මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, September 26, 2010

යෝජිත විවාහය....(Proposal Marriage)

විවාහය සිදුවිය හෑකි ක්‍රම මම අහල තියෙන විදියට නම් දෙකයි තියෙන්නෙ.ප්‍රේම සම්බන්දයක් තුලින් සිදුවන විවාහය තමයි බොහොම ජනප්‍රිය ක්‍රමය.තවත් බොහොම සාම්ප්‍රධායික වෑඩිහිටියන් පිලිගත්ත ක්‍රමයක් තියෙනවා යෝජිත විවාහය කියල.ආදරය මුල් කරගෙන සිදුවන විවාහයන් ගෑන,හෑමෝම හෑම වෙලාවෙම කත කරන නිසා,මම බොහොම ටික දෙනෙක් කතා කරන මාතෘකාවක් ගෑන කතා කරන්නට සිතුවා.

මම මේ කියන දේවල් පුද්ගලානුබද්ධයි.ඒත් මම ඉන්න පරිසරයෙ මගේ ඈහෑට අහුවෙන,මම ලෝකය දිහා බලන කෝණයට අනුව පේන දේවල් තමයි මේ ලිපියෙ තියෙන්නෙ.සමාවෙන්න ඕනෙ වෑරදි දෙයක් කියවෙනවා නම්....

එදා වගේම වෙනසක් නෑතුව අදත් බොහොම දෙමාපියන් කෑමතියි,අපේ දුව නෑත්නම් පුතා බෑන්දෙ යෝජිත විවාහයකින් කියන්න.ඒක ඒ උදවිය දකින්නෙ බොහොම නම්බුකාර දෙයක් විදියට.ඒ සදහා ඔවුන් විවිධ උත්සාහයන් දරනවා.
"ඔන්න දුවේ(නෑත්නම් පුතේ)විශ්ව විද්‍යාලෙ ගියාට කමන් නෑ.ඕන නෑති සම්බන්ධතා ගොඩ නගා ගන්නව එහෙම නෙමයි."
මේ වචන ටික,මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් තමන්ගෙ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක්ගෙන් අහල ඈති.වෑඩි දුර අධ්‍යාපනයට විදේශ ගත වෙනව නම් මේ වචන ටික මේ විදියටම අහන්න පුලුවන්(එතකොටනම් කොහොමත් කියනවා).

මොකද දෙමාපියන් කෑමති නෑ විදේශික කාන්තාවක් නෑතිනම් පිරිමියෙක් තමන්ගේ ලේලිය හෝ බෑණනුවන් වෙනවා දකින්නට.එක අතකින් ඒ හෑගීම අසාධාරනයි කියලමත් කියන්න බෑ.
මම දන්න කාන්තාවක් ඉන්නව,ඈය තමන්ගෙ ලේලිය සමග වචනයක් වත් කතා කරල නෑ.මතුවට කතාකරන්න වෙන එකකුත් නෑති බව මට විශ්වාසයි.එක්කො ඈය සමග සන්නිවේදනයේ අවශ්‍යතාවයටම ලේලිය සින්හල ඉගන ගන්නට ඕනෙ.නෑත්නම් නෑන්දම්මා English ඉගනගන්නට ඕන.විදේශිකයන් සමග විවාහ වුනාම එහෙම දේවල් සිද්ධවෙනවා.මක් කරන්නද ඉතින්?

වයසක අත්තම්මකෙනෙක්(අවුරුදු 80ක් විතරවෙන ),මට දවසක් මෙන්න මෙහෙම කියුව...
"දුව දන්නවද,මම බුලත් හෙප්පු පහලොවක් අල්ලල තියෙනව.අන්තිමට දහ හතරවෙනිය තමයි දිනුවෙ...."මේ ආත්තම්ම මේ ගෑන කියුවෙ බොහොම ආඩම්බරෙන්.මට නම් මේක කිසිසේත්ම ආඩම්බර විය යුතු කාරණාවක් විදියට පේන්නෙ නෑහෑ.මට හිතෙන්නෙ හරිම අමුතු දේවල්.ඈත්තටම බුලත් හෙප්පුවක් මොකටද?එහෙම නෑතුව දෙන්නට දෙන්න දෑක්කම මදිද????...

මගේ යාලුවෙක් ඉන්නවා(මේ කියන්නෙ විසි එක්වන සියවසේ කතාවක් ).ලගදි යෝජිත විවාහයක මනමාලයෙක් ඈයව බලන්න ආවා.ඒ මනමාලයගෙ අම්ම ඈහෑව්ව ප්‍රශ්න තමයි මේ.


"දුව උයන්න දන්නවද?"...
"ඔව් ආන්ටි..."
ඊලගට මේ ආන්ටි අහනවා,
"ඔයා උයන්න දන්නෙ මොනවද?".....
"නිකන් මාව උයන්න ගෙනියන්න වගේනෙ"...මගේ යාලුව මාත් එක්ක කියපු කතාව ඉවර කලේ එහෙම....
ඈය උගත් තරුණියක්.උගත් අය උයන්න දෑන ගත යුතු නෑ කියල නෙමෙයි මම මේ කියන්නෙ...උයන එක විතරමද විවාහයකදී වෑදගත් වෙන්නෙ?දෙදෙනාගෙ ගෑලපීම වෑදගත් වෙන්නෙ නෑද්ද?
යෝජිත විවාහ සාර්ථක වෙන අවස්ථා වගේම,ප්‍රේම විවාහ අසාර්ථක වෙන අවස්ථාවල් නෑතුව නෙමෙයි.වෑදගත් වෙන්නේ දෙදෙනෙක් අතර තියෙන අවබෝධය.උයන්න ඉගන ගන්න පුලුවන්.ඒත් දෙදෙනෙක් අතර ඈතිවෙන අවබෝධය ඊට වඩා හුගක් වටිනවා.....

මම අහල තියෙනවා සාර්ථක විවාහයක් ගෑන වෑදගත් කතාවක්."කාන්තාවක් සමග යහපත් සම්බන්දතාවක් ගොඩ නගා ගන්න නම් ඈයට බොහොම ආදරය කොට  අඩුවෙන් ඈයව තේරුම් ගෑනීමට උත්සාහ කරන්න...පිරිමියෙකුට ස්වල්පයක් ආදරය කොට ඔහුව සම්පූර්ණයෙන් තේරුම් ගන්නට උත්සාහ කරන්න..."
මොනවද හිතන්නෙ???

5 comments:

  1. විවාහය කොහොම උනත් අවබොදය තමයි වෑදගත්...
    දෙදෙනාගෙ ගෑලපීම තිභට අනිත් අය කියන කතා අහන්න ගියොත් ප‍රස්න තමයි...

    ReplyDelete
  2. අංක එක විශ්වාසය කියලයි මට හිතෙන්නේ. [තාම මටත් අත්දැකීම් නම් නැහැ පොර වගේ කියෙව්වාට]

    ReplyDelete
  3. මටත් දැන් හෙප්පු පිළිගන්න යන්න කාලෙ ටික,ටික ලං වෙනව වාගෙ.ඊට පස්සෙ ඉතින් මගේ ලයිෆ් එකත්
    අර සිංදුවක් තියෙන්නෙ "ඔබ ලං වුනා නෙමෙයි ඔබ මා ලං කලා...
    අප සැනසුනා නෙමෙයි වෙන අය සැනසුවා" කියල.අන්න ඒ වාගෙ වෙයි.මොනව කරන්නද.කොහොමත් වැඩිය ඇණයක් නොවුනොත් හොදයි.

    ReplyDelete
  4. මම දකින විදිහට නම් කොහොමත් ඔය දෙකම එකයි වගේ. මොකද බැන්දට පස්සෙ ඉන්නෙ බදින්න කලින් එක්කෙනා නෙමෙයි. අපි කොච්චර පොර ටෝක් දුන්නත් ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම ඇත්ත මේකයි.
    වර්ග දෙකේම හොද නරක අඩු වැඩි වශයෙන් තියනවා. ආදර සමිබන්ධයක් නම් සිද්ධවෙන්නෙ ඉතින් තමන් කැමති අයෙක් එක්කනෙ. යෝජිත විවාහයක් නම් ඉතින් එහෙම නොවෙන්නත් ඉඩ තියනවා. මොනව වුනත් දෙන්නගෙ අතරෙ අවබෝධය තියනවනම් ප්‍රශ්ණයක් වෙන්න තියන සම්බන්ධතාවය ‍අඩුවෙනවා. මොකද 100%ක් ගැලපෙන දෙන්නෙක් කොහේවත් නැති හන්ද

    ReplyDelete
  5. මම හිතන විදිහට තමන්ට ගැලපෙන කෙනා තෝරගන්නවා කියන්නේ නිකම් හිතුවිල්ලක් විතරයි... ඇත්තටම වෙන්නේ ගැලපීම් හදාගන්නවා අනික් පාර්ශවයත් එක්ක ගලපලා... එතෙන්දි තමන්ගේ රුචි අරුචිකම් ගැන අනිකත් එක්ක විවෘත වෙන්ට පුලුවන් නම් වැඩේ ගොඩ දාගන්න එක ලේසි වෙනවා.. එහෙමත් හරිගියේ නැත්තම් ඉතින් දැන දැනම අත් එකතු කරලා ඇණ ගහගන්නවට වඩා "නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා" කියලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක ගුණයි...

    ReplyDelete