මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 14, 2014

බකමූණු කවි

මායා මෑ වැලක් ඇත
කාටවත් නොකියාම
හිතුමතේ
මගේ කවුලුවෙන් එපිට පැලවුන...

මායා මෑ වැලක උඩ
බකමූණු වෙස් ගෙන
කවි නොලියනා
කවියෙක් ඉදී
කලක හිද....

මෑ වල දිගේ
එන්නට
නොහිතෙන්නෙමත් නැත...

එන මග
තොල් සායම් මැකුණු
දීපිකා පදුකෝන වැනි කෙල්ලක
කවි ලියා නැවත එනු
හමුවන්නටත් බැරි නැත..

රිදෙන හිත හදාගන්නට
නපුරු යෝධයාටත්
පෙම් කරන්නට බැරි නැත...

වඩා හොද
බිම ඉදන්
කවිකියවන්ට බලා ඉන්නා එක....

අපි කවදාවත්ම
බකමූණු කවි වල
නොසිටි අය...

2 comments:

  1. බස්සිගේ කවි වගේමනේ මේ බකමූණු කවියත්...

    ReplyDelete
  2. හ්ම්ම්...හ්ම්ම්.... :)

    ReplyDelete