මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 24, 2014

තව නගරයක
තව කෙනෙක්
කිරි හීන පුරෝගෙන
රෝස පොඩි ගවුමක මල් මහන....

අපේ අහ
නිල් පුංචි කලිසමක්
ට්‍රයිසිකලයක් පදින...

සමහර හීන
එකට නැතුවාට
වෙන වෙනම හැබෑවෙන...

1 comment:

  1. තෝරා ගැනීමක්
    තේරී අවසන
    කප්පාදුවට ලක්උන
    වත්මනක පාට!

    රෝස ගවුමට
    මහන්නැයි කියනවද
    කහපාට මල් තුනක්

    නිල් කලිසමේ සාක්කුවල
    මං මැහුව රතු අකුරු

    අතීතය සිහිකර, මද සිනා සල-සල

    ReplyDelete