මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, November 1, 2010

අන්තර්ජාල මිරිගුව(Fantacy of Online Friendships) -කෙටි කතාවක්....

පෙරවදන:-මුලින්ම කියන්න ඕනෙ නම් ගම් සියල්ල මනන්කල්පිත නෑති බව...කල්පිතත් නෑති බව.සියල්ලම මේ සමාජයේ මාත් සමග ජීවත් වෙන චරිත......මට හමුවුනු චරිත,සහ ඉදිරියට හමුවෙන චරිත.....

කාලින්ග ගේ කතාව....

මීට අවුරුදු 4කට විතර කලින් මම කෑම්පස් එකට ඈතුලුවුනම දවස් වල...අපේ ගෙදරට අන්තර්ජාල පහසුකම් ගත්තෙ දෑන් ඉතින් පුතත් විශ්ව විද්යාමලෙ තේරුනු හින්දා,පුතාගෙ අධ්යායපන උවමනාකම් වලට කියලයි.මමත් ඉතින් බොහොම උනන්දුවෙන් වෑඩ කරනව කියලයි අපේ අම්මලා හිතුවෙ...කොහොමටත් අලුතින් ලෑබුනු සම්බන්දයෙන් ප්ර්මෝදයට පත්වේ හිටිය මම නම් කලේ අන්තර්ජාලයේ නිදහසේ සෑරිසරපු එක තමයි.අම්මලට ඉතින් ඕවයි වෑඩි යමක් තේරුනේ නෑහෑ.

විදේශීය දොඩමලු කාමරයකට(Chat Room) මම අහම්බෙන් යෑවුනෙ ඔය අතරතුර තමයි.මට අලුත් යාලුවො ගොඩාක් හම්බුනා.නම් ගම් රහිත....හෑමෝම හොදට කතාබහ කලා. රූපයක් දෑක්කෙ නෑ....නමක් ගමක් තිබුනෙ නෑ....ඒත් බොහොම හොදට කතා බහ කලා.... ඔය අතරෙ මට එක්තරා ගෑහෑනු ලමයෙක් හමුවුනා.ඒත් මේ දොඩමලු කාමරය අතුලෙ මයි.එයා වෙන රටක.අපි කතා කලා.

කතාව දික්වුනා ටිකෙන් ටික....හෑම දාම කතා කලා.එයා මම එනකල් බලාන හිටියා.මම එයා එනකල් බලාන හිටියා. ඒක තමන්ගෙ හිත් ගත් කෙනා එනකල් බස් හෝල්ට් එකක එහෙමත් නෑත්නම්,පාක් එකක බලන් ඉන්නවට වඩා වෙනස් හෑගීමක්....එයගෙ නම දන්නෙ නෑතුව,එයා එයිද කියල දන්නෙ නෑතුව.....මම එයා වෙනුවෙන් බලාගෙන හිටියා. එයා මම වෙනුවෙන් බලාගෙන හිටියා.අපි හුගාක් දේ ගෑන කතා බහ කලා.ඒ කතා කල විලාසය මගේ හිත හොදටම අරගත්තා.කතා කල දේවල් සාම්ප්රයධායිකත්වයෙන් බෑහෑරයි.හෑබෑයි සම්මතය තුල....

අපේ කතා බහ අතරෙදි ඈය කෙතරම් සොදුරු දෑයි දකින්නට මට ඕනෑ උනා.ඈයව දකින්නට.සමුදුරකින් එහා යන්නට මට හෑකි වුනේ නෑහෑ.ඈය මට ලිපිනයක් කියුවෙත් නෑහෑ. ඈයට මිතුරු දමක් පමණක්ම වන්නට ඈති.ඒත් මට එතනින් එහා ගිය හෑගීමක් දෑනෙමින් තිබුනා.... ඈය නොදෑනුනා වගේ හිටියා……

අපි දවසක් ආදර සම්බන්ධතා ගෑන කතා කලා.මගේ හිතට ආපු ප්රුථම ප්රේ මයේ මතකය මම ඈයත් එක්ක බෙදා ගත්තා.මගේ හිතේ සිහිවටන ඈයටත් දෑනෙනවට මම ආසා වුනා. බලා පොරොත්තු නොවුන විදියට "මම ඔයත් එක්ක තරහයි" ඈය කියුවා.මට හිතාගන්නට බෑරි වුනා.ඈයි මාත් එක්ක තරහ මම ඈහුවා.....මට තේරුනේ නෑහෑ. ඈයට දුක හිතිලා. ඊට පහුවෙනිදා,හරිම දුක දවසක්...

එයා ආවෙ නෑ.මම තවත් බලාගෙන හිටියා.ඒත් නෑ..ඊට පහු වෙනිදත්,ඊට සතියකට පස්සෙත් ඈය ආවෙ නෑ... බස් හෝල්ට් එකකට,පාක් එකකට වඩා පාලු තෑනක මම තනියමම හිටියා...ඒත් තවමත්.....

Story of Angeline….

එයා හරිම පුන්චි ළමයෙක්.කාලින්ග.....මට අද වගේ මතකයි....අපි කතාකලා.මම අවුරුදු 20 පහුකරලත් එතකොට අවුරුදු 20ක්....මම ආයෙත් අවුරුදු 20ක කෝල ලෑජ්ජාශීලි ගෑහෑනු දරුවෙක් බවට පත් වුනා.....

මම අවුරුදු 20දී කතා කල දෑ ආයෙමත් කතා කලා....මට ටිකින් ටික වරදකාරී හෑගීමක් දෑනෙමින් තිබුනා.හිත නොදන්නා හෑගීමක් හිත ආක්රදමණය කරමින් තිබුනා....

මම හිතුවා ඒ කතාවෙන් අයින් වෙන්නට....ඈමරිකාවේ සිට වුනත් සාම්ප්ර ධායිකත්වයේ අත්වෑරදීමක් මට දෑනෙමින් තිබුනා....මම ඉවත් වුනා....

ඒත් තාමත් මට ඒ වරදකාරී හෑගීම දෑනෙනවා.කාලින්ගට කොහොම දෑනෙනවා ඈතිද....

මට ඔයාට කවරදාකවත් කියාගන්නට බෑරි වුන හෑගීමක් මට අවසානයේ දෑනෙමින් තිබුනා.කාලින්ග,,,,,,මම ඔයාට ආදරය කරමින් සිටියා ඒ වන විට.....ඒත් දෑන් සියල්ල අවසානයි....

4 comments:

  1. ලස්සනයි... දිගටම ලියන්න.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි prashan.:))))

    ReplyDelete
  3. nice story written..i think you can continue the second part of this story.:)

    ReplyDelete
  4. ya sampath...may be in near future.....;)

    ReplyDelete