මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, April 9, 2014

අරවින්ද තාමත් අතන ඒ දොරකඩ....

අරවින්ද
තාමත් එතනෙ
දොරකඩ...


සරෝජිනී
තිලකයක් තියාගෙන
ඉහේ මල් ගසාගෙන
නම නොදන්නා උකුලක හිස තියාගෙන....


""හෙන්දිරික්කා මල් සුවද
තාමත් එහෙමමයි
තරු වැටෙන රෑකට
නුඹ නැතත් උණුහුමයි...""


කවි කියයි...
කවි ලියයි...
සරෝජිනී....


අරවින්ද
තාමත් අතන
ඒ දොරකඩ....

1 comment: