මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, November 20, 2010

ලොක්කා.........

ජීවිතය විදීම...මම දන්න මනුස්සයෙක් ඉන්නවා.හරිම සුන්දර,ඒ වගේම සරල....කලුම කලුයි.රෑට දෑක්කොත් අදුරන්නත් බෑ.හ්ම්ම්...මම හිතන්නෙ කතාව පටන් ගන්න තිබුනෙ මෙතනින් නෙමෙයි.අපි වෙන තෑනකින් පටන් ගමු.මේ කතාව ලියන්න හිතුනෙ මේ අපි විදින අත්දකින නාගරිකත්වය බොරුවක් කියල හිතුන වෙලාවක.ඒ නිසා කතාව පටන් ගත්තෙ එච්චර ලස්සන තෑනකින් නෙමෙයි.අපි ලස්සන තෑනකින් පටන් ගමු.




එයාගෙ නම විමලසිරි.මට මතක එහෙමයි...එයාව මම ඉස්සෙල්ලම දෑක්කෙ කවදද කියල මට මතක නෑත්තෙ මම එයාව පුන්චි කාලේ ඉදලම දෑකල තියෙනෙ නිසා.මට මුලින්ම විමලසිරි ගෑන තියෙන මතකය ඈරඹෙන්නෙ මම එයත් එක්ක හරියට කතා කරන්න තරම් වචන දන්නෙ නෑති කාලෙ.ඒ වෙලාවෙ මම ටිකක් දිග කෝටුවකින් මිදුලෙ එයාගෙ නම ලියන්න කියල දෙමින් හිටියා.ඔයාගෙ ඈත්ත නම මොකද්ද මම ඈහුවා.එයා හිනා වුනා.ඒ වෙලාවෙ එයා හිටියෙ අපේ ගෙදර පිටිපස්සෙ තියෙන එයාගෙ කාමරේ ජනෙල් පඩිය උඩ ඉදගෙන. මගේ දිහා බලගෙන.හිනා වෙමින්.


මම එයාගෙ මම දන්න නම මිදුලෙ ලියුවා."ලොක්කා"....මෙන්න මෙහෙමයි නම ලියන්නෙ. මම කියුවා.එයා ආදරය වගේ හෑගීමක් ඈස් වල තියාගෙන බලාගෙන හිටියා.කලුම කලු පාට මූනෙ සුදු පාට හිනාව හුගාක් ලස්සනට පෙනුනා.


එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොක්කෙක්.කවුරුවත්ම වෑඩිය ගනන් ගත්තෙ නෑ.වෑඩිය නෙමෙයි කොහෙත්ම ගනන් ගත්තෙ නෑහෑ.මොන ලොක්කෙක් උනත් එයාට ලොක්කෙක් නෙමෙයි. එයා තමයි ලොකුම ලොක්කා එයාට.එයාට ඉතින් හෑමෝම කියුවෙ ලොක්කා කියලා.අපේ ගෙදර තමයි හිටියෙ.අපේ ගෙදර බලාගන්න. එයා වෑඩිය හිටියෙ බිම නෙමෙයි උඩ....උඩ කියුවෙ ගස් උඩ.


එයා බත් කෑවෙ හරිම අඩුවෙන්.මම දෑකල තියෙනව එයා ගස් උඩම ඉදගෙන පලතුරු කනවා.වෑවෙන් මාලු අල්ලගෙන ඈවිත් කනවා.රෑට අපි ගෙදර නෑති දවසට එයා මිදුල පිටිපස්සෙ ගින්දර ගොඩාක් ගහලා තියෙනවා.මොනව කරනවද නම් මම දන්නෙ නෑහෑ.කොහොම හරි හරිම සුන්දර මනුස්සයෙක්...මම මීට අවුරුදු 18කට විතර කලින් දෑක්කා වගේමයි තාමත්.එක කෙස් ගහක්වත් ඉදිලා නෑ.....


එයා මට ද0 අතුපිටින් ගෙනත් දුන්නා...ඒ ගෙඩි වල දම් පාට මගේ හිනාවේ පාට වෙනවා දෑකලා ඒ මුහුනෙත් හිනාවක් සටහන් වුනා.පලු ගෙඩි මොන වගේද,මොන රහද කියලා මම දෑනගත්තේ ඔහු නිසා..


ඔහු කෑමති වුනේ නෑහෑ ගෑහෑණියක් සිටින නිවසක ජීවත් වන්නට.අපේ අම්මලා ආපහු ඒ ගෙදර පදින්චි වෙන්න ගියාට පස්සෙ එයා යන්න ගියා.ඒ වෙනස් වෙන්නට තියෙන අකමෑත්ත.ගෑහෑණියක් අතින් පිසෙන බත් කන්නට ඈති අකමෑත්ත.


මම ගෙදර ගියාම පුලුවන් කමක් තිබුනොත් ඔහුව බලන්නට යනවා.ඔහුව හෑන්ගිලා ඉන්න තේ පදුර යටින් හෝ ගහ උඩින් බස්ස ගත්තාට පස්සෙත් අපිට කතා කරන්නට දේවල් නෑහෑ.


මට ඉත්තෑවො ඈල්ලීම පිලිබදව,ඌරන්ට උගුල් ඈටවීම පිලිබද අවබෝධයක් නෑතිවා වගේම,ඔහුට කොටස් වෙලදපොල හා තොරතුරු තාක්ශනය පිලිබද දෑනුමක් නෑහෑ.ආපේ මාතෘකා හරි දුරයි.ඒත් මම ගෙනියන සරම අත්දෙකින්ම(අත්දෙකින් ගත්තා කියන්නෙ ගරුත්වයක් අදහස් වීමක් නෙමෙයි )අරගෙන මට ඔහු ලග මේ වෙලාවෙ තියෙන හොදම පලතුරු වලින් කොටසක් දෙනවා.මම දෙන සරම අලුත් ඈදුම් වලට අකමෑති ඔහු කවදාවත් නොඈන්දත්,අලිගෑටපේර වලට අකමෑති මම ඒ පලතුරු කවදාවත් නොකෑවත් අපේ හිත්වල සතුටක් සටහන් වෙනවා.


කවදාවත් කවුරු වත් ගනන් නොගන්නා ඔහු,ලගදි දවසක් හරිම පුදුම වෑඩක් කලා.මම හිටපු තෑනටම ඈවිත් "නෝනා මම යන්නම්"කියලා ගියා.මම ඔහුගේ පසුපසින් ටිකදුරක් ගියා.ඒක ටිකක් සුවිශේශී සමුගෑනීමක් උනා.මම කවදාවත් බලාපොරොත්තු නොවුනු.


මම දන්නවා අකුරු නොදන්නා ඔහුට,පරිගණකයක් කියන්නේ කුමක්දෑයි කියල කවදාවත් නොදන්නා ඔහුට,කිසිම දවසක මේ සටහන කියවන්න නොලෑබෙන බව.ඒත් මේ ඒ සහෘද බවට පුන්චි සිහිවටනයක් එක් කිරීමක් සහ නාගරිකත්වයේ මායාව තුලින් සෑබෑ මනුස්සකම දකින්නට කරපු පුන්චි වෑයමක් පමනයි.


කියවූ ඔබ සෑමට ස්තුතියි....

No comments:

Post a Comment