මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 12, 2010

පුතෙක්...(ඒක දිග කතාවක්...අවුරුදු විසි හතරක්ම දිග...)

උදේ .....ට

දුවෙක් උපන්නා..
තාත්ත එහෙම ලියල තිබුන,
දිනපොතක..
මම දෑක්කෙ,
හුගක් ලොකු කාලෙ...
'පුත්තුත්' හම්බ වෙයි,
තාත්ත එහෙම හිතන්නෑති..


මම හුගක් පොඩිකාලෙ,
තාත්ත ලොකු කාලෙ..
මම රන්ඩු උනා...
"ලොකු අයිය ආස පුතෙකුට"
නෑන්ද කියනව,
මට ඈහුන....
"පුතෙක් වෙන්න පුලුවන් නම්" මට හිතුන....


තාත්ත,
හෑම දේම මට දුන්න..
නින්ද යන කල් කීව අන්දරේගේ කතා,
මට තාම මතකයි,
ඒ ආදරේ සුවද...


ඒ උනත්....

පුතෙක් නෑති අඩුව ,
ඒ හිතේ
තියෙන්නෑති....


අම්ම ඒ වගේ නෑ,
පුතෙක් නම් ඕන නෑ....
මට හරිම ආදරෙයි...
හෑමදාම මම හිතුව...
අවුරුදු විසි හතරක්ම...



උපාධිය හමාරයි...
මම හරිම සතුටින්,
හරිම පොඩි කාලෙකට...
අපේ ගෙදර..
අම්මගේ,තාත්තගෙ උනුහුමේ....


තේ දලු නෙලන ලද....
ඈයත් එක් ගෑහෑනියක්...
තවත්,
දරු ගෑබක් වඩා හිදි...
අපේ ගෙදරට ආපු...
අම්ම හරි සෙනෙහසයි
මහ හුගක් සලකනව..
ස්වාමියා හොරෙක්ලු...

මම නම් පතන්නෙ,
පුතෙක්ම ලෑබෙන්නට..
අම්ම කියනව මට ඈහුන,


"හොරෙක් උනත් පුතෙක් නෙ"...


හීනයක් වගේ මට,
හිතුවෙවත් නෑ මම...

ලෝකෙටම වටිනා...
එහෙත් "නොවටිනා"
ගෑහෑනියක් මම
තවත් එක...

කොපුල් තල තෙමුනා හොදටෝම...
"පුතෙක් වෙන්න ඈත්නම්" මට හිතුන....
ආයෙමත් ....

අම්මේ,

මතු බවෙක....
හොරෙක් වී හෝ පුතෙක් වෙන්නෙමි ඔබට...
මගේ අම්මාට...


3 comments:

  1. love this... really touching...

    ReplyDelete
  2. හදවතටම දැනුනා. මටත් හදවතට සමීපයි..ඒකයි

    ReplyDelete