මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 14, 2014

නාට්‍යංගනා ප්‍රේමය...

සිදුහත් කුමරු
පෝය සෑහෙන්න ගණනකට ඉස්සර හවසක
ජැන්ඩියට ඇදගෙන
රජ්ජුරුවන්ටත් වැඩියි ඒ උජාරුව....

 

මමයි දැක්කේ මුලින්ම
හිතේ පිරුනේ ආලයයි දැන දැනම
නෙතින් විහිදුන කවියකත් නැවතුනා මතකය
ප්‍රේමය...

 

ආලයක් හටගන්න බැරුවාද
පතිවතක බැදුනාට....
නාට්‍යංගනාවකට
පෙම්කරන්නට බැරුවාද මුළු හදින් කුමරෙකුට....

 

සැකක් නැති
බිසෝ තෙම පෙම් කලේ නැතුවාට...
සිදුහත් හිතේ තාම මා ඇතුවාට...

 

ගිහිගෙයත් හැරයන්න තරමටම
ජීවිතේ දුකක් කල
යසෝදරා හිතක අල්පයක් නැති ප්‍රේමය...

 

 

No comments:

Post a Comment