මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 31, 2012

කැරලි කැරලි කෙස්....




කෙස් කලුපාටයි.ඉදලා හිටලා සුදුපාටත් නැතුව  නෙමෙයි.සුදුපාට කලුපාටින් වහගන්න නෙතලි දන්නවා.

කලුයි සුදුයි නැතුව දුඹුරුපාට තිබුනා නම් නෙතලි කැමතියි.මරියාට පිරිමි ළමයි කැමති කෙස් දුඹුරු නිසා කියලමයි නෙතලි හිතුවෙ.නෙතලිගෙ හිත කියුවෙ.ඒත් දුඹුරුපාට හමට දුඹුරුපාට කොණ්ඩෙ ගැලපෙන්නෙ නැතුව ඇති.දෙවියන්වහන්සේ මෙච්චර ලස්සනට ඇදලා තියෙන චිත්‍රෙ සුදුපාට ගෑනුන්නට දුඹුරුපාට කෙස් සහ දුඹුරුපාට ගැහැනුන්ට සුදුපාට කෙස් දීම විතරක් වරදින්න බැහැ.

නෙතලි නිතර දකින හීනයක් තිබුනා.ඒ හීනවල නෙතලි කන්නාඩියෙන් බලනකොට කෙස් පිටිපස්ස දක්වා වැටිලා තිබුනා.කන්නාඩිය ලස්සනයි කියුවා.ඒත් කලබලේට අවදි වෙලා බලනකොට කෙස් තිබුනෙ බෙල්ල ලගට. පරණ පුරුදු ගානට.කැරලි කැරලි.

නෙතලිට හදිසියේ දේවල් හිතෙනවා.හිතුන ගමන් ඒ දේවල් කරනවා.හැබැයි හොද හෝ නරක විපාකත් සම හිතින් විදිනවා.

එක දවසක් උදේ නැගිට්ටම නෙතලිට හිතුනා කෙලින් කොණ්ඩයක් තිබුනා නම් හොදයි කියලා.නෙතලි සාප්පුවකට ගිහින් කොණ්ඩෙ කෙලින් කරගත්තා.සමහරු කැතයි කියුවා.තව සමහරු ලස්සනයි කියුවා.කොහොම හරි නෙතලි ගැන හැමෝම කතා කලා.

අවුරුද්දක් විතර නෙතලි කෙලින් කොණ්ඩෙත් එක්ක ජීවත් වුනා.අමුතුවෙන් හදා ගත්ත කොන්ඩෙ ඇරුනම අලුතෙන් එන කොණ්ඩෙ නෙතලි කියුවෙ දේ ඇහුවෙ නැහැ.

 

ආයෙත් කැරලි කැරලි කොණ්ඩෙ.ඒත් කෙලින් දිග කොණ්ඩෙට් කැරලි කොණ්ඩෙ වැහිලා තිබුනා.කාලයක් යනකොට නෙතලිගෙ කොණ්ඩෙ   ගැන කවුරුවත් කතාකලේ නැහැ.ඉදහිටලා එක්කෙනෙක් දෙන්නෙක් කොණ්ඩෙ කෙලින් කරලා නේද කියලා ඇහුවා.හීන් හිනාවක් නෙතලිගෙ මූනෙ ඇදුනා.ඒත් ඉස්සර ඒ ප්‍රශ්නෙට උත්තර දෙනකොට නොතිබුනු දුකක් හිනාවයට නැවතිලා හිටියා.

නෙතලිට කැරලි කොණ්ඩෙ නැති පාලුව දැනුනා.දිග කොණ්ඩෙන් කෙලින් කොණ්ඩෙන් ඉස්සර තිබුන සතුට ලැබුනෙ නැහැ.පිට මැදට කොණ්ඩයක් නෙතලිට ලැබුනා.ඒත් තාමත් අර කැරලි කැරලි ගනකම් කෙස් නෙතලිට මතක් වුනා.

කිසි හැගීමක් දැනීමක් දැනෙන්නෙ නැති කැපුවත් රිදෙන්නෙ නැති  කොණ්ඩෙට මෙච්චර කැමත්තක් තියෙයි කියලා නෙතලි  හිතුවෙ නෑ.සමහර  මලගෙවල් වලදි දුක හිතුනෙත්  නෑනෙ.ඇඩුනෙත් නෑනෙ.ඉතින් ඇයි කොණ්ඩෙට මෙච්චර ආදරයක්.

නෙතලිට එන්න එන්නම කැරලි කොන්ඩෙ නැති පාලුව දැනුනා.කැරලි කොණ්ඩෙ ඕනමයි කියලා හිතුනා.දවසක් උදේ නෙතලි කොන්ඩෙ කොටටම කැපුවා.ආපහු කැරලි කැරලි කෙස්....

 

කැරලි...

 

කැරලි...

 

"අපරාදෙ දිගට තිබුන කොන්ඩෙ..."

 

"පොෂ් වෙන්න කපලා"

 

ඒත් නෙතලිට ආපහු නෙතලිගෙ කැරලි කැරලි කොන්ඩෙ හම්බවෙලා...

 

18 comments:

  1. ගෑනු ලමයි කොන්ඩෙට දුක් දෙනවා වැඩියි.කොන්ඩෙට වෙනස්කම් කරනගමන් කොන්ඩෙ නිරෝගිභාවය ගැනත් සැලකිලිමත් වෙන්න ඔනැමයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...මම හිතන්නෙ ඒක තමයි නෙතලි කොන්ඩෙ කපන්න ඇත්තෙ.:P

      Delete
  2. ඔය කතාව මට ඇත්තටම උනා. මේ තියෙන්නේ ඒක:
    http://tikiriloves.tumblr.com/post/23725788500
    හැබැයි මම නම් ඉන ගාවට වැවෙන කම් වැඩේ අත අරින්නේ නෑ! දැනටත් උරහිස පහු කරන වැවිලා. :)

    ReplyDelete
    Replies
    1. හි ...හී උත්සාහය හොදයි මම ඔයාගෙ ලිපියත් කියෙව්වා.ලස්සනයි.

      Delete
  3. පව් අනේ එයා....! මේ.. මම කිව්වේ නෙතලි ගැන හොදේ.! ජය..!

    ReplyDelete
    Replies
    1. කොණ්ඩෙ කපන එක පව් වෙන්නෙ කොහොමද..මම නම් හිතන්නෙ ඒක පිනක්...:)

      Delete
  4. එක එක්කෙනාට හිතෙන විදියට වෙනස් කම් නොකර තමන්ට හොදයි කියලා හිතේන විදියට කරන එක තමා හොද

    ReplyDelete
    Replies
    1. සහතිකම ඇත්ත...ඒකනෙ නෙතලි කොණ්ඩෙ කැපුවෙ.:)

      Delete
  5. මරු..අමුතු කතාවක්..කොටින්ම හිතෙන්නේ නැති කතාවක් ලියලා..

    තියෙන දේට වඩා නැති දේට තමා ගොඩක් අය කැමති...ඉතින් අර කැරලි කොණ්ඩේ තියෙද්දි කෙලින් කොණ්ඩේකට ආසයි..එත් එහෙම කරලා බලද්දි අර තිබ්බ කැරලි කොණ්ඩේම හොදයි කියලා හිතෙනවා..පෞද්ගලිකව මම නම් කැමති ලැබිලා තියෙන කොණ්ඩේට .මොකද අපිට උපතින්ම අපිට ගැලපෙන දේවල් තමා දිලා තියෙන්නේ..අර කොණ්ඩේ වෙනස් කලාම කෙනෙක්ට ලස්සනටත් තව කෙනෙක්ට කැතටත් පෙන්නේ එක එකපාරටම සිදු වු විපර්යාසයක් නිසා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.ලැබිලා තියෙන කොණ්ඩෙ තමයි අපේ මූණට ලස්සනම.ඒත් ඉතින් මට නම් හැමදාම එකම විදියට ඉන්න කැමැත්තක් නැහැ.වෙනස් වෙන්න මම කැමතියි.තමන්ට ගැලපෙන විදියට.ඒත් විපර්යාස කලාම කොණ්ඩෙට වෙන හානිය සෑහෙන්න වැඩියි.:)

      Delete
  6. කොන්ඩය ලළනාවක් සුන්දර කරයි....

    ReplyDelete
    Replies
    1. ඒ කියුවදේ ඔයාගෙ ඇහැට සාපේක්ෂයි.මගේ ඇහැට එහෙම පේන්නෙ නැහැ...කිසිම ලස්සනක් නැති කොන්ඩයක් පිටිපස්ස ලගට තියෙනවට වැඩිය කෙටි කොන්ඩයක් ලස්සනට පවත්වා ගැනීම වටිනවා:)

      Delete
  7. අපරාදේ තට්ටෙම ගාලා දාන්න තිබ්බේ.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතෙන්න ඇති නෙතලිට....ඊලග පාර නෙතලි කොන්ඩ කපපුවාම බලමු හොදේ.

      Delete
  8. මං කොල්ලෙක් හැබැයි මට තියෙන්නෙත් කර්ල් කොණ්ඩයක් මාත් කැමති නැහැ ඒකට :(

    ReplyDelete
    Replies
    1. හැබැයි මම හිතන්නෙ අපිට තියෙන්නෙ අපිට ගැලපෙනම කොන්ඩෙ:)

      Delete
  9. අෆ්ෆා... මේ කෙල්ලෝ කොන්ඩෙට දෙන වදයක් දැක්කම පව් කියල හිතෙනව....ඒත් සමහර අන්නැචුරල් දේවල් හින්දා සමහර කෙල්ලෝ පුදුමාකාර විදියට ලස්සන වෙනවා....

    ReplyDelete
  10. අදම තමා මේ පැත්තේ ආවේ.. ලිපි ගොඩක් කියෙව්වා.. මගේ කොණ්ඩෙත් කැරළි කැරළි.. මමත් වෙනස් කරනවද නැද්දෝ කියලා හිත හිත ඉන්නේ.. හිහ්..හිහ්.. :)

    ReplyDelete