මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, January 7, 2011

ඊයේ ගිය මගුල් ගෙදර හෙවත් ඉස්සර ප්‍රේමයේ මළ ගෙදර........

මනමාලිය ලස්සනය...
මනමාලයා ලැජ්ජාශීලීය...
මනමාලියගේ යෙහෙලියගේ විඩාපත් මුහුණ ....
ඇයත් නරකම නැත...

හැතිරිය...
බලන හැටි,
මට නුදුන් දුව දෙස....
බොහොම ආඩම්බරෙන්....
ඒ මනාලියගේ අම්මාය....

රෑ පුරා මට හුගක් මතක් විය...
මධුසමයෙ හීන ගැලපූ අතීතය..

ඊයේ රාත්රිය...
නුඹ අඩවන් නෙත් ඇතිව ඉන්නට ඇත...

මම රතුවන් නෙත් ඇතිව...
මධුවිතෙන් සපිරිව...

සහබාගී වීමි...
 ඉස්සර ප්‍රේමයේ මළ ගමට....

4 comments: