මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, November 19, 2011

මැහැල්ල සහ බැල්ල...


ඇය ජීවිතයේ අග බාගය ගෙවමින් සිටින්නීය....අග බාගය පටන් ගත්තා යයි තමා සිතූවේ පනස් ගනන් වල මැද හරියේ බව ඇයට මතකය..දැන් අසූ ගනන් වල මැදය..තාමත් අග බාගය ගෙවෙමින් පවතී.අග බාගය අවසන් වී තවත් මුල් බාගයක් පටන් ගන්නා තුරු මග බලා සිටින්නී තමාගේ ඉවර නොවන ජීවිතය ගැන ගතු කියන්නීය.

පරණ තාලයේ රවුම කරකවන දුරකථනය නාදවන වාරයක් පාසා ඇයගේ හිතට ඕස්ට්රේලියාවද ,නවසීලන්තයද,කොට්ටාවද පැමිණෙයි.බොහෝ විට ඇමතුම එහා ගෙදරිනි."නෝනා නිදියි කියන්න"දුරකථනයටද එහා අන්තයේ ඇය එනතෙක් මග බලන එහා ගෙදර නෝනාටද ඇසෙන්නට මෙහෙකාරියට කියයි.

සමහර වෙලාවට, කියුවෙ සති දෙකකට,මාසෙකට පාරක් වගේ ඕස්ට්රේලියාවෙන් ඇමතුමක් එනවා."අම්ම බෙහෙත් ගත්තද?"හැමදාම දෙවනියට නැත්නම් තුන් වෙනියට ඔය ප්රශ්නෙ නැගෙනවා.හැමදාම සුපුරුදු ප්රශ්න."මට අම්මව හැමදාම මතක් වෙනව""අම්ම බලන්න ලගදිම එනව"වගේ දේවල් කියවෙන්නම නැති තරම්.අහම්බෙන් වත් එහෙම දෙයක් කියවෙනකල් ඇය බලන් ඉන්නව.

අහම්බෙන්වත් සිද්ධ නොවෙන අහම්බ...

ක්ෂීර පථය පොලොවට කඩන් වැටිලා ගිනිගන්නවා වගේ පේන හවස්වරු වල මිදුලෙ උදුපියලිය පාගන්න ඇය එලියට බහිනවා.සිමෙන්ති වලින් හදල තියෙන බන්කුව උඩ වාඩි වෙලා ඉර එහාගෙදර වහලය තුල ගිලෙනකම් මග බලනවා.

"ඉස්සට ඔය තරම් ලොකු ගෙවල් තිබුනෙ නැහැ.මොකට ඔච්චර උසට හදනවද මන්දා."නගුට වනමින් ලගට එන ටීනාට ඇය කියනවා.බැල්ල වටහා ගත්තාක් මෙන් හිස වනනවා. 

මෙහෙකාරියට තමා ගේ ඇතුලෙ නැති බව දැනෙනෙකල්ම ඇය මිදුලේ ඉන්නවා.

ඉස්සර වත්තේ තිබුනෙ උදුපියලිය නෙමෙයි.අපි මෑකරල් හිටෙව්වා.ලොකුපුතා තමයි උදවු කරන්නෙ.දෙවනියයි පොඩ්ඩයි හරිම කම්මැලියි.ලොකු පුතා තාම වග කටයුතු කරනවා .ගෙදර.... කියුවෙ නැන්දම්මගෙ ගෙදර. දැන් මෙහෙ එන්නෙ නැහැ.එක ගෙදර තුනට කඩල කොලවල ලියන්න මගේ තිබුන අකමැත්තෙ ප්රථිපල.

ලියපු කෙනා, කියන්නෙ ගෙදර අයිතිකාරයා බාලයා උනේ සම්ප්රධායානුකූලව.ඌත් දැන් නවසීලන්තෙ.එහෙ සීතල ඇති නොවැ මෙහාට වැඩිය...

ටීනා හැමදාම මගේ ලග….වැඩට ඉන්න ගෑනි මේ සතාට බනින්නෙත් බලු බාසාවෙන්මයි.

"මට දුක හිතුනට කරන්න දෙයක් නෑ බල්ලො.දැන් ඉස්සර වගේ උඹේ වැඩ කරන්න මට බෑ."

" ගෑනි කියන විදියට ඉන්න එකයි.මගේ පුතාල කරන්නෙත් ඒකමයි..උන්ට තේරෙනව උඹට වැඩිය.ගෑනු ගහන ගහන පදේට නටන්නෙ ඒකයි.ගෑනිද අම්මද කියන ප්රශ්නෙ එකතැනකදි ,ගෑනි කියන උත්තරේට උන් හැමෝටම එන්න උනා."

මේ බැල්ල ඇයට හොදටම සමීපය. දුක් බර ඇස් ඇය අදුනන්නීය.

තවත් දවසක් උදාවිය.

ඉර එහා ගෙදර වහලය උඩින් නැග එමින් තිබින.ඇද මතද,බලු කූඩුවේද,නිසල සිරුරු දෙකක් සීතල වෙමින් තිබින...

සීරුරු උනුසුම් කරන්නට,ඉරේ රස්නය මද විය...

1 comment:

  1. http://www.dinamina.lk/epaper/art.asp?id=2011%2F12%2F02%2Fpg16_0&pt=p&h&fb_source=message

    ReplyDelete