මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, July 18, 2012

ඉoග්‍රීසි යුවතියක් වන්නට .......



ඉoග්‍රීසි යුවතියක් වන්නට
දහ අටවන සියවසට ඇවිද යන්නට...
රැලි දිග සාය ඇති දිග ගවුම ඇද
මිටියාවත් අතර දිව යන්නට ....

සපත්තු දැමූ අශ්වයෙක් මිලට ගන්නට
අසරුවා සමග ආලයෙන් වෙලෙන්නට
පොප්ලර් ගසක් යට හිද පෙම්කවක් කියන්නට.....



රතුරෝස මල් කලඹක් තෑගි ලබනට
දුඹුරු පැහැ තොල් අතර හාදුවක් සගවන්ට
ජනේලයෙන් මෙපිට හිද තුහින වැහි නරඹන්ට....

අදිසි මායාවකින් සියල්ල වෙනස් වන්නට..............

ඉoග්‍රීසි යුවතියක් වන්නට....

21 comments:

  1. ට්‍රයි කරලා බැලුවද?

    ReplyDelete
    Replies
    1. තාම නෑ..ඒත් එහෙම වුනානම් මම කැමතියි.:)

      Delete
  2. අදිසි මායාවකින් සියල්ල වෙනස් වෙලා ආපහු පියවි සිහියට එන්නද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ ඉන්න විදිහෙන් වෙනස් වෙලා ඉoග්‍රීසි යුවතියක් වෙන්නට .ඒ යුවතියන් හරිම සෞන්දර්යාත්මකයි.

      Delete
    2. මේක දැක්කහම නමි මටත් එහෙම හිතෙනවා.....

      Delete
  3. ඇත්තටමද..? නැත්නම් ඔයාට හිතෙන හැටිද ඒ....?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඒ ලස්සනට කැමතියි...:)

      Delete
  4. අප්පොච්චියේ ඔක්කොමත් හරි අර කිටි කිටියේ හුස්ම හිර වෙන්ට අන්දන යට ගවුම නැත්නම් .

    ReplyDelete
    Replies
    1. ඒක මම හිතන්නේ shape wear එකක්...:D

      Delete
  5. හැමදාමත් ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදිලා කියවලා යනවා, ඒත් අද නම් එහෙම යන්න බෑ හිතුනා, හරිම ලස්සනයි අදහස

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ට් කල එකට...කමෙන්ට් එකක් දානවා කියන්නෙ හිතට හයියක්...:)

      Delete
  6. ඒ කාලෙ ගැන තියෙන ෆිල්ම් හරි ලස්සනයි නේ. මේ A Dangerous Method ෆිල්ම් එකෙන්ද

    ReplyDelete
  7. ලස්සන අදහසක්.... මැවිලා පෙනව එංගලන්තේ සුන්දර ප්‍රදේශ....

    ReplyDelete
  8. ලස්සනයි...
    එක දවසක් නවොතින්, හරිම පඩුයි නොවැ..
    මතක් උනා මිට කලකට ඉහතදි කියවපු කතා පොත් කිපයක උන්න ඉන්ග්‍රිසි යුවතියන්.. :)
    -නිලූ-

    ReplyDelete
  9. harima lassanai dasuni..sceneries tikak lassnata flow ekak widiyata hithe mawenawa..really good one..classic

    ReplyDelete
  10. හරිම ලස්සනයි මේ බ්ලොග් එක.. මට අහම්බෙන් හම්බුනෙ ලින්කුවකින්... මම මේ හුස්මක් නැතුව කියවන් යනවා...:D

    ReplyDelete
    Replies
    1. අනේ...බොහොම ස්තුතියි....:)

      Delete