මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 3, 2010

ආගන්තුකය..........

ඇහැල මහටත් දෑනෙන,

නුහුරු සීතල කෑටිව,

බමර කුලයේ හීන ,

හිත යටට තුරුලු වෙයි

නොනිදි රෑය බෝ දිගයි,
සද එලිය කලුවරයි....
පෝය නික්මිනි විගස,
අමාවක අත වනයි.........

අතීතය,
මද හසට විරසක..
සිනහවෙන් සරසන්ට,
මග කියූ,


ආගන්තුකය.........



තියා ගන්නට මතක,
නොආවෙමු
දිගු මගක්...........

ඒත් ඒ මතක බිද,
හොවා රකිනෙමි,
ඈහි පිල්ලමක් යට........
බොහොම සෙනෙහසින්........

No comments:

Post a Comment