මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 31, 2012

දුක කතන්දර කරමි...

මට දුකින් ඉන්නට
හේතුවක් ඕනෑය
හැම සතුටකම දුකක් දකිනෙමි....


ඒ රිදී ඉරක් මෙන් පෙනේ...


වලාකුළු බර අහසක
දේදුන්නක්ව පෙනේ
ඉතින්
මම දුකින් ඉමි...


දුක කතන්දර කරමි...

15 comments:

  1. Replies
    1. එහෙමත් හොදය.ඒත් පොඩ්ඩක් දුක හිතන්නට මම කැමතිය.:)

      Delete
  2. දුක කතන්දර කර
    ලියූවිට මීපැණි ලෙස
    තිත්ත රස දැනේ හිතට
    ඒත්
    උත්සාහ කරනු නොහැකිද
    සතුට ගීයක් කරන්නට..

    ReplyDelete
    Replies
    1. මම දුක් ගීයෙහි මිහිර සතුටු ගීයෙහි මිහිරට වඩා විදිනෙමි...

      Delete
  3. අවුරුදු 2 මාරක් මා සමග පෙමින් වේලි සිටි ඒ සුන්දර වත, දරු කුසත් දරාගෙන ඊයේ පන්සල් බෝමලුවේ පෙම්බර සැමියා සමග දිටි ගමන් මහේ පය පැටලී නොවැටි 99 යෙන් බේරුනි. මම මුලු රාත්‍රීය ම ගෙවා දැම්මේ මීට අවුරුදු 2 මාරක් රූප ගතකර බලධාරියා විසින් කපා හරිනලද සිනමා පටය නරබමින්ය අවසානයේ පාන්දර 4.30 මෙලෙස හදවත කොලයක ඔතා ඔබට එවමි .(මෙම සත්‍ය සිදුවීම හැකිනම් ඔබගේ bolg eke ඔබ ලියු ලෙස පලකරන්න එසේ අකමැතිනම් "ලියා එවුවේ - Anonymous -")


    පන්සලේ බෝමලුවේ
    සඳ රැස් පාමින්
    මම යන විට
    පැටලුණු නිසා
    දෙපයේ
    බැලුවා හෙමීට
    පහත් වී

    ආහ්....

    ඔයා එදා
    මග දමා ගිය
    අපේ
    මතකය..

    බැලුවා අත තබා
    හෙමීට..
    දන්නවද
    තවමත් හුස්ම
    වැටෙනවා
    සීරුවට

    ReplyDelete
  4. දුකත් රසයක් නියම ලෙස රස විඳීනම්..

    ReplyDelete
    Replies
    1. සහතිකම ඇත්තය කියන්නට ඕනෑ කලෙත් ඒකය.

      Delete
  5. මගේ ලඟ ඉඳපු ඇය.. මගෙන් වෙන්වෙලා ගියේ යන්නම් කියලවත් නොකියාම. එයා යන්න ගියා. මගෙ ජීවිතේම හිස් උනා වගේ හැඟීමක් ඇතිඋනා. ආයෙම ජීවිතේ පටන් ගන්න සාමාන්ය විදියට මට හරි අමාරු උනා.
    මම් යන්තම් හිත හදාගත්තා විතරයි. මම් දෙපයින් නැගිටින්න හදන කොටම.. ඇය මනමාලියක් වෙලා ලස්සන. ඒ හිනාව ඒ විදියමයි.. ඇගේ පසෙකින් ආඩම්බරයෙන් ඔහුත් උන්නා. මම් මුහුණු පොතෙන් දැක්කා.. ඇගේ(ඔහුගෙයි ) පින්තූර. ආයෙම ජීවිතේ කඩාගෙන වැටෙනව වගේ දැනෙනව. මගේ ලඟ උන්න හුරතල් කෙල්ල... ඒ හුරතලේ, දංගලේ දකින්න මට වාසනාව නැහැ නේද කියල හිතෙනව. කොහොම උනත් ඉන්න තැනක එයා සතුටින් ඉන්න ඕන. මම් කොහොම හරි මගේ ජීවිතේ හදා ගන්න ඕනනෙ.

    හිරුන්...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පුලුවන් ඇත්තටම ඔයාට ආදරේ කෙනෙක් කසාද බදින්න...ජීවිතේ වැරදුන තැන් හරිගස්ස ගන්න.ජීවත්වෙනවා කියන්නේ ඒකට...අපි වැරදි ගැන දුක් වෙවී හිටියොත් කාලය අපිටත් නොකියම යන්න යාවි...:)

      Delete
  6. දුකෙත් තියෙනවා සතුටක් ... දුකින් ඉන්න කොට ලැබෙන සතුටට ඇබ්බැහියෙන් දැනෙන්නේ දුකක් ද? සතුටක් ද?!!!! :D

    ReplyDelete
  7. Finally finally jst nw I found that he lied me.. Dasuni tell me.. what should I do now? I can't hate him. But I am pretty sure he hates me.

    මගෙ හිතට බොහොම බර දුන්න එක දෙයක් මම අද සොයා ගත්තා. මගේ හිතේ මෙ තරම් කාලයක් තිබුන දුක වෙනස් විදියකින් හදවත වෙලා ගත්තා. මට දැන් යන්න ඌන මේ ලොකෙන් .

    ReplyDelete
    Replies
    1. Most of the relationships end because of lying .Any way keep this in mind...It is better let go of things you can't control.
      Also if you make up your mind you will find some one better.Some one who truly loves you...

      Delete