මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 2, 2012

අනියම්...


අපි
ලී ගේට්ටු...

මල නොකන....


සියල්ලම
හඩ නොනගාම
උරාගමු...

රහස් රකිනෙමු...


රෝස පාටින් යුතු
තීන්ත බාල්දියට
ආදරෙයි කියනෙමු...


වැස්සට රහසේ පෙම් කරමු...
වැහි බිදි
ලය තුරේ සැගව උන් බැව්
කාටවත් නොකියමු...

අනියම්වද පෙම් කරමු...

10 comments:

  1. අනියමව කරන පෙම තමා රස වැඩි...

    ReplyDelete
    Replies
    1. එ වුනාට හිතට ඇතිවන තමා වැරදියයි හැගීම..ඊට වඩා බලවත්ය...

      Delete
  2. ලී ගේට්ටුව?????
    රෝස පාට තීන්ත බාල්දිය????

    ReplyDelete
  3. ඕහෝ.. මෙයානම් නිර්මාණ මැසිමක් අරගෙන තියනවා. ඒක එහෙම නෙමේ නම් දසුනි කියන්නේ නිර්මාණ මැසිමකට දාපු නමක්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...ඔය දෙකෙන් එකක්වත් වෙනවා නම් මම කැමතියි...:P

      Delete
  4. ඔය අනියම් සීන් තමා බයානක...

    ReplyDelete
  5. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය...:)

      Delete