මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, January 22, 2011

අපේ රටේ පොලිසි සහ කැම්පස්....

මේ මතෘකා දෙක කිසිම විදියකට එකිනෙකට සම්බන්ධ නෑ කියල තමයි එකපාරටම ඕනම කෙනෙකුට හිතෙන්නෙ.ඒත් අපි නොදකින සම්බන්ධයක් තියෙනවා.මේ දෙකම රාජ්‍ය ආයතන.මේ ලියමනේ මාතෘකාව ලන්කාවේ රජ්‍ය ආයතන කියල වෙනස් කරන්නට තිබුන නම් හොද වුනාට එහෙම වෙනස් නොකලෙ මම මේ ලියන දේ අත්වින්දෙ පොලිසියෙ මහත්මයෙක් ගෙන් සහ විශ්ව විද්‍යාලයේදී පමණක් නිසා.

ඔන්න මම ලගදි දවසක් කැම්පස් එකට ගියා.ඒ ගියේ  convercation එකට අදාල ලියමන් වගයක් පුරවලා දෙන්නට.උදේ පාන්දරම ගියේ.හොස්ටල් එකෙන්,පුස්තකාලෙන් සහ පීඨාධිපතිගෙන් අත්සන් ගන්නට තිබුනා,මම විශ්ව විද්‍යාලයට ගෙවීම් කරන්නට නැති බවට.මේ ලියන්නෙ ඒ අතරෙදි අත්විදපුවා.එක office එකක කාන්තාවක් තේ බීලා ඉවර වෙනකල්(අනිත් මේසයේ කාන් තාවක් සමග කතාකරමින්)පෝලිමකට වී බලාගෙන සිටියා තවත් ළමයින් රැසක්ද සමගින්.තවත් තැනකට යනවිට උදෑසන ආහාරයට පසුව තවත් ගැහැනියක් තොල් ආලේප තවරනවා.ඒ තොල් ආලේපනය මගේ විනාඩි 10ක් පමණ ආහාරයට ගත්තා.තවත් ළමයින් පිරිසක්(මොවුන් දැනට රැකියා කරන අය ) trasnscript එක ලබා ගන්නට ඇවිත් හිටියා.එයට අදාල නිලධාරියා ඇවිත් නෑ කියල ඔවුන් ආපසු හරවලා ඇරියා.දැන් ඒ ළමයින් තවත් නිවාඩුවක් ගෙන තවත් දවසක පැමිනිය යුතුයි.අදාල නිලදාරියා නොමැති දවසට වැඩ බලන්නට තරම් පුහුනුවක් ලද වෙනත් නිලධාරියෙකු සිටිය යුතු නැද්ද?

කොහොමින් කොහොමින් හරි වැඩටික ඉවර කරගෙන පාරට බැස්සා කියමුකො.බස් එකේ යන්න වෙලාව මදි නිසා 3රෝදරියකට ගොඩවුනා.අපි ටිකක් දුර යනකොට පොලිස් නිළධාරිතුමෙක් බයිසිකලයකින් අපේ ඉස්සරහින් යනවා.හරිම හෙමින්....ඉබි ගමනින්...3රෝද රියේ රියදුරුතුමා නලාව නාද කලා.මෙන්න පොලිසියේ මහත්මා 3රෝදරිය නවත්වන්නට සන් කලා.එක පාරටම කිසිම හේතුවක් නොමැතිවම රියදුරාට බනින්නට පටන් ගත්තා.

රියදුරාට කියන්නට හේතු බොහොමයි.මටත් අහන්නට හිතුනා නලාව නාද කරන්නෙ නැතුව ඉස්සර කරන්නෙ කොහොමද කියලා.අහන්න දේවල් බොහොම හිතේ තියගෙන අපි කතාව අහගෙන හිටියා.දැන් රියදුරා බැගෑපත් වෙනෙවා දඩ කොලයක් ලියන්නට එපා යැයි කියමින්.මට තනියම හිනා.මිනිස්සුත් වටවෙලා බලාගෙන ඉන්නවා.ඒත් පොලිසියෙ මහත්මාට විරුද්ධව මුකුත් නොකියමින්.මේවත් මාර ආණ්ඩු තමයි.දැන් ලන්කාවේ වාහන සියල්ලම පොලිස් නිලධාරීන්ගේ වාහන පසුපස යා යුතුයි.ඉස්සර කිරීම සපුරා තහනම්.මේ අනිත් කාන්ඩෙටත් දැනගන්න එක්කලා තමයි ලියුවෙ....ඔන්න මීට පස්සෙ වාහනේක යනවනම් පොලිසියෙ බයිසිකල් පිටිපස්සෙන් යන්න.... :-D

6 comments:

  1. මේක යකාගෙ රටක්නෙ :D

    ReplyDelete
  2. ඒක තමයි කියන්නෙ...

    ReplyDelete
  3. ලංකාවෙ පොලොසි ගැනනම් කතා කරල වැඩක් නෑ...

    ReplyDelete
  4. sure ekatama wateta wela balan hitapu anith hamotamath ohoma hithenna athi.. what to do :(

    ReplyDelete
  5. මොකක්ද දන්නවද කියන්නේ පොලිසියට සම්තින් දෙපාර්ථමේන්තුව බන්

    ReplyDelete