මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, July 9, 2012

හර්ද සoවාද



  1. මට ඔයාගෙන් අහන්න ප්‍රශ්න තියෙනවා.
     
    මගෙන්?

  2. ඔව්

    අහන්න...

  3. ඔයා බැදලද?

    ඔව්..

  4. කසාද බැදලා ඉන්නෙ?

    මනුස්සයෙක්ව

  5. ඔයා?

    මනුස්සයෙක්….

  6. ඔයා ආදරෙ කරපු කෙනාවද බැන්දෙ?

    නෑ

  7. බැදපු කෙනාට ආදරේ කරනවද?

    ඔව්

  8. එහෙම වෙන්නෙ කොහොමද?

    කසාද බදින්න කලින් සළුපිලි සහිතවත් කසාද බැන්දාට පස්සෙ සළුපිලි රහිතවත් දකින්නට ලැබීම

  9. සිරුර වසා සිටින සළු?

    සිරුර සහ හිත

  10. හිත සහ සිරුර දෙකක්ද?

    හිත් රහිත සිරුරු මා දැක තිබෙනවා

  11. පිරිමියාට වඩා වැදගත් වෙන්නේ?

    සිරුර

  12. ගැහැණියට?

      ආරක්ෂාව

  13. ගැහැනු හරිම කරදරකාරියි?

     පිරිමි හරිම ගුප්තයි.

  14. දරුවන්?

    ජීවිතයේ අවුරුදු විසිපහක් ආයෝජනය කල යුතු ප්‍රතිලාබ නිශ්චිත නැති ආයෝජන මාර්ගයක්

  15. අනියම් සබදතා?
    අනියම් ලෙස ඇරඹෙන සබදතා පසුව නියම සබදතා විය හැකියි.

  16. විවාහය?
    කොලයක අත්සන් කිරීමක්.මරණයෙන් පසු අනික් පාර්ශවයට දේපල උරුම කරදීමක්..

  17. ගැහැනු?

    පිරිමියා වෙනත් ගැහැනියක් දිහා බලනවට අකමැතියි

  18. පිරිමි?
    සස්වාමික ගැහැනිය අන් අතක් බැලූ විගස අන් ගැහැනුන් නෙතින් විදිනවා

  19. එය වරදක්ද?

    හිත මත රදාපවතිනවා.

  20. සාකච්චාව අවසානයි?

    ස්තුතියි.මම ආයෙමත් හිත හදවත තුල සිරකර අගුලු ලා ගත යුතුයි.

මම හිතුවා මගේ බ්ලොග් අඩවිය බස් රේඩියෝවේ තරගාවලියට යොමුකලයුතුයි කියලා....ඔයාලගේ සහයෝගයත් මේ සදහා ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.. :):)


 


5 comments:

  1. මේක නියමයි දසුනි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදීපා :)

      Delete
  2. මම එකග නොවෙමි. ජය...!

    ReplyDelete
    Replies
    1. හැමෝම හැමදේටම එකග වෙන්නෙ නෑනෙ සරත්...:)

      Delete