මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, November 24, 2011

හඩ(ඔබේ කටහඩ)

මිහිරිතම හඩ
ඔබේ කටහඩ...

මුසාවකි
හඩ වෙනස්.....
අවස්ථානෝචිතව

උනුසුමක් ඇවසි කල
තේ කෝප්පය හැදෙන හඩ...
උනුසුම්ව....

සීතලක් ඇවසි කල
වැහි බිදු පතිත හඩ
පොලව මත....

කුසගින්න දැනෙන කල
බත ඉදෙන සුවද වුව
හඩක් විය....

ඉතින්
බොරුවට
ඔබේ හඩ
මිහිරි බව.....

4 comments:

  1. අනේ මන්දා බං
    උඹේ කවිවලට නම්
    මම වෙලා මඤ්ඤං
    කොහොම වුනත් උඹ ලියපන්
    හැමදාමත් මම එන්නම්............

    ReplyDelete
  2. මං හැමදාම මෙ කවියක් දෙපාරක් කියවනවා.. එතකොටයි මටනම් අදහසක් එන්නෙ.. සමහර දාට එහෙමහ් නෑ.. ඔබ මේ නිර්මාණ මුහුණු පොතේ බ්ලොග් ගෘප් එකේ ශෙයර් කරන්නේ නැද්ද?

    ReplyDelete
  3. Share කරනවා,"වලාකුළු අතර හිද" සහ "නොයෙක් පැති කෙටිකතා" කියන group දෙකේ කරනවා.සමහර වෙලාවට මගේ profile එකෙත්....සරලව කියනවානම් මේ කවියෙ තියෙන්නෙ අපි ආදරය කරන අයට කියන බොරු වචන ටිකක්...අපි කියනවනේ ඔයකටහඩ තමයි මම අහන මිහිරිතම කටහඩ කියලා..ඒක බොරුවක් කියන එක තමයි මේ කවියෙ තියෙන්නෙ.

    ReplyDelete