මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 17, 2014

මගහැරී ගිය අය...

දම්පාට මල් සහිත කොණ්ඩා සැරසිල්ලකට
වසග නොවනා හිත් සහිත අය....
අදුන්ලූ දිගු නයනතට
සායම් ලවනතට
බැරිය මා වශී කරනට....

ඔයා දැන් හරි වෙනස්.....

චිචිරි චිරි පොලවෙහි
ඔබ එන්න...

හුගක් ඉස්සර දවසක
දොඹ ගෙඩි බිම වැටුනු හවසක....
දුඹුරුපාටින් වැහිමල් ඉහුන
කහපැහැති සායක
තනිකරල් කොණ්ඩයක
බැදුනු හිත්
අතැර ගිය තැන්වල
තාමත්...

වැහි දියෙන් තෙතබරිත දවස් වල
හයියෙන් කිවිසුම් අරිමින්
එමග යන
කෙලි දෙපා පොඩි වල පැටලෙමින්...

තවමත් ඔබව සොයමින්...

No comments:

Post a Comment