මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, July 21, 2012

සරුoගලය

සරුoගලය පියාඹා යන
ඉදහිටක හමුවන
කුරුල්ලෙකු හා දොඩමලුව
තෙමෙන්නට බිය බව කියන...

කොන්ඩ බැදි කුරුල්ලන්
ආල කතන්දර දොඩන්නට එන....

උසින් පියාඹන
යකඩ කුරුල්ලන් දකින....
උස අතු අල්ලන්ට
තමන් මිටිබව සිතත....

නිදහස අහිමි කරවන
නූල් පන්දුව
ඔහු අතින් ගෙන
තමන් කැදවන් නිදහසේ පියාඹන

සිහින හිමිකරුවෙකු
එනතෙක්
මග බලන...

5 comments:

  1. ලස්සනයි ඔබේ හිතිවිල්ල.. :)
    නිදහස් කියල අපි හිතුවට කෝ නිදහසක් ?බැදිම් කියන නූල් බොලෙන් අපි බැදිලා,සරුන්ගලයේ නුල කඩුනොත් අයාලෙ යයි
    වැස්සට තෙමිලා විනාස වෙවි,රැක වරනයක් නැතිව
    ඒවගේ නිදහස හොයගෙන අපිත් බැදිම් අත් හැරියොත්... ?
    අපේ ජිවිතත් සරුන්ගලයක් වගේ..
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. එක්තරා කාන්තා ජීවිතයක් තමයි සරුන්ගෝලෙන් සන්කේතවත් කලේ.හදුනාගත්තාට ස්තුති...

      Delete
  2. ලස්සනයි අක්කි..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නoගි...

      Delete
  3. ලස්සන කවි පෙලක්... අදහස නම් නියමයි...... ඇත්ත කතාව ....බලන කොට අපි ඔක්කොම (ගෑනූ/පිරිමි) සරුංගල් වගෙ තමයි, උඩ ඇරියත් නුලකින් ගැට ගහල

    ReplyDelete