මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 23, 2012

ප්ලේන් බනිස්


ආදරේ පෙන්නන්න
නවකතාවක කවියක
රූප පෙට්ටියක වගේ
සුරුවමට...

 

ඇස් නටවලා
නොරිදෙන්න කණ මිරිකලා
ආදරේ වලදමින්
හිස් බඩ පුරවන්න

පොරොන්දු වෙන්න....


කොයි තරම් ආසද මමත්
අත් බැදන් ඇවිදින්න

නුවර වැව වටේ
රවුමක්....
දෙකක්...


උරහිසේ හිස තියන්
ආදරේ මීපැණි කන් මතට
පුරවන්න...


..............................................


ඇත්ත
ඇත්තටම
කොයිතරම්
වෙනස්ද?????


මහන්සි මූණු,
ලැප්ටොප් බෑග් කරතියන්
කප්පරක් වැඩ හිසතියන්
එන්නන්වාලේ
ගෙදර එන.....


"අද කන්න මොනවද?"
අහන....
හිස් පිගන් හැලි වලන්
සෝදන්න උදව් දෙන..


ලයිට් නිවලද
ජනෙල් වහලද බලන....
"ඔයා නිදියන්න මට තවත් වැඩ"
කියන...


"ආදෙරයි"කියලත්
සමහර විට කියන...
ප්ලේන් බනිසක්
බුදිනවා මෙන් දැනෙන...


මම නිදි දෙව්දුවට
හාදු දෙන...
කම්පියුටරේ එලිය
හීනෙන් පෙනෙන....

 

ඇත්ත

ඇත්තටම

කොයිතරම්

වෙනස්ද?????


19 comments:

  1. ආදරේ හැමදාම පිටතට පෙන්නන්න හැකිද හින්දි චිත්‍රපටියක් වගේ...?

    ReplyDelete
    Replies
    1. එහෙමත් බෑ ඉතින්...

      Delete
  2. I saw on facebook "don't compare your love story with those in movies..they are written by scriptwriters yours by the god.."

    seems there is a true in that.. but it can't be the god who is writing our love stories..that should be someone who is making plain buns... hehe.. nice one.. :)

    ReplyDelete
  3. ඇයි මේ...?
    හෙම්බත් වෙලාද වැඩ වලින්...?
    ගෙවෙන්න දෙන්න එපා ඔහොම ජීවිතයට.
    වෙනස් කරන්න පුලුවන් ඒක
    උවමනාවෙන්නේ හිත විතරයි කිවුවොත්
    පුදුම වෙනවද ඔයා
    ඒ උනාට එක තමයි ඇත්තත්
    දන්නවද මම ඒක අත්හදා බලලා තියනවා
    සාර්තක උනා ගොඩක් ගොඩාක්
    හැමෝටම ප්‍රශ්ණ තියනවා
    මටත් එහෙමයි
    ඒත් ඒගැන හිතලා විඩාබර කර ගත්තේ නෑ අපි කවදාවත් අපේ හිත්
    තවතවත් කැප උනා අනෙකා වෙනුවෙන්
    ඉඩ ලැබෙන හැම නිමේශයම වෙන්කරා සහයකයාව සතුටින් තියන්න
    දන්නවාද ප්‍රතිපලය ඒකේ
    හැමදාම සතුටින් දෙදෙනාම අදටත්..................
    (මම කැමතියි ඉදිරියෙදි මේ අදහසත් ඔයාගෙ නිර්මාණ හැකියාවෙන් කවියක් කරනවානම්. කැමතිනම් විතරක්.)

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ දරන්නම් සරත්....ලස්සන අදහසක්.

      Delete
  4. ප්ලේන් බනිස් කා ඉතිරි කරගත් මුදලින්, ඉඳහිට සීනි බනිසුත් කන්න..රසය වැඩි පුර දැනේවි එතකොට...

    ReplyDelete
  5. කප්පරක් දුක් විදගෙන,සැමියාගේ බිමත්කම මැද්දේ නැතිබැරිකම ගැටගහගෙන ළමයි වදපු ආසියානු මවිවරු බුදු වෙන්නේ ඒ නිසා වෙන්න ඇති,ඒ අමිමලට ආදරේ ප්ලෙන් බනිස් ගෙඩියක් වගේ කියලා දැනුනනමි අද ඉන්න නම ගිය ලොකු ලොකු උගත්තු ඉන්නේ තිබිබෙ හිර ගෙවල්වල නැත්නමි මහපාරේ....

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ඒ අම්මලාට ආදරයක් දැනෙන්නම නැතුවැති.බේබ්දු පියවරු විනාශ කරන්න ඇති සියළුම සල්ලි.තමන් වදපු දරුවන් ලොකුමහත්කිරීමේ වගකීමෙන් සහ ඔවුන් වෙනුවෙන් හිතේ ඉපදුනු ආදරයෙන් අනෙක් සියල්ලම යටපත්වෙලා යන්න ඇති.හිතට දැනුනු දේවල් අකුරු කල කොපි පොත්සමහර විටක ඒ පරණ ගෙවල් තුල තවම ඇති.

      ආදරය කියන දේ සැමියා/බිරිද වෙනුවෙන් හිත් තුල හැමදාම තියෙනවා.විශේෂෙන් යහපත් සැමියෙක්/බිරිදක් වෙනුවෙන්.නමුත් සමහර වෙලාවල ආදරය නොදැනී යනවා අධික කාර්යබහුලබව නිසා.ඒ පිළිබදව ලියුවා මිසක ආදරය හීන වීමක් ගැන ලියුවා නෙමෙයි.

      Delete
  6. අමුතුයි ලස්සනයි නිර්මනත්මකයි ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...:)

      Delete
  7. බලන බලන තැන ආදරේ...

    ReplyDelete
  8. අනේ මන්දා මටනම් ආදරය ගැන මුකුත්ම කියන්න දන්නේ නැහැ- කිසිම අත් දැකිමක් නැහැ... හැබැයි "මහන්සි මූණු,
    ලැප්ටොප් බෑග් කරතියන්
    කප්පරක් වැඩ හිසතියන්
    එන්නන්වාලේ
    ගෙදර එන....." කතාවනම් මටම කියපු එකක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. It is the same for most of the employees these days specially when they are in IT sector:)

      Delete
  9. බැන්දාම පසක්වෙන ජීවිතෙයේ ප්ලෙන් බනිස් රස..
    ඒත් උත්සාහ කලත් වෙනස් කර ගත නොහැකි ජීවිත රෝදයට තැලුනු ආදරය..

    ReplyDelete
  10. නව කතා වල ජීවිතේ කොච්චර සරලද, කොච්චර ලස්සනද..

    ලස්සන කවි පෙලක්..!

    ReplyDelete