මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, January 29, 2011

ඇයගේ සයවැනි ප්‍රේමය සහ ඔහුගේ පලවැනි ප්‍රේමය(Her sixth love & his first love)

පසුතලය:-ලස්සන Flora

චරිත:-ශෙරීන් සහ පැටිකිරි කෝරාලගේ ධර්මේන්ද්‍ර කොබ්බෑකඩුව

මම එයාගෙ පාදයක් ලගින් මගේ කකුල තිබ්බා.මගේ කකුලෙ තිබුන සපත්තුව එයාගෙ පාදවල තිබුන සැන්ඩ්ල්ස් වලට ගැලපුනෙ නැහැ .කඩේ තියෙන මිලාධිකම ගැහැනු සපත්තුව සහ සාම්ප්රනධායිකම පිරිමි සපත්තුව කියල හිතන්නකො.බැදල නෑ...බදින්න කියල තමයි ඉන්නෙ.මට තිබුනෙ සෘණ ස්වයන් තක්සේරුවක්.පුන්චි කාලෙ ඉදලම.මට ඉගන ගන්න බෑ කියල මම හිතන් හිටිය.ඔහු මේ වෙලාවෙ ඉන්නෙ මගේ කර වටේ ඔහුගේම වූ තනි කලුපාට අතක් යවා මාව ඔහුගේ ඇගට හේත්තු කර ගනිමින්.ඔහු මට පහදා දෙමින් සිටිනවා සම්ප්රතධායික විවාහයක වැදගත්කම.ඔහු නිලමේ ඇදුම සහ මා විසින් ඇදිය යුත්තාවූ ඔසරිය පිලිබදව....මම අදින්නට කැමත්තක් නැති සහ ඇදිය යුතු.... මම කැමතියි ලස්සන සුදුපාට ගවුමකට....රුසියානු සම්ප්ර දායේ ඇදුම් වලට මම කොහොමත් කැමතියි....ඒ ඇදුමෙනුත් උරහිස ලග ඉදලා දෙපා ලගටම වැහෙනවා කියලා මේ උගත් මෝඩ මොලයට තේරෙන්නෙ නැත්තෙ ඇයිද මන්දා....

යෝජිත ප්රේගම විවාහයක මා පැටලී සිටිනවා.මා ඉසින් පටලවා ගත්…මගේ ශරීරය ඉතාමත් සිහින් පැහැපත්....සුදුම සුදු...උස...හරියටම කියනවා නම් ඔහු තරමටම උස නිරූපිකාවකගේ ස්වරූපය...ඔහුගේ සිත නොවේ ඇස පැහැරගෙන තිබුනා.... ඔහු ඔහුගේ ඇස් වලින් අධික කැමැත්තකින් මා දිහා බලාගෙන සිටියා....ඔහුගේ කමිසයෙන් එන දහඩිය ගද මම ඉතා අකමැත්තෙන් දරාගෙන සිටියා.සමහර දහඩිය සුවදවල් තිබෙනවා.මාවිසින් විදින ලද...නමුත් මේ වතාවෙදී හෝර්මෝනත් හරස් වී තිබෙනවා සම්බන්ධතාවයට.

ඔහු කැමති නැහැ මම වෙනත් පිරිමියකු සමග වාහනයක ගමනක් යනවාටවත්..මම කියන්නෙ හැමදාම හැම අවස්ථාවකම නෙමෙයි.හදිසි අවස්ථාවකදී වත්....එවැනි අවස්ථාවල මම බොරු නොකියා ඇත්තත් නොකියා ‘Omitting the truth’ ස්වබාවයක සිටින්නට උත්සාහ කලා...

මම මගේ අප්පච්චීගෙන් මට නොලැබී අයියාට ලැබුනු තාත්තාගේ ආදරය ඔහුගෙන් බලාපොරොත්තු වුනා.අප්පච්චී කියන වචනයේම තියෙනවා දුරස්ථ බාවයක්...තාත්තාගේ ආදරය ඊට වඩා හිතට දැනෙනවා. තාත්තාගේ ආදරය ස්වාමිපුරුෂයාගෙන් ලබා ගැනීම අමාරුයි.එතන තියෙන්නෙ ඊට වෙනස් විදියක ආදරයක්.මම බලාපොරොත්තු වුනේ සුරතල් කිරීම්.ලැබෙන්නේ අප්පච්චීගේ නීති.

මම ඔහු තරම් පොත් කියවා නැහැ...නිකොලයි ගොගොල්...මහගමසේකර...මට වචන දෙකක්...නැත්නම් නම් දෙකක්.එයාලට ඊට වඩා හොද නම් දාන්න තිබුනා කියලත් මට වෙලාවකට හිතෙනවා.Gladiator shoes ගන්න ඕන කියල කියුවම එයා මගේ දිහා බැලුවෙ ඒ මොනවද කියල අහන බැල්මක්.

මම ඔහුට සුරතල් සත්වයෙක්.හරියට පූස් පැටියෙක් ඇතිකරන්න වගේ...මගේ අදහස් ඔහුට වැදගත් වුනේ නැහැ.ඔහු ගැහැනුන් ගැන උවමනාවටත් වඩා දැනගෙන හිටියා.පශ්චාත් උපාධිය "කාන්තා මනෝවිද්යාුව".එහෙත් සජීවී ගැහැනුන් සම්බන්ධ ප්රාශයෝගික පුහුනුවක් ලබා සිටියේ නැහැ.මම ඔහුගේ ප්රනථම ප්රේිමය සහ විවාහය.විවාහයට පස්සෙත් ප්ර්ථම ප්රේරමය ඇති වෙන්න පුලුවන් නිසයි එහෙම කියුවෙ. අවුරුදු 32ක් වයසැති පිරිමියෙක්,අවුරුදු 18ක ගැහැනු ලමයෙක් සමග විවාහ වීම...අපේ අප්පච්චි බොහොම කැමති වුනා.

අනිත් හැම යුවලක්ම බොහොම ආදරෙන්.ඒ හැම පිරිමි ළමයෙක්ම බොහොම ලස්සනයි.වැරදුනා, කඩවසම්....මේ සියල්ලම වෙනස්වෙලා මට ඒ පිරිමි ළමයෙකු සමග විවාහවීමට සිටින ගැහැනු ළමයෙක් වෙන්නට ඇත්නම්...මට එහෙම හිතුනා.



6 comments:

  1. ලස්සනයි. ඒ වගේම හිතට දැනෙන කථාවක්

    ReplyDelete
  2. ඇත්තටම මටත් හිතෙන්නෙ "අප්පච්චි" කියන වචනෙ "තාත්තා" කියන වචනෙට වැඩිය දුරස් බවක් තියනවා කියල.
    සිදුවිය හැකි දෙයක් ලස්සනට ගලපල තියනවා.

    ReplyDelete
  3. ජීවිතය තියෙන්නේ විදවන්න නෙවෙයි විදින්න..

    ReplyDelete
  4. අක්කා හිතන විදිහ ටිකක් වෙනස් වගේ කියල හිතුනා. ලස්සනයි..

    ජය..

    ReplyDelete
  5. හිතන විදිය නම් හුගක් වෙනස්....ඒත් හිතට එකගව ජීවත් වෙන්න නම් අමාරුයි...අපි හැමදාම ජීවත් වෙන්නෙ අනුන්ට ඕන විදියට....නැත්නම් රැඩිකල් චරිත විදියට ආමන්ත්‍රණය කරන්නට පටන් ගන්නවා...
    ස්තුතියි හැමෝටම...:)))

    ReplyDelete
  6. උපරිමයි........මගෙ හිත අවුල් වෙලා තියනකොට තමයි කියෙව්වෙ....හිතට අමුතු විඩියට දැනුනා.......
    ඔයාගෙ සිතිවිලි වල අමුතුම සුන්දරත්වයක් තියනවා Sis.....
    Keep it up sis.....

    ReplyDelete