මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, November 11, 2010

කොල වලට ජීවිතය විකිනීම.....

මේ ලියුමක්...හුගක් ඉස්සර ලියන්නට හිතාගෙන හිටපු.බොහොම ලගදි ඒ ගෑන ආයෙත් හිතන්නට සිද්ධවුනු සිදුවීමක් නිසා ඒ ලියුම ලියන්නට හිතුනා.....

ආදරණීය අනුත්තරා,

ජීවිතය කියල ඔයා දකින දේ මම දකින දේට වෙනස්.ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අපි දෙන්නම ජීවිතේ දිහා බෑලුවෙ එකම විදියට.මම හරි කියල හිතපු දේ ඔයත් හරි කියල හිතුව.

ඒත් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ මම කෑම්පස් ගියාට ඔයා එහෙමම බෑන්කුවට ගියා.අපි හිතන පතන විදිය වෙනස් වුනා,අපි ආශ්රපය කරපු මිනිස්සු වෙනස් වුනත් එක්කම.....

ඔයා මට එවපු ලියුම ලෑබුනා.ජන්ගම දුරකථනයක් තියෙද්දි ලියුමක් ලියුවෙ ඈයි කියල මම අහන්නෙ නෑ.මම දන්නව මූණ බලාන කියන්න බෑරි දේවල් වගේම,තමන්ගෙ කටහඩින් තමන් කලා කියල කියන්න බෑරි දේවල් ලෝකෙ සිද්ධ වෙනව කියල.

ඔයා ඉස්කෝලෙ යන කාලෙම යාලු වුනා.ඒ ශශික එක්ක.ශශික කෑම්පස් තේරුනා.මේ ලියන්නෙ ඔයත් මමත් දෙන්නම දන්න දේවල්.ආපහු ලියනවට සමාවෙන්න ඕන.ශශික මම දන්න විදියට හොද ලමයෙක්.එයා කෑම්පස් හිටපු අවුරුදු හතරම ඔයා වෙනුවෙන් හිටියා.මම ඒ ගෑන දන්නෙ මමත් හිටියෙ ඒ කෑම්පස් එකේම නිසා. බෑන්කු විබාග ඔක්කොටම එයා ඔයාට උදව් කලා. බෑන්කු විබාග ඔක්කොටම එයා ඔයාට උදව් කලා.ඔයත් ලේසියෙනම විබාග සමත් වුනා.ඒත් මොකද්ද මන්දා හේතුවකට මට හිතුනා ඔයාල කසාද බදින එකක් නෑ කියල.

ඔයා එයාට එයාගෙ කොන්ඩෙ වෙනස් කරන්න කියපු දවසෙම මම හිතුවා එහෙම.හිතුව නෙමෙයි මට හිතුනා.අපි ආදරේ කරන්න ඕනෙ ඉන්න මනුස්සයට මිසක්,වෙන මනුස්සයෙකුට ආදරය කරල තමන් ලග ඉන්න කෙනා ඒ විදියට වෙනස් කරන්න යනව නම් ඒක පවක්.එයාට දුක හිතෙන්න ඈති.පව්... ඒත් ශශික හිටිය විදියටම හිටියා.උදව් කලා.එයා කෑම්පස් out වෙලා Software Engineer කෙනෙක් විදියට රස්සාව කලා.

ඔයාගෙ දෙමව්පියන්ට වගේ විශ්රා ම වෑටුපක් ලෑබෙන්නෑති දෙමව්පියන්ට එයා වියදම් කලා.කාලය ගත වුනා.ඔයාට එයාව එපා වුනා.ඈත්ත,ඒ පවුල් පසුබිම ඔයාට ගෑලපෙන්නෙ නෑ තමයි.ඒත් ඒ ශශික ගෑන කියන්න කිසිම වරදක් ඔයාට නෑ.මම ඒක දන්නවා. ඔයාටත් වඩා හොදට.

දෑන් ඒ ආදර කතාව අතීතයට එකතු වෙලා ඉවරයි.මොකද මම මේ ලියමන ලියන්නෙ ඔයාගෙ මන්ගල ඈරයුම් පත අතේ තියාගෙන.ශශික හිතනව ඈති ඔයා එයාට ආදරය කලේ නෑ කියල.මම එහෙම හිතන්නෙ නෑ.කාලය මිනිස්සුන්ව වෙනස් කරනව මම හිතන්නෙ එහෙමයි. ඔයාට හොද සෑමියෙක් ලෑබෙයි.ඔයා හොද කෙනෙක් මම දන්නවා.ශශික තනිවෙන එකකුත් නෑ මම ඒකත් දන්නවා.

අපි දෙන්න අතර ලොකු වෙනසක් තියෙනවා අනුත්තරා.මම කඩදාසි කොල දකින්නෙ කඩදාසි කොලවිදියට.ඔයා ඒ කොල හතරෑස් වට කපල ඒවයෙ ඉලක්කම් අච්චුගහල තිබුනම ඒවට ගොඩක් ආස වුනා. මම හිතන්නෙ ඔයා කඩදාසි කොල ටිකකට ජීවිතේ විකිනුවා.ඔය කඩදාසි කොල වලට ලෑබුනු ලොකු ගෙදරක,ලොකු වාහනයක් ඈතුලෙ තනි වෙච්චි මීට අවුරුදු 20කට පස්සෙ දවසක මේලියමන ආයෙමත් කියවන්න.එදා වෙනකල් මේ ලියමන තියා ගන්න.

ඒ දවස ඔයාට උදා නොවෙන්න කියල කියන ප්රාිර්ථනාවත් එක්කම,ඔයාගෙ ඔය ඈස් දෙකෙන් කදුලු වෑටෙන මතු අනාගතේ ඕනම දවසක,ඔයාට ශශික නෑති වුනාට,ඔය අලුත් ස්වාමි පුරුශයා නෑති වුනාට හෑමදාම වගේම පරණ යාලුවා ඒ විදියටම ඉන්නවා... එදාට අපි අත් අල්ලගෙන ඉස්සර දවසක වගේම මහ වරුසාවක ඈවිදින්න යමු...
ඔයාට හෑමදාම ආදරේ,
ඔයාගෙම යාලුවා....

4 comments:

  1. ඇයි ආ‍දරේ හැම වෙලේම කදුලුත් එක්ක ජීවත් වෙන්නේ කියන එක අදටත් මට තේරෙන්නේ නෑ..

    ReplyDelete
  2. මට හිතෙන්නෙ මෙහෙමයි....ආර්ථික ස්ථාවරත්වය සහ හෑගීම්බර ,කෑපකිරීම් පිරුන ආදරය ගමන් කරන්නෙ මාර්ග දෙකක....ජීවිතයෙ අවුරුදු 25ක ගමන් මගෙන් පස්සෙ මට හිතුන හෑටි ඒ....
    ස්තුතියි ලහිරු....

    ReplyDelete
  3. ආර්ථිකය නැති කාලෙට අපිට ආදරේට වඩා ආර්ථිකය ලොකු වෙනවා. ඒත් ඒ ආර්ථිකය හදාගෙන ඉවර වෙලා ආපහු හැරිලා බලද්දි අර ආදාරය නැති වෙලා. මේ දෙකෙන් මොකක්ද වැඩිපුර වටින්නේ?

    අපිට වැඩි පුරම වටින්නේ අපි ළඟ තියෙන දේ නෙමෙයි නැති දේයි.

    ReplyDelete
  4. මිනිස්සු කොල වලටම නෙමේ ජීවිතේ විකුනන්නේ.
    සමහර වෙලාවට අපිට ඕනේ දේ අපි ඉල්ලන්නත් කලින් ලැබෙනකොට ඒකෙ අගයක් නැති වෙලා ඊට වඩා දෙවල් පස්සෙන් යනවා..පස්සෙ තේරුම් යනකොට පරක්කු වැඩියි.

    ReplyDelete