මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 17, 2014

රිදෙන තටු ඇති අය

අසේවනාච බාලානං
ඒ වුනත්
කොහෙන් හොයන්නද
ඔය තරම්
වයසකම උදවිය...

සුදුපාට කෙස්ගස් තියෙන
උඩහගෙදර ගුණේ අයියට නම්
අවුරුදුම හතලිහක් දැන්
බලාගත් අත බලාගෙන
උඩ බලාගෙන
බිම බලාගෙන
රට ගියපු නෝනා එනකල් ඉන්න....

මැවුම්කාරක දෙයියනේ
ඇයි මෙහෙම මැව්වෙ අප
සමහරක් තීරණ ගන්න
එක ඔලුවකට බැරි වෙන්න

අසේවනාච බාලානං
ගුණේ අයියට නං
සෑහෙන්න වයසයිනෙ දැං

ගුණේ අයියේ මෙහෙ එන්න
කණ්ඩිය උඩින් ඉදගන්න
"ප්‍රේමය පාපයක්දැයි කියන්න..."

"නො එන අය එන මග බලන අය
මෝඩයෝ නේදැයි කියන්න"

2 comments:

  1. මම හිතන්නේ නෑ මෝඩයෝ කියලා

    ReplyDelete
  2. mata nam hithenne ehemayi... :)

    ReplyDelete