මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, November 17, 2011

මගේ තා....ත්...තා.....

ඒ අප නොවන බව
සක්සුදක් සේ පැහැදිලි....
අතින් අල්ලන් පාසලට යන
අර දෙදෙන....

... තාම මල් පිපෙනවා ඇති
"තාත්තේ අර ගෙඩි???"
පලමු වර අට්ටික්කා දකින
දියණියක...
මා නොවන....

ජීවිතේ සියලු බර,
දිනක හිමිවන බව දැන...
නමුදු
පොත් බෑගයේ බර නොදෙන
තාත්තා....
ඔබ නොවන...

දවසක ඇයත්
මේ කවම
ලියනු ඇති...

ගතින් බෝ දුරින් හිද
හිත රැදුනු තනිකමට...

4 comments:

  1. ලස්සනයි යාලු..

    ReplyDelete
  2. මටත් ලැබුණි නම්
    ඔය කවම ලියන්නට
    කෙතරම් සතුටින්ද
    දියණියක් ලෙස මෙමත් ...
    නමුත් මේ මගේ පවය
    නොහැක මේ බවේ නම්
    ඔය පද ටික ගලපන්න....

    ReplyDelete
  3. දුකයි...ලස්සන හින්ද

    තාත්තල වැඩිය ආද‍රේ දූලටලු
    ඒ හින්දමද ලොකු උනාට
    බර වැඩියි කියල
    බිම නොතියන්නෙ....

    ReplyDelete
  4. බට්ටි,
    සමහරුන්ට ලැබෙන දේ නොලැබුනත්
    ඔබට ලැබෙනවා ඇත ඔවුන්ට ලබනු බැරි දෑ....

    ReplyDelete