මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 17, 2010

ලoකාවේ අධ්‍යාපනය...programming සහ කවි...

මටත් දෑන් නම් එපාම වෙලා තමයි තියෙන්නෙ.අන්තිම සහ අවසාන පාර කියල තමයි මමත් මේ කරන්නෙ.ආයෙත් නෑහෑ ජීවිතේටම.මමත් ඉතින් උසස් පෙල පාස් උනාම campus තේරුනාම ටිකක් උඩින් තමයි හිටියෙ.අනික ඉතින් මොරටුවට තේරුනා කියුවම මටත් හිතා ගන්න බෑරි උනා.මොකද මම මෑට්ටියෙක් කියල මම ඒ දවස් වලම ඉදල දෑනගෙන හිටියෙ.හෑබෑයි මට සින්හල නම් බොහොම හොදට පුලුවන්.සාහිත්‍ය එහෙම.

චක්කරේ එහෙම පාඩම් හිටින්නෙම නෑහෑ මට.ගනන් පන්තියෙ ලකුනුත් අඩුයි.පොඩි කාලෙ පහ වසරෙදි..ඒත් ඉතින් අනේ මන්ද කොහොමද කියල සාමාන්යට පෙලෙ උසස් පෙල එහෙම පාස් වෙලා කෑම්පස් නුත් තේරුනා.සාමාන්‍ය පෙල හොදට පාස් උනු නිසා මගේ උසස් පෙලට කළා(ARTS) කරන්න තිබුනු ආසාවත් ලත් තෑනම ලොප් උනා.

"මෙච්චර හොදට පාස් වෙලා කළා විෂයයන් කරන්න පිස්සුද ඔය ලමයට?"....

ගුරුවරු ඈහුවෙ එහෙම.විද්‍යා විශයයන් තමයි අන්තිමට කලේ...තේරුනේ තොරතුරු තාක්ෂණය(IT) කරන්න.ඉස්කෝලෙ කාලෙම ඕක මට එච්චර අල්ලන විෂයක් නෙමෙයි කියල තේරිලා තිබුනෙ.

"තමන්ට සුදුසු නෑති එකකට තේරෙන්නෙ නෑනෙ..."

අම්ම කියුවෙ එහෙම.ඉතින් එහෙමම හිතල මමත් හිත හදාගත්ත.

ආපු ගමන් සීනියර් බෑච් එකේ අය්යල අක්කල ටික අපිව හදේ(moon) යෑව්ව.එයාල කියපු විදියට නම් out උන ගමන් රුපියල් ලක්ශයක් විතර පඩි.

"මරුනෙ මට හිතුන...හීනෙකින් වත් හිතුවද මෙහෙම පිනක් පාත් වෙයි කියල..."

ඒ ගොල්ලො කියපු එකෙත් එච්චර වෑරෑද්දක් නෑහෑ.මොකද අනිත් මිනිස්සු රස්සාවක් නෑතුව වේලෙන වෙලාවෙ අපි කීයක හරි පඩියකට වෑඩ කරන්නෙ මොරටුවෙ උපාධිය හින්ද තමයි කියල මටත් වෙලාවකට හිතෙනව. කොහොමින් කොහොමින් හරි කෑම්පසුත් ආව කියමුකො.ඔය programming නම් මට වහ කදුරු වගේ.එදා ඉදන්ම.බෑ කියලමනෙ හිතෙන්නෙ. කවදාවත් programming පොතක් කියවන්න.java ,web,c,c++ පොත් කියවන්න,practical කරන්න මට හිතෙන්නෙම නෑහෑ.ඒ වෙලාවෙත් කවියක් ලියන්න.කෙටි කතාවක් ලියන්නමයි හිත.

මොකද්දෝ පෙර පිනකටද කොහෙද,programming නෑති මටත් පුලුවන් කියල හිතෙන වෙන පෑත්තකට මාව තල්ලු උනා.ඒ හින්ද degree එක කරල අපතයෙක් වගේ ගෙදර ඈවිත් ඉන්න නම් උනේ නෑහෑ. ඒත් ඉතින් දෑන් මේ ෆිනල් ප්රොරජෙක්ට් එකට හිර වෙලා මට මුකුත් තේරෙන්නෙ නෑ වගේ. ආයෙ ජීවිතේට coding කරන්නෙ නෑ කියල හිතාගෙන මම මේ අන්තිම හා අවසාන එක කරන්නෙ. ඒත් ඉතින් ඒ අතරෙ මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ වෑදගත් කාරනාවකට....

කවියෙක්ව computer programmerකෙනෙක් කරන අපේ අධ්යා පන ක්රනමයෙ සුන්දරත්වය මතක් වෙලා..

1 comment:

  1. ලන්කවෙ අධ්යාපන ක්‍රමයට ජය වේවා...:-S

    ReplyDelete