක ගීතයක් වෙන්නේ කොහොමද?.අනිත් හැමදේම වගේ ලංකාවේ සංගීතයත් පිරිහිලා.

    ReplyDelete
    Replies
    1. තාම හොද සින්දු කියන අයත් ඉන්නවා හැබැයි

      Delete
  9. හිරු ට්වි නම් බලන්නෙ නෑ,දුශ්‍යන්තගෙ හොද සින්දුත් කිපයක් තියෙන්වා.. එත් ඉතින් ඔය හැම එකක්ම මැද්දෙ ඔය වගේ ගිතත් තියෙන්වානෙ.. එහින්දා තොරා බේරගෙන අහමු.. අද හුගක් ගිත වල තියෙන්නෙ ශබ්ද රසයනෙ, අන්තිමට කියපු මෙලො මගුලක් තෙරෙන්නේ නැ. වර්තමන පරපුරෙන් කිදෙනෙක්ද අර්ථ රසය ගැන හිතන්නෙ.. ?තරුන්‍යයට මන් දොස් කියන්නෙනෑ.එත් පවතින සින්දු කියන්නෙ කීදෙනද? එක ඉතින් රැල්ල කියල අපිට කියන්නත් පුලුවනි. අපෙ අම්මලා අහපු සින්දු අපි තාමත් රස විදිනවා.ඒව පවතින සින්දු.. කටෙ මිමිනෙන සින්දු කියලා අපිට කියන්න පුලුවනි.. එවගේම අර්ත රසයත් තියෙනව.. ව්‍යන්ගය කියන දෙ ගැබ් වෙලා තියෙනව ඒ සින්දු වල.. එහෙම ගීත මැත කාලිනව හුගක් අඩුයි.. කියන්න තියෙන දේ කෙලින්ම කියන ගීතයි බහුතරය.. ශබ්ද රසය වගේම අර්ත රසයත් ඇති නිර්මාණ බිහිවෙන්වානම් හොදයි.. :)
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිලූ මමත් කැමති ව්‍යන්ගය ගැබ් වෙලා තියෙන සින්දු වලට.ඒවගේ ලස්සනක් තියෙනවා.විදින්න පුලුවන් ස්වබාවයක් තියෙනවා.

      Delete
  10. අඩේ ඒකද එතැන වුනේ. ඔන්න බලමු යමක් දකින්න පුළුවන් විදි කියක්ද කියලා. මං ඔය වැඩසටහන මග ඉඳන් බැලුවේ. චැනල් මාරු කරන‍කොට අහුවෙලා‍.

    මං හිතුවේ රංගන දුෂ්‍යන්තට සින්දු කියන්න දෙන්නේ නැහැ කියලානේ. ඇයි එන එන සිංදුව අනිත් අයට බෙදලා දෙනවා. දුෂ්‍යන්ත වකුටු වෙලා අයිනකට වෙලා ඉන්නවා.

    එක අතකට සමහරවිට දුෂ්‍යන්ත සීතල ලෙසින් විරෝධයක් පෑවා වෙන්නත් පුළුවන්. ප්‍රවීණ ජේෂ්ඨ ගායකයින් එයාලාගේ සිංදු කිව්වහම ඒවා මේවා කියනවානේ. දැන් දුෂ්‍යන්ත ඔතැන ඒ සිංදුවක් ලස්සනට කිව්වොත් එයා යන ප්‍රසංගයකදී ප්‍රෙක්ෂකයින් ඒ සිංදුව ඉල්ලන්න ඉඩ තියෙනවා. එතකොට නොකියා බැරි වෙනවා. ඊට පස්සේ ඒ සිංදුව ටික දවසකින් එයාගේ වෙනවා. පස්සේ සිංදුවේ මුල් හිමිකරුවන් හෝ ‍හිමිකරුවා නඩු මගට බහින්න ඉඩ තියෙනවා. ඔය මොකුත් නැහැනේ අනුන්ගේ යැයි සම්මත සිංදු නොගයා හිටියහම......... :)

    ReplyDelete