මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, August 1, 2012

ඇය දුටුවාම සිත සසැලින නොපැතුයුර....

මේ කවිය ලියවුනේ මේත් එක්ක අමුණලා තියෙන කතාවේ අයිතිකාරයා වෙනුවෙන්...ඔබට දැනුනු ඒ අත්දැකීම මටත් දැනිලා තියෙනවා.ඒත් වෙනස් විදිහකට.මේ කවිය කියවන හුග දෙනෙකුට නොවෙයි හැමෝටමත් විරහව දැනිලා ඇති....දැනෙනවා ඇති.... ඒත් එකිනෙකට වෙනස්ව...
 

 

 

 

තහනම් හිතක තහනම් කල අඩවියක
මගෙ හිත සිරවෙලා මෙතුවක් උන් බැවින
නුඹ දුටු වෙලේ පෙරදා එක් නිමේෂෙක
හිත ගල් ගැසුනි නොපැතූ දසුනක් දුටුව....


සොදුරුය නුඹේ වත පෙරදා මෙන්ම
උස්කුස් දරන් බෝමලුවේ ඇවිදයන
සිහිකල පෙමේ සියුමැලි බව නුඹ පිදුව
පින්බිම තෙත්කලේ ගග දිය නෙතින් බට....


සදරැස් පතිත මේ බිම පෙරදා දිනක
අත් පටලමින් අප ගිය යුරු සිහි වෙමින
නිදි නොලබමින් පෙරදා රැය ගත විනිය
පෙම නොවෙනස්ය සැමදා හිත රැදුන...


නුඹ පය තබන තැන්වල මල් පිපීයන්
කිරි හීනෙන් පුත් කුමරෙක් ලැබීයන්
දිවිඇති තුරා හිත සතුටින් පිරීයන්
මගෙ මතකේ කරදරයක් නොවීයන්...




3 comments:

  1. සද පැයු පෝදාක
    සුසුම පොදිගනන්
    ගලන මේ පාලු රෑ ගාව
    ඇයත් නොමැති
    ඇගෙ පෙමත් නොමැතී

    පහන් වැට ගාව
    හිත තබා මම ආව
    තවමත් දැක්කා
    නොදක්කා වගේ
    ඇයයි ඇගේ පෙමයි
    මියෙදෙන්න වෙරදරන මගේ හිතයි

    පෙම් සුළි නගන සිතගාව
    මහ රැළි නැගේ නෙත ගාව
    දරන්නට නෙත් කෙමිය ඉඩ මදි වූ දාක
    ගුගුරවා ගලායයි උණු කදුළු ගංගාව..

    ReplyDelete
  2. සඳ පෑයූ පාලු රෑ..
    නුඹ දන්නවාද මම් සඳ බලන බව..
    තනිවම.. හැම රෑම..
    නිදි නැතිව.. නුඹ ගාව මම් උන්නු එදවස
    රාත්‍රියම ගීතයක් විය..
    නුඹ නොමැති මෙදවස..ඇගේ ගී හඬද නැත...



    මතකයේ පිටු අතර
    තිබේ එක් කවක්.. ගීතයෙන් සිතුවම් කල..
    ලොව මිහිර මවෙත ගෙන..
    පැමිණි මා සුපෙම්වත
    නුඹ දුන්නු මිහිරියාව.. ඇතේ තවමත් සුරැකිව මහද තුල..

    අහන්නට කෙනෙක් නැත..
    කියන්නට කෙනෙක් ණැත..
    නුඹ දන්නවද හැම තත්පරයම.
    මා නුඹට අමතන බව..

    ReplyDelete
  3. හ්ම්.... පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්ද කියලා නම් මම දන්නේ නෑ. ඒත් අත්විදලා තියනවා මමත්. හැබැයි හැමදේම හොදටයි කියලා එදා නැතුවට අද මම විස්වාශ කරන්නේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරි අපූරු තැනක මම,මගේ හිත,නතර වුනු නිසා වෙන්න ඇති. මේවෙනකොට මම කොච්චර සතුටින්ද කියනවානම් එදා මහ මෙරක් වගේ දැනුනු විරහව අද හිරු ලග කණාමැදිරියන් ගානයි. නොදන්නවා උනාට එයාටත් එහෙම දවසක් උදාවෙනවා. ඒ තමයි ජීවිතය.........

    ReplyDelete