මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 31, 2014

කතා නොකරන
හදවත් මතද
නිල් කටරොලු මල් පිපෙන
දවස් ඇත...

වසිලිස්සා
එහෙම දවසක
ඕකිඩ් මලකින්
හිස සරසනවා මදිවට
පාට කූරකින් තොල් වටා
අදිනවා ඇත....

ලා රෝස තොල්
තව රෝස පාටට
මායාකාර තෙම විදිනවා ඇත...
ඇස් වලින් විදින
දෙතොලක රසට
තාමත් නමක් නැති එක
මැජික් බලයෙන්
වසන් කරදෙනු ඇත

අදුන් ලූ දෙනුවනක
ඇත්ත ආදරේ නැතුවට
චෙරි රසැති ප්‍රේමයක්
තියෙන්නටත් බැරි නැත...

සමාන්තර පීලි වල
දෙනෙතින් දොඩමලුව
තව බොහෝ අය
අප පසුපසින් එනු ඇත....

වචන නොකරන ආදරේකත්
නමක් නැති
රසක් ඇත

No comments:

Post a Comment