මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 3, 2010

STARDUST....

තරුවක් පොලොවට කඩාගෙන වෑටිලා..හොරාටම.කවුරුවත් දන්නෙ නෑ.මිනිස්සු සල්ලි හොයන්න වෙහෙසෙන නිසා තරු දිහා බලන්නත් දෑන් වෙලාවක් නෑ.ඉස්සර, අපි පුන්චි කාලෙ රෑට අහස දිහා බලාගෙන ඉන්නවා.ඒ ගෙදර ඉස්සරහ තියෙන ගල් වෑට උඩ ඉදගෙන...
හද පායලා තියෙන කොට ලස්සනයි කියල අනිත් අය කියුවට මට ලස්සන තරු පිරුනු, හද නෑති අහස...තරු වලින් විතරක් පිරුනු අහසෙ තියෙන අදුරෙ අමුතු සුන්දරත්වයක් මම දකිනවා.හිටපු ගමන් තරුවක් පොලවට කඩාගෙන වෑටෙනවා.
"ඒ තරුව කොහාටද වෑටෙන්න ඈත්තෙ අම්මෙ?".මම අහනවා."හුගාක් දුර පුතේ".අම්ම කියන්නෙ හරියට මම ඒ තරුව හොයන්න යයි කියල බයෙන් වගේ.ලග පාතකට වෑටුන නම් හොයන්න හිතාගෙන තමයි ඈත්තටම මමත් අහන්නෙ.
STARDUST Film එක මම බෑලුවෙ මේ ලගදි.ඈත්තටම ඒ film එකේ තියෙන්න වගේ තමන්ගෙ හිමි කරයා හෝ හිමිකාරිය තරුවක් වෙලා පොලොවට කඩාගෙන වෑටෙනවා නම් කොච්චර අපූරුද?එහෙනම් මේ මගුල් කපුවන්ට,සති අන්ත පත්තර වලට හරිම පාඩුවක් තමයි වෙන්නෙ...

film එකේ තියෙන දෙබසකින්ම සටහන අවසන් කරන්න හිතුනා.මේ කතාව කියන්නෙ අර පොලොවට කඩාගෙන වෑටුන තරු කුමාරිය...මම අහල තියෙන ලස්සනම ආදරය ප්‍රකාශ කිරීම තියෙන්නෙ මේ වචන වල.මේ වගේ ආදරයක්..... ???????????


"Do you know when I said I know very little about love? It was not true. I know a lot about love. I have seen it .I have seen centuries & centuries of it. It was the only thing that made watching your world .All those wars, pain, lies, hate…may be I want to turn away and never look down again. But to see the way that the man kind loves. I mean you can search furthest reach of the universe and never find anything more beautiful. So, yes I know that love is unconditional. But I also know that it can be unpredictable, unexpected, uncontrollable, unbearable and what I’m trying to say tristan is, I think I love you….my heart can barely contain it. It does not belong to me anymore & it belongs to you & if you want it,I’d wish for nothing in exchange. No gifts, no goods, no demonstration of devotions nothing but knowing that you love me too.Just your heart in exchange of mine…."

එක අතකට ඉතින් මේ වගේ ආදරය කරන්න පුලුවන් සුරන්ගනා කතා වලම තමයි......

1 comment:

  1. me wage adare karana ayath innava. kathava thama liyala na.

    ReplyDelete