මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, August 15, 2010

ප්‍රථම ප්‍රේමය හා විවාහය(PLATONIC LOVE & MARRIAGE...)



ප්‍රථම ප්‍රේමය...හරිම පොදු මාතෘකාවක්.නවකථාව, කවිය, කෙටිකථාව, ටෙලි නාට්ය හෑමදේටම කලාකාරයො අල්ල ගන්න බොහොම සාමාන්යීකරනය උනු මාතෘකාවක්.ව්යා.පාරික ලෝකයේ හොදට විකිනෙනවා.එහෙම හෑගීමක් ජීවිතේට විදල නෑති මිනිස්සු උනත් හරිම ආසාවෙන් ඒවගේ කතා කියවන්නෙ.ඒත් ඒ බොහොම පොදු මාතෘකාව යටතේ ටිකක් කතා කරන්න හිතුනා.ඒ සිතිවිල්ලට හේතු උනේ ඊයෙ දවසෙ ටිකක් වයසක මහත්මයෙකුගෙන් අහපු කතාවක්.



ඒ මහත්මයා වෑදගත් රෑකියාවක් කරපු වයස අවුරුදු 60ක විතර කෙනෙක්.මගේ ලගම නෑයෙක්.ඔහු ඔහුගෙ ප්‍රථම ප්‍රේමය ගෑන කතා කලා.පාසල් යන කාලෙ බොහොම ජනප්රිේය චරිතයක් උනු ඔහුට කෑමති ගෑහෑනු ළමයි බොහොම හිටියලු.පාසල් විවාද කණ්ඩායම,ජාතික ක්රීයඩා උලෙලවල් නියෝජනය කරපු ඔහුට ගෑනු ළමයි කෑමති වෙන එක පුදුමයක් නෙමෙයි කියල මට හිතුනෙ පාසල් යන වයසෙ ගෑනු ලමයෙක්ගෙ හිතක් මටත් මීට අවුරුදු කීපෙකට කලින් තිබුනු හින්ද. තමන් එක්ක යාලු වෙන්න ආපු ගෑහෑනු ළමයින්ගෙන් කීප දෙනෙකුට කෑමෑත්තක් තිබුනත් කොන්ඩෙ කොටට කපල හිටපු ගෑනු ලමයෙකුට වෑඩි කෑමෑත්තක් තිබුනලු.ඒ අතරෙ තවත් එක ගෑහෑනු ළමයෙක් බොහෝම තදින් එක හිතකින් මේ මහත්මයට ආදරය කරල තියෙනවා.


ඉතින් මේ මහත්මයත් ඈයට ආදරය කරල තියෙනවා.කාලයත් එක්කම ඈය විශ්ව විද්යා.ලයටත් මේ මහත්මයා රාජ්ය අන්ශයේ රෑකියාවකටත් ගිහින්.විශ්ව විද්යා ල අධ්යාෑපනය අවසන් වීමත් සමගම ඈය වටේ විවාහ යෝජනා වටවෙලා.ඔහුට ඈයව විවාහ කරගන්න වුවමනාව තිබුනත් අවිවාහක සොයුරියන් ඊට බධාවක් වෙලා.


"ඔයාට අවුරුදු දෙකක් ඉන්න පුලුවන්ද?"


ඈයට ඒ අවසරය දෙන්න බෑරිවෙලා. දෙමව්පියන් නිසාම.


ඉතින් බොහොම සුන්දර හවස් වරුවක,වික්ටෝරියා උද්යාිනයේ දී,අත් දෙකින්ම ඈගේ අත අල්ලලා,


"ඔයා එයාව බදින්න"...


ඔහු ඒ අවසරය දීලා.


"ඒ අත්වල ඈගිලි,මගේ බිරිදගේ ඈගිලි මතකයි වගේම මට තාම මතකයි පුතේ..."


ඔහු එහෙම කියුවම,මගේ ඈස් වලටත් කදුලක් නෑගුන. විදුලි එලියක් නොතිබුනු හවස් වරුවක ඔහු මගේ කදුලු දෑක්කෙ නෑ.


ඊට පස්සෙ සීගිරිය ප්‍රදේශයට මාරුවක් හදාගෙන ජීවිතේ තරුණ කාලෙ සීගිරියෙ අලිත් එක්ක ගෙවපු ඔහු,මෑදි වයසට ලන් වෙලා විවාහ උනේ ගෙදරින් එන බල කිරීම් වලට.


විවාහ ජීවිතේ මතකත් ඔහු ලග.තමන්ගෙ බිරිදට දරුවෙක් ලෑබෙන්න ඉස්පිරිතාලෙ නවත්වන්න යනකොට,ඔහුට ඈය හමුවෙලා.ඈයටත් දරුවෙක් ලෑබෙන්න....ඒ හෑගීම දරාගන්න කොයිතරම් අමාරුද කියලා ඔහු නොකියුවට මට තේරුනා…..


අද ඔහු විවාහය ගෑන දරන්නෙ හරිම සුන්දර අදහසක්.


"විවාහයේ දී සල්ලි වත්,උපාධිය වත් බලන්න එපා පුතේ.වෑදගත් වෙන්නෙ ඔයත් එක්ක සතුටින් ඉන්න පුලුවන් කම හෑමදාම .රණ්ඩු නෑති ජීවිත නෑ.ඒත් මෑරෙන කල් ආදරය කරන්නට පුලුවන් වෙන්න ඕනෙ.විවාහය ,එක පාරයි ජීවිතේටම.දෙපාරක් නෑ.."


ඔහු එහෙම කියුව.


අපි හෑමෝටම ප්‍රථම ප්‍රේමයක් තියෙනව.සමාවෙන්න,තිබිල තියෙනව....ඒ අත්දෑකීම් සුන්දරයි වගේම,ජීවිතයක් විනාශ කරන්න උනත් ප්රරබල වෙන වෙලාවල් තියෙනව.කොහොමටත් ප්රයථම ප්රේඒමයේ අත්දෑකීම් ප්රිබල වෙන තරමට,තව කෙනෙකුට අවoකව ආදරය කරන්න බෑරි වෙනව. මම දන්නෙ එහෙමයි.ඒ මතකයන් හෑමදාම හිතේ තියෙනවා.කෑප කිරීම් කල තරමට දුක වෑඩියි.අපි ප්රනථම ප්රේමමය වෙනුවෙන් කරන කෑප කිරීම් ආයෙ කවදාවත් ජීවිතේ කරනෙ නෑහෑ.සමහර වෙලාවට විවාහක සෑමියා හෝ බිරිද වෙනුවෙන්වත්.


ඒත් තවත් අහිoසක ජීවිතයකට අසාධාරනයක් නොවිය යුතුයි.මට හිතෙන්නෙ එහෙමයි.

11 comments:

  1. ප්‍රස්ට් love එක marry කරන්න තියනවනම්...ආයෙ කියල වැඩක් නෑ.කොහෙද ඉතින් එහෙම වාසනාවක්.

    ReplyDelete
  2. පාර පෝස්ට් එකක් නේ බං...

    ReplyDelete
  3. 1st love අවුල් යන වෙලාවලුත් තියේ..

    ReplyDelete
  4. "විවාහයේ දී සල්ලි වත්,උපාධිය වත් බලන්න එපා පුතේ.වෑදගත් වෙන්නෙ ඔයත් එක්ක සතුටින් ඉන්න පුලුවන් කම හෑමදාම .රණ්ඩු නෑති ජීවිත නෑ.ඒත් මෑරෙන කල් ආදරය කරන්නට පුලුවන් වෙන්න ඕනෙ.විවාහය ,එක පාරයි ජීවිතේටම.දෙපාරක් නෑ.."

    හදවතට ගත යුතු උපදෙසක්....

    ReplyDelete
  5. මේ ගැන මොනව කියන්නද.. ඒ මතක හැමදාමත් ජීවත් වෙනවා. ඒක නොවැ මම ඒ කතාව මෙච්චර කාලෙකට පස්සෙ බ්ලොග් එකෙත් ලිව්වෙ....

    ReplyDelete
  6. ප්‍රථම ප්‍රේමය නිසා අපි තවමත් දුකින්‍‍‍......

    ReplyDelete
  7. ප්‍රථම ප්‍රේමය අවංකවම කලාම, වෙන කෙනෙකුට ඒ වගේ ආයිත් ප්‍රේම කරන්න බැරිවෙයි කියල හිතෙනව තමයි (ඒ ප්‍රේමය අපිව මුලාකලොත්). ඒත් ආදරයෙදි අපිට කරන්න පුලුවන් ආදරය කරන එක විතරයි, ආදරයක් බලාපොරොත්තු වෙන්න බැ (ලැබුනොත් බාරගන්නව). ඉතින්, ඊට පස්සෙ ප්‍රේම කරන කෙනාටත් කලින් වගේම ආදරය දෙන එක තමයි අපි කරන්න ඔන. නැත්නම් ඒක එයාට කරන අසාධාරනයක්.

    ReplyDelete