මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, July 14, 2012

ලිoගිකත්වය ...



 මතක තියාගන්න.මම ලියන්නෙ මට හිතෙන දේ.ඒ ඔයාලට හිතෙන දේ නොවෙන්න පුළුවන්.

අපිට ලිoගිකත්වය කියුවම ඇති වෙන්නෙ මොනවගේ හැගීමක්ද?ඇත්තම කියනවා නම් අපි හුගක් දෙනෙකුගේ හිතට එන්නෙ කතා නොකල යුතු දෙයක් කියලා.ඇත්තටම එහෙමද?

අවoකව හිතන්න ඇත්තම කතාව ඒකද?...ඔව් අපේ රට තුල එහෙමයි.

මම කැමතියි උදාහරණ ඔස්සේ කතා කරන්න.අපි පුන්චි උදාහරණ කීපයක් ගමු.අපි නිවසක් තුල සැමියා හා බිරිද අතර හුවමාරුවන හාදුවකදි වුනත් බලනවා ජනේලෙ ඇරලද එහාගෙදරට පේනවාද යනවග.ඒ ඇවසිතා සපුරලා නැවත පැමිණෙන විට රාගයේ හා ආදරයේ උණුසුම පහව ගොස් අවසන්.

ගැහැණියක් සහ පිරිමියෙක් හාදුවක් දෙනබව වෙන අය දැකීම අවමානයක්ද?ඔව් ධර්මද්වීපය තුල.අපි සදාචාරයක් ඇතුව හැදුනු මිනිස්සු.එහෙම තමයි අපේ හිත්වලට කාවද්දලා තියෙන්නේ.ඒත් මම හිතනවා හාදුවක් හුවමාරු කිරීම හරිම සෞන්දර්යාත්මක විදීමක් කියලා.ඒත් අපේ රටේ ඔය දේ සිද්ධ වෙන්නේ බොහෝ විට යහන මතදි විතරයි.ලිoගික අත් දැකීමකට පෙර.කලබලෙන් හදිසියෙන්.

පෙර දවසක වාහන සෝදන ස්ථානයක (කලුබෝවිල )නැවතී ඉන්න වෙලාවක,අයිති කාරයා කියනවා මෙන්න මෙහෙම "මෙතෙන්ට එනවනෙ මහත්තයෝ වේස ගෑනියක් රෑ තිස්සෙ මෙතන.ප්‍රියස් වගේ වාහන වල ටයි දාගෙන එන මහත්තුරු තමයි ගෑනිව ගෙනියන්න.පුදුමත් හිතෙනවා මහත්තයෝ..."වෙලාව හවස පහට විතර කුඩයක් අරගෙන කළුපාට අපිරිසිදු ඇදුම් ඇදගත් ගෑණියක් එනවා කඩේ ලගට.

"අනේ මගේ කට..කියනකොටම ඔය එන්නෙ."

ගැහැනිය හරිම අපිරිසිදුයි.නාවර බැදුනු මුහුණක් සහිතව.මට පුදුම හිතුනා ඇත්තටම මේ වගේ ගැහැණියක් ගැන ධර්මද්වීපයේ පිරිමින්ගේ හැගීම් අවධිවීම පිලිබදව.

"මේ බස් හෝල්ට් එකක ඉදලා අනිත් එකට යනකොට ගෑනියෙක් යාළු කරගන්න පුළුවන් රටේ මහත්තයෝ...."

වාහන පිරිසිදු කරු ආයෙත් දොඩමළුව.මගේ සැමියා සමග.

මට හිතෙනවා මෙහෙම දෙයක්.ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිලිබදව.හිතනවා එය වැදගත් යයි කියලා.මට තේරෙනවා බුද්ධාගමේ අපේ තුන්වන සිල්පදය කැඩීමක්.ඒත් නීතිගත කලපමණින් එය කැඩෙන්නේ නැහැ.පිරිමි මුදල් ගෙවා ඔවුන් මිලදී ගත යුතුයි.සුරාමේරය ගැනත් සිල්පදයක් තිබෙනවා.ඒත් නීතිගත සුරාසැල් රට පුරා තිබෙනවා.හැමෝම බොන්නෙ නෑනෙ.තේරෙනවා නේද?තුන්වන සිල්පදය පිලිබද කාරනාවත එයම වෙනවා නම් පහසුයි.වටිනාකම් තිබිය යුත්තේ තමන් සතුවයි.තහනම් කරලා නවත්වන්න පොඩි ලමයි නෙමෙයි.

ජර්මනිය වගේ රටවල නීතිගත  ගණිකාවන් සිටිනවා.ඔවුන් ඇත්තටම සිත් අලවන සුලුයි.ලෙඩ රෝග නැති බවට සතියකට වරක් සහතික කරගත යුතුයි.අනවශ්‍ය ගැබ් ගැනීම් නැහැ.දරුවන් නිරපරාදේ උපදින්නේ නැහැ.බිරිදට ලෙඩ බෝවෙන්නේ නැහැ.

එවිට ප්‍රාදේශීය සබාපති වරුන්ට අවුරුදු දහහතරේ දරුවන් දූෂණය කිරීමට ඇවැසි වන්නේ නැහැ.

දැකලා තියෙනවද ඕපා දූප වෙබ් අඩවි වල යට තියෙන අදහස් දැක්වීම්.ඔවුන් ඉතාමත් තදබල මානසික අසහනයකින් සහ ලිoගික පීඩාවකින් පෙලෙනවා.

තහනම් දේට ආකර්ෂණය වැඩියි.මිනිස් ස්වබාවය ඒකයි.


39 comments:

  1. මේ ගැන ඔබට හිතෙන දේ මටත් හිතෙනවා ඒ විදිහටම....

    ReplyDelete
    Replies
    1. එකවගේ අදහස් තියෙන කෙනෙක්.....

      Delete
  2. මීට වඩා පුලුල් පරාසයක කථා කලයුතු මතෘකාවක්...ඔබට තවත් අදහස් දැක්විය හැකියි මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. අදහස් නම් තියෙනවා සම්පත් ඒත් මමත් කොටුවක් ඇතුලෙනෙ ඉන්නෙ....ඒ කොටුවෙන් එලියෙ දේවල් ලියන්න කැමති බෑ...

      Delete
    2. මට හිතෙනදේ මම ලියනවා. මම කොටු වෙලා ඉන්නවා. ඔබ එතැනින්ම පරාදයි. ගැහැණියකගේ/පිරිමියකුගේ ලිංගිකත්වය තියෙන්නේ පෙනුමේ පමණක්ම නොවේ. ලස්සන ගැහැනුන්ට වඩා පිරිමියා පුදුම සහගත ලෙස තෘප්තිමත් කරන අවලස්සන ගැහැණු වැඩියි. ලිංගික ක්‍රියාවේදී හුදෙක් සන්සර්ගයම මදි. තවත් දෑ තිබෙනවා ඒ ක්‍රියාවේ කූටප්‍රාප්තියට (climax)දෙදෙනාම ලඟාවීම සඳහා ඉඳුරාම බලපාන. කිසියම් බිරිඳක්‌ සැමියා සමග සංවාසයේ යෙදෙන සෑම අවස්ථාවකම සුරතාන්තයට පත නොවන්නේ ඒ නිසයි. නමුත් හොර සැමියකු සමග වසරකට වරක් යෙදෙන සංවාසයේදී ඇය සුරතාන්තයට පත්වීමට 99% ක පමණ ඉඩක් තියනවා. ගණිකා වෘත්තීය බුදුන්ගේ කාලයේ ඉඳලාම තියනවා. නමුත් අපේ රටේ ගණිකා වෘත්තීය නීතිගත් කරන්නට ඉල්ලන්නේ පිට රටවල නිදහස් ලිංගික ජීවිත ගත කරපු ඇය බොහෝවිට. නීති ගත කලත් ඔබේ නැගණිය, ඔබේ සහෝදරිය, ඔබේ පුංචි අම්මා, නීත්‍යානුකූල ගණිකාවක් ලෙස ප්‍රසිද්ධියේ හැඳින්වීමට කැමතිද? අප තුල ඇති බවුද්ධ දර්ශනය (ඇදහීම නොවේ) පදනම කරගත් ශික්ෂණය තිබෙන්නේ එතනයි. ඔබ සමහර කරුණු හංගන්නේ නැතිව ලිව්වානම් මීට වඩා හරවත් සංවාදයකට මුල පිරෙන බව අවධාරණය කරනවා. මට හිතෙනදේ මම ලියනවානම් ඇයි ඔබ එය අපට කියවන්න ඉඩ ලැබෙන ලෙස ලියන්නේ?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මම කතාකරන්නේ ලස්සන අවලස්සන ගැන නෙමෙයි.ලස්සන වෙන්නේ ඇස් වලට සාපේක්ෂව.මම කියන්නේ පිරිසිදු කම සහ ලෙඩ ගැන.පාරක හන්දියක සිටගෙන සිටින ගැහැනියකගෙන් කොයිතරම් නම් ලෙඩ බෝවෙන්න පුලුවන්ද?නීතියට අනුකූලව පවත්වාගෙන යනවා නම් ඔවුන් සතියකට වරක් රෝග පරීක්ෂාවක් කරගත යුතුයි.එවිට නිරපරාදේ මිනිස් ජීවිත විනාශ වීම පවුල් කඩා ඉහිරීම නවතිනවා.

      සoවාසය ගැන විවෘත කතාබහක් කරන්නත් මේ පෝස්ටුව තුලින් බලාපොරොත්තු වුනේ නැහැ.එය වෙනම කතා කලයුතු මාතෘකාවක්.විවෘතව කතා කරනවා නම් සෑම ගැහැණියක්ම සුරාතන්තයට පත් කරන්නට සෑම පිරිමියාටම බැහැ.ගැහැණියගේ සුරාතන්ත තත්වය ඇගේ සිත සමග ඉතාම්ත් තදින් බැදී පවතිනවා.ඔබ ඔය කියන සොර සැමියෙකුම අවැසි වන්නේ නැහැ.තම සැමියාට හොදින් ආදරය කරනවා නම් සහ ලිoගික කාර්යයේදී පිරිමියා ගැහැණිය පිලිබදව කල්පනා කරනවා නම්.

      නීත්‍යානුකූල ගණිකාවක් වූ පමණින් එය සමාජයේ ප්‍රචලිත් කිරීම ඇවැසි වන්නේ නැහැ.අනික නීත්‍යානුකූල නොවෙන ගනිකාවන් වශයෙන් අද පෙනී සිටින අයම තමයි නීතියානුකූල ගණිකාවන් විදිහට ඉදිටියේදී පෙනී සිටින්නේ.එවිට මගේ මව ,සහෝදරිය යන සම්ප්‍රධාය තුල සිරවී පටු ඇහැ කින් බැලීම ඇවසි වන්නේත් නැහැ.

      Delete
    4. මගේ මව මගේ දුව ගණිකාවක් වීම පටු ඇහැක් වන්නේ කෙසේද? මා අසන්නේ මෙයයි. ඔබේ මව ඔබේ දුව ශ්‍රී ලාංකික සමාජය තුල වෘත්තීය ගණිකාවක් ලෙස පිළිගන්නට ඔබ සූදානම්ද? සබන් ගා නා පිරිසිදුවීම පමණක් නොසෑහේ. ලිංගික ශ්‍රාවයන්, ඛේටය, ලින්ගේන්ද්රියන්ගේ ඇති නොපෙනෙන තුවාල, ආදිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? සෑම ගැහැනියක්ම සුරතාන්තයට පත්කරන්න සෑම පිරිමියාටම බැහැ. සෑම පිරිමියාම තෘප්තිමත් කරන්නට සෑම ගැහැනියකටම බැහැ කියන එහි අනික පැත්ත නොකියන්නේ ඇයි? නීත්‍යානුකූල ගණිකාවකට ප්‍රචාරණයක් නැත්නම් කෝ ඇයට ඇඟ විකුනන්න අවස්ථා? නීත්‍යානුකූලව කරන ව්‍යාපාරයක් ප්‍රචාරණයකින් තොරව සිදුකල හැකියි සිතන්නේ කුමන ව්‍යාපාර උපක්‍රමය යටතේද?

      Delete
    5. මම පටු ඇසක් කීවේ ගණිකා වෘත්තිය නීතිගත කල පමණින් ඔබේ මව හෝ සහෝදරිය ඊට ඇතුලත් වීමක් ගැනැ සිතිය යුතු නැති බව කීමටයි.ඔබේ මව හෝ දුව එම වෘත්තියේ යෙදෙනවා නම් ඔබේ අනුදැනුම ඇතිව ඔබ එය ප්‍රසිද්ධියේ පිලිගැනීමට තරම් නිර්භීත විය යුතුයි.

      මම පටු ඇසක් කීවේ ගණිකා වෘත්තිය නීතිගත කල පමණින් ඔබේ මව හෝ සහෝදරිය ඊට ඇතුලත් වීමක් ගැනැ සිතිය යුතු නැති බව කීමටයි.ඔබේ මව හෝ දුව එම වෘත්තියේ යෙදෙනවා නම් ඔබේ අනුදැනුම ඇතිව ඔබ එය ප්‍රසිද්ධියේ පිලිගැනීමට තරම් නිර්භීත විය යුතුයි.

      "ලිංගික ශ්‍රාවයන්, ඛේටය, ලින්ගේන්ද්රියන්ගේ ඇති නොපෙනෙන තුවාල, ආදිය ගැන "තමයි මම කතා කලේ.ඒ මගින් ලින්ගාශ්‍රිත රෝග බෝවිය හැකියි.නීත්‍යානුකූල තත්වයේදී සතියකට වරක් රෝග පරීෂාවක් කරගත යුතුයි.එවිට රෝග බෝවීමේ හැකියාවක් නැහැ.

      "සෑම පිරිමියාම තෘප්තිමත් කරන්නට සෑම ගැහැනියකටම බැහැ කියන එහි අනික පැත්ත නොකියන්නේ ඇයි? "මෙහි විලෝමයත් සත්‍යයි.ඔබ ගැහැණියත් ඇගේ හොර සැමියාත් ගැන කතා කල නිසයි මම ඒ ආකාරයෙන් පිලිතුරු දුන්නේ.

      Delete
    6. ඇයි මගේ වැදගත්ම ප්‍රශ්නය මගහරින්නේ. ගණිකා වෘත්තීය නීතිගත කලයුතුයි කියන ඔබ, විෂයය කරගෙනයි මම අසන්නේ, ඔබේ මව දියණිය නීත්‍යානුකූලව එහි යෙදීම ඔබ අනුමත කරනවද කියලා . හොර සැමියාගෙන් මෙන්ම හොර බිරින්දගෙන්ද සෑම විටම තෘප්තියක් ලැබෙන්නේ නැහැ. නන්දසේන රත්නපාල කියවා බලන්න.

      Delete
    7. එය සාපේක්ෂයි....මම දන්නවා සමහරු ඉන්නවා තමන්ගේ බිරිදව විකුණනවා.පෙම්වතිය විකුණනවා.මම නොදැනුවත්ව සහෝදරිය විකුණන අයත් ඉන්න පුලුවන්.තව සමහරු නොකා මැරුණත් ගණිකාවක් වෙන්නෙ නෑ කියන මතයෙ ඉන්නවා.ඒත් අවශ්‍ය අයට රැකියාව කරගෙන යනන් ඉඩ දීමක් ගැන පමණයි මම කතා කලේ.

      Delete
    8. මේ බ්ලොග් එක කියවන අයට මම තීරණය භාර කරනවා ඔබ මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නාද නැද්ද කියා කියන ලෙස. මා කැමති නැහැ ලිස්සා යන පිළිතුරු වලට. ඔබ පටන්ගත්තානම් ඔබ අවසන් කලයුතුයි. මේ ගැන ඉතා දීර්ඝව සංවාදයේ යෙදිය හැකියි සිතුවත් ඔබ සූක්ෂ්ම ලෙස මගහැරීම කනගාටුවට කරුණක්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    9. ඔබට අවශ්‍ය ඔබේ මතය තහවුරු කිරීමයි....මට අවශ්‍ය මගේ මතය තහවුරු කිරීමයි.කොහොමටත් අපි දෙදෙනාගෙන් කවුරුවත් අනෙකා දිනුවායයි පිලිගැනීමට සූදානම් නෑ...:)

      Delete
  3. මමනම් ඉන්නේ විදේශයක. හරිම නිදහසක් බුක්ති විඳිනවා.
    ළමයි ගෙදර නැතිනම් කොයි වෙලාවේ කොතන මොනවා වෙනවද කියන්න අමාරුයි.
    ආයේ දොර ලෝක කලාද කියල බෙලෙන්නේ ඔක්කොම ඉවර වෙලා තමයි.
    කොටට ඇඳ්ල ෂොපින් යන්නත් බීච් එකට බිකිනිය ඇඳ්ල යන්නත් නිදහස තියෙනවා.
    නමුත් කොයි නිදහසටත් වඩා ලංකාවේ විධිහ හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒ ඔයා හිතන විදිහ නේ...මම හිතන්නේ මිනිස්සු මානසික අසහනයෙන් ඉන්නේ මේ වගේ රට වල...:)

      Delete
  4. podi podi dewal hara samasthayak widihata gathyuththak thiyenawa kiyala hithenawa.habei ape sadacharaya gana kiyanawanam onawata wada ape ayata nidahasa hambaunoth ehema winasai.

    ReplyDelete
    Replies
    1. මම හිතන හැටියට නම් අවතාර් ...සදාචාරය තියෙන්න ඕන මනසතුල නිදහස සීමා කිරීම තුල ඇති වෙන්නේ සදාචරය නෙමෙයි.නීති වලට ඇති බය...

      Delete
  5. වටිනා අදහසක්.... මමත් එකඟයි, මොකද නිතී,සංකෘතිය මගින් මිනිස් හැගිම් හිරකරල තියන්න බැහැ, එක හරියට කවද හරි ගිනි කන්දක් වගේ එලියට එනව.... මමත් කියන්නේ ගණිකා වෘතිය නිතී ගත කරන්න කියලා (මමත් ගණිකාවන් පස්සේ යනව කියල වරදවා වටහා ගන්න එපා) අවශ්‍ය පුද්ගලයින් එ තැන්වලින් තමන්ගෙ ආශාවන් ඉ‍ටුකරගනි, හරියට තැබැරුම් වගේ, (හැම පිරිමියෙක්ම අරක්කු බොන්නේ නැහැ නේ) ..... කොහොමත් කොච්චර නිතී දැම්මත් ලොකු ලොකු පුද්ගලයින් ඔනේ තරම් හොටෙල්වලට, සමාජ ශාලාවලට ගණිකාවන් ‍රැගෙන යන්නේ......... එවාට කිසිම සංකෘතියක්,නිතීයක් නැහැ, හැබැයි දුප්පතාට තමයි ඔය හැම නිතීයක්ම......

    ReplyDelete
  6. අසහනකාරයන් ඉන්නඑක නං ඇත්ත. ඒත් ඔය කියන සභාපතිවරයට ඔය වැඩේ කරන්න ළමයෙක් නොවන ගැහැණු කෙනෙක් හොයාගන්න බෑ කියන කාරණය මම නං පිලිගන්නෙ නෑ. ඒකට ඉතිං(යම් පමනකය හෝ) නීතිගරුක සමාජයක් බිහිවෙන්න ඕන.

    ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම හොඳයි. ඒ වගේම අවිවාහකයෙක් ගණිකාවක් ඇසුරුකලා කියල හතරවන සිල්පදය කැඩෙනව කියල කියන්න බෑ. මොකද තමන් මිලදීගන්න කාලයට අයිතිය තමන්ටනේ‍.

    ලිංගිකත්වය එලිපිට කතා නොකල යුතු දෙයක් කියන තත්වයට වැටීම ගැන නං දීර්ඝව කතා කරන්න ඕන. ලඟදි මම පත්තරේ දැක්ක ප්‍රජනනය පාඩම උගන්වන්න බෑ කියපු ගුරුවරියක්. සෙක්ස් කියන්නෙ මැජික් එකක් වෙලානෙ. ඒකයි මේවට මුල.

    ReplyDelete
    Replies
    1. ගුරුවරුත් ප්‍රජනනය පාඩම උගන්වන්න කැමති නැති වීම නම් ඇත්තටම විහිළුවක්

      Delete
  7. කාලින තේමාවක්, කතාකිරිමට අකැමැති එහෙත් කතා කලයුතු..
    ඔබත් එක්ක මන් එකගයි.
    ගනිකා සෙවය නිතිගත කිරිමෙන්ම පමණ්ක් ලින්ගික අසහනයට තුරන් කිරිම අපහසුයි නමුත් එයත් එක් පිලියමක් යම් සමාජ කොට්ටාසයකට.මේ සදහා ඔබ, මම, අප සියල්ලන් තුලින්
    යහපත් සමාජ කතිවක් ඇතිකලයුතුයි.
    ඒතුලින් අසහනයට හේතුන් සියල්ල හෙවිය යුතුයි ඒ
    සියල්ලටම ප්‍රතිකර්මයක් අවශ්ය බව මට හැගෙන්නේ..
    එය බුදුන් කල සිදුවුවා සේම යහපත් සමාජ ශෝධනයක් විය යුතුයි..
    ඔබ කියන්නා සේම කිසිවෙක් කතා නොකර පිලිතුරු නොසොයා සිටිමෙන් වන්නෙ තවත් ලින්ගික අසහනය උග්‍රවීමමයි..
    -නිලු-

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිලූ ඔය කියන දේම තමයි මටත් කියන්න උවමනා වුනේ.

      Delete
  8. 100% agree with your blog post...(nt with ano 1)

    ReplyDelete
  9. විවාදාත්මක මාතෘකාවක් සංයමයෙන් අකුරු කලාට ස්තුතියි..
    //තහනම් දේට ආකර්ෂණය වැඩියි.මිනිස් ස්වබාවය ඒකයි.//

    මිනිස් සමාජයේ කිහිපදෙනෙකුගේ උවමනාවට තහනම් කෙරුන දේට මිනිස් සිතේ ආකර්ෂනය වැඩි බව ඇත්තයි.ඒත් අද වන් පශ්චාත් නූතතනවාදී සමාජයක සමබරතාව රැඳී තිබෙන්නේ මේ තහනම් ගෙඩි නිසා යැයි මම විශ්වාස කරනවා.
    හොර අඹුවක් නිසා විසිරෙන පවුලක්, ගණිකාවකට ලැබෙන දරුවකු හොඳ මිනිසුන් ඇති කරන ලද සමාජයේ සමබරතාව රකිනවා.ඒ මිනිස් සමාජයේ හොඳ නරක දෙකම සමබරව තිබිය යුතු නිසාවෙන්. නැත්නම් මේ සමාජයේ පැවැත්ම තීරණය කරන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. ඒත් මම හිතන්නෙ නෑ රූ ගණිකාවකට ලැබෙන දරුවෙකුත් කුටුම්බයක් තුල වැඩෙන දරුවෙකුත් සමාජයේ සම තැන ලබනවා කියලා:)

      Delete
  10. “තහනම් දේට ආකර්ෂණය වැඩියි.මිනිස් ස්වබාවය ඒකයි.“

    ඒකම නෙවෙයි දසුනි. මනසින් අපි තාම ගෝත්‍රිකයි. නමුත් ජීවන රටාව සැන් ෆ්‍රැන්සිස්කෝවල.
    මේ ගැප් එක පුරවගන්න තමයි අපේ අය ලිංගිකත්වය පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමත් වෙන්න පුලුවන්

      Delete
  11. Replies
    1. කෝරලේ මහත්තයා මේ පැත්තෙ ආවාට ස්තුතියි...:)

      Delete
  12. හැමෝම නොලියන මෙවන් පෝස්ට් ඉතා අගෙයි සොයුරිය!

    ReplyDelete
  13. අද අපි ජීවත් වෙන්නෙ බොහොම තරඟ කාරී ජීවන රටාවක.... ඉතින් හිතට දැනෙන පීඩනය කොහෙන් කොහොම පිට වෙනවද කියලා අපි දන්නෙ නෑ... ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය, ගෘහස්ථ හිංසනය, සහ ගහන අපරාධ වගේ ඒක පුද්ගල දේවල් වගේම කැරැලි කෝලාහල, යුධ ගිණි වගෙ සාමුහික දේවල් හමතැනින්ම ඇහෙනවා.

    …මාතෘකාව ගැන කියනවා නම් මේ සාමජ ප්‍රවාහයේ උඩුගං බලා පීනන්න ශක්තිය ධෛර්ය තියෙන්නෙ කීයෙන් කී දෙනාටද... බොහොම අගෙයි ඔයාට ඒ දෙම තිබුනාට...

    ReplyDelete
  14. සමහර කරුණු වලට මමත් එකගයි. විශේෂයෙන්ම ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ දේවල් වලට. මමත් හිතනවා ඔය කාම අපරාධ රැල්ල එතකොට ටිකක් හරි අඩුවෙයි.

    ReplyDelete
  15. වැදගත් ලිපියක් ,කාර්යය බහුලත්වය නිසා මට මේ සංවාදය මගහැරිලද මන්දා ?නැවතත් මේ මාතෘකාව තවත් ගැබුරින් සංවාදයට ගනිමුද ?

    ReplyDelete
  16. දසුනිගේ පැත්තට අත උස්සන්න කැමතියී අවංකවම.ලංකාවෙ ලිංගිකත්වය කියන්නෙ ඇත්තටම මැජික් එකක් වෙලා තියෙන දෙයක්.ගණිකා වෘත්තිය නීතිගත කරපු රටක මම අවුරුදු හතත් අටක් පමණ ජීවත් උනා.අවශ්යතාවය තියෙන කෙනා ඒ ස්ථානයට ගිහින් එය සපුරා ගන්නව මිසක් කවදාවත් මම එහෙදි කාන්තාවන් හෝ ලමුන් දූශණය කිරීමක් ගැන අහුවෙ නෑ. ඒත් ලංකාවෙ තත්වය ඊට හාත්පසින්ම වෙනස් . ඉහේ ඉඳන් දෙපතුල දක්වාම වහගෙන ගියත් ඇතැම් පිරිමින් කාන්තාවන් දෙස බලන්නේම ඇයව සිතින් නිරුවත් කරලයි. මට අර ඉස්සගෙ කතාව මතක් වෙනව.. ඉස්සාත් කියනවලුනෙ මං සුදනා මං සුදනා කියල. ගණිකා වෘත්තිය නීතිගත කිරීම තුලින් මේ ලිංගික අසහනය මඳක් වත් තුරන් කිරීමට හැකි වෙයි කියල මමත් හිතනවා

    ReplyDelete
  17. ලිපියත්, සියලු කමෙන්ටුත් කියෙවිවා. ඇත්තටම කාලෝචිත මාතෘකාවක්.. හොද සංවාදෙකුත් ගොඩනැගිලා තියනවා.
    මං හිතන්නේ මේ මාතෘකාවට පිවිසෙන අවශ්‍ය අධ්‍යාපනය තුලින්. වර්තමාන බොයිලර් කුකුල් පැටවු බිහි කරන අධ්‍යාපන සමිප්‍රදායට ලිංගික අධ්‍යාපනය වගේ විශයන් ඇතුලත් විය යුතුයි. ශික්ෂණයකින් යුතු මනා මනෝ ලිංගික සෟඛ්‍යකින් යුත් පුරවැසියන් ඉන් බිහිවිය යුතුයි.
    එසේ සමානුයෝජනය වු මිනිසුන් පිරිසක් සිටින රටක ගණිකා වෘත්තිය නීතිගත කලද කම් නැත........

    ReplyDelete
  18. "පනින රිලවුන්ට ඉනිමං බැඳීම හෙවත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම"

    "මට තේරෙනවා බුද්ධාගමේ අපේ තුන්වන සිල්පදය කැඩීමක්.ඒත් නීතිගත කලපමණින් එය කැඩෙන්නේ නැහැ.පිරිමි මුදල් ගෙවා ඔවුන් මිලදී ගත යුතුයි.සුරාමේරය ගැනත් සිල්පදයක් තිබෙනවා.ඒත් නීතිගත සුරාසැල් රට පුරා තිබෙනවා.හැමෝම බොන්නෙ නෑනෙ.තේරෙනවා නේද?තුන්වන සිල්පදය පිලිබද කාරනාවත එයම වෙනවා නම් පහසුයි."

    එක වරදක් වූ පමණින් තවත් වරදක් කිරීම කොයිතාක් නම් නිවැරදිදැයි ඔබම තීරණය කරන්න. ඔබේ තර්කයට අනුව, දැන් රට යන විදියට හොරකම් කිරීම, කුලියට මිනී මැරීමත් නීතිගත කරන්න සිදුවේවි.

    බුදු දහම කියන්නෙ දර්ශයක්. ඇදහීමක් නෙවෙයි. සිල්පද පහ රැකිය යුතු නිසා රකින්න එපා. නුවණින් විමසා බලා නිවැරදි යයි හැඟෙනවනම් අනුගමනය කරන්න. උපතින් බෞද්ධයෙක් වූ පමණින් සිල්පද කඩන්න බයේ රැකීම නෙවේ කල යුත්තේ.

    සුරා සැල් නීතිගත කලා කියල හොර අරක්කු පෙරන එක, මිනිස්සු බීලා පාරෙ වැටිල ඉන්න එක, රන්ඩු කරන එක, අඩු උනාද? නැහැ පවුල් ප්‍රශ්න, ආර්තික, සාමාජයීය ප්‍රශ්න වැඩිඋනා විතරයි. ඇත්තටම සුරාව තහනම් නම් නීතියෙන්ම.. දුටු තැන අල්ලනව නම් මේ රටේ බොන මිනිස්සු ප්‍රමාණය පොඩ්ඩක් හරි අඩුවෙන්නෙ නැද්ද?.. වරදට පෙලඹීමේ අවස්තා අඩු නිසා.

    සුරාව නීතිගත කරල තත්වෙ ඕකයි දසුනි.

    මම් පුද්ගලිකව ගණිකාවන් හෙලා දකින්නෙ නැහැ. හේතුව ඒ තත්වෙට කෙනෙක් පත් වෙන්න සාමජයීය හෝ ආර්තික හෝ වෙනයම් හෙතු තියන්න පුලුවන්. "නැබ නොපෙන්වා චීත්තෙ ඇඳි කිසා ගෝතමී" සංකල්පනාව විශිශ්ඨයි. මා දකින ආකාරයට බහුතරයක් ගණිකාවන් මේ ගනයට වැටෙනවා. අසරණකම.(නිළියන් ගණිකාවන් වීම වෙනම මාතෘකාවක් ).

    එතකොට අපි බලමු ගණික වෘත්තිය නීතිගත කලාම.

    එතකොට මොකක්ද වෙන්නෙ ඒක නීත්යනුකූල රැකියවක්. දැන් හොරාට කරන දේ එලිපිටම කරනවා. නීත්යානුකූල රැකියවක් කරන්න කිසිවෙක් බිය විය යුතු නැහැ වගේම ලැජ්ජා විය යුතුත් නැහැ. එවිට ගණික වෘත්තිය සඳහා පෙලඹෙන ප්‍රමාණය වැඩි වෙනවා වගේම ගණිකා සේවනයෙ යෙදෙන පිරිමි පාර්ශ්වය වැඩි වෙනවා. ඔය තත්වෙ අදට වඩා හෙටට ගොඩක් වෙනස් වේවි. එතකොට අද සුරාසැල් ඉදිරිපිට දකින්න තියන පොලිම් ගණිකා නිවාස ඉදිරිපිටත් දකින්න ලැබෙවි. පිරිමි හවසට වැඩ ඉවර වෙලා බාර් 1ට යනව වගේ මඩමටත් යන්න පුරුදු වේවි. ඒක යම් කාලෙකදි සාමාන්ය දෙයක් බවට පත්වේවි. ලැබෙන අවස්තාවන් අඩු නිසා මෙ තරමින් හෝ රැකිල තියන සමාජය, වෙනස්ම විදියක් වේවි. සාමාජයීය ප්‍රශ්න රාශියක ඇරඹුමක් වේවි.


    ~ ඇටමැස්සා ~

    ReplyDelete
  19. "පනින රිලවුන්ට ඉනිමං බැඳීම හෙවත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම" ---- 2

    "ජර්මනිය වගේ රටවල නීතිගත ගණිකාවන් සිටිනවා.ඔවුන් ඇත්තටම සිත් අලවන සුලුයි.ලෙඩ රෝග නැති බවට සතියකට වරක් සහතික කරගත යුතුයි.අනවශ්‍ය ගැබ් ගැනීම් නැහැ.දරුවන් නිරපරාදේ උපදින්නේ නැහැ.බිරිදට ලෙඩ බෝවෙන්නේ නැහැ."

    ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක් තියනවා. සැමියන් ගණිකාවන් සේවනයෙන් ඇතිවන ප්‍රශ්නය "බිරිඳට ලෙඩ බෝවීම පමණද ?"
    මගේ බිරිඳට නම් ඔය ප්‍රශ්නෙට වඩා බලපාන මානසික ප්‍රශ්න තියනවා. පවුල ආයෙ කවදාවත් පවුලක් විදියට පවතින්නෙ නැහැ. දරුවන් නිසා එකට උන්නත් ජීවිතේ සතුටක් නැති වෙවි. ගණිකාවන් ඇසුරු කර නිවසට එන සැමියාව පෙර මෙන් පිලිගන්න ඔබට පුලුවන්ද? ලාංකීය කාන්තාවට පුලුවන්ද? බීලා ගෙදර එන සැමියයි, මඩමට ගොස් එන සැමියයි අතර ඔබට වෙනසක් නැද්ද?

    ජර්මනිය වැනි බටහිර රටවලට මෙන්ම, ශ්‍රී ලංකාවටද අනන්යතාවයක් තියනවා. අප ඉදිරියට යා යුත්තේ අප සතු වටිනාකම් රැකගෙන මිස අන්ධ විදියට බටහිර අනුකරණය කිරීම නොවෙයි. ජර්මනිය දියුණු රටක් අඩු තරමෙ පාරෙ කොලයක් වත් දාන්නෙ නැහැ. පාර පුරා බෝඩ් ගහල තිබුණත් අපෙ රටේ මිනිස්සු පාරෙ කුනු දාන එක නවත්තන්නෙ නැහැ. මිනිසුන්නෙ ආකල්ප වල වෙනසක් අතිවිය යුතුයි. තව තවත් වරදට ඔවුන් පොලඹවන දෙවල් වැඩිකිරීම නෙවෙයි කල යුත්තේ.

    "එවිට ප්‍රාදේශීය සබාපති වරුන්ට අවුරුදු දහහතරේ දරුවන් දූෂණය කිරීමට ඇවැසි වන්නේ නැහැ."

    ප්‍රාදේශිය සභාපති වරුන් අවු: 14 දරුවන් දූශණය කිරීමට හේතුව ඔවුන් ශික්ශණයක් නොමැති වීමයි. රටේ නීතිය අවනීතිය වීමයි. නීතිය රැකිය යුත්තන්ම එය විනාශ කිරීමයි. දර්මද්වීපයේ අවිචරමත් පාලනය, නීතිය වල් වැද තිබීම හා බුද්ධ දර්ශනයෙන් ලද හික්මීමක් නොමැති බවයි.

    ගමෙ දරුවන්ට වඩා කොළඹ අවට පසැල් දරුවන් මත් කුඩු, අපචාර හා ගණිකා වෘත්තියට පෙළඹීම ඉතා වැඩියි. හෙතුව ඔවුන්ට ඒ සඳහා වාතාවරණය, පරිසරය සැකසී තියනවා. බුදු හාමුදුරුවො "ප්‍රතිරූප දේස වාසෝච"(මහා මංගල සූත්‍රයෙ එන මංගල කරුණක්) කිවේ ඔය දේ වලට තමයි. හොඳ පසුබිමක හැදුනු දරුවො වරදට පෙලඹෙනව අඩුයි. වරදට පෙලඹීමේ අවස්තා අඩු කල යුතුයි. ඒ වගේම බෞද්ධ දර්ශනයෙන් ලද හික්මීම මිනිසා තුල පැවතිය යුතුයි.

    ඔයා මේක පලකරයි කියල මම් හිතනවා. ඔයාගෙ සංකල්පනාවන් බොහොම අපූරුයි. කාන්තාව අධයාපනයෙන්, හා සාරදර්ම වලින් පෝශිත කල යුතුයි. ඔවුන් දිරිමත් කර යුතුයි. ඔවුන්ට ආරක්ශාව අවැසි තැන එය ලබා දිය යුතුයි. පිරිමි අපගෙ වගකීම එයයි. කාමුකයන්ගෙන් ඇය බේර ගත හැකි වන්නේ එවිටයි.

    මේ පිලිබඳ ඔයාගෙ අදහස විවාදාත්මකයි. මම් එකඟ නැහැ ඔයා එක්ක. ඔයා කියන දේ ඇත්තටම උනොත් ඒක සාමාජයීය ප්‍රශ්න රාශියක ඇරඹුමක් වේවි. නීතිය සුරැකෙනවනම්, පාලකයන්, ප්‍රජාව යහපත් නම්, සමාජ සම්මුතින් රැකෙනවනම් එතැනදි මේ ප්‍රශ්න නැතිවේවි. එහෙම නොවුනොත් දැන් යන විදියට හොරකම් කිරීම, කුලියට මිනී මැරීමත් නීතිගත කරන්න සිදුවේවි.

    ~ ඇටමැස්සා ~

    ReplyDelete