නළුවා

"අන්න අර නළුවා.."
"කෝ???
" ඔව්මයි නේද ? "
"ඒ නළුවා...."
"එන්න අදුන්වා දෙන්න
මේ..........."
"අපි දන්නවා,අහල දැකලත් තියෙනවා"
"අර ටෙලියෙ ඉන්නවා මම හැමදාම බලනවා"
කතා නොකරන නළුවා
'හෙලෝ' විතරක්
ඉංගිරිස් උරුවට
කියන නළුවා...
හිනා විතරක්ම වෙන
නළුවා...
ප්‍රේක්ෂකයින්ව
ගනන් නොගෙනම ඉන්න නළුවා...
අපිත් ආසයි
කතා කරන්න...
එකට ඉදලා
පින්තූරයක් ගන්න
ඔය කටහඩ ඇහෙන්නෙ
රූප පෙට්ටියෙන් විතරමද??
දත් ටික පෙන්නන්නෙ
කැමරාවට විතරද?
ගගෙන් එගොඩට ගිය පසුව
බෝට්ටුව මොකට
කරතියාගෙන යනවද?
"එක අතකට ඒකත් ඇත්ත..."
"නළුවා එළුවා
එළුවා නළුවා..."
hikz.. this is realy true.. :)
ReplyDelete~Red Riding Hood~
Yes yes...Btw y have u become Anonymous????;)
DeleteI was too lazy to log in to google account so i chose "Anonymous" as the profile.. ;)
Delete:)
Deleteමිනිස්සු ඉරිසියාවට කියන ඒවා මං ගනං ගන්නෙ නෑ..
ReplyDeleteමගේ ගමන මම යනවා..
මීට නලුවා..
මම කලිනුත් කියුවෙ...
Deleteඑළුවා නලුවා...
නලුවා එළුවා....
ඒත් සමහරු ඔහොම කරනව. මම කීවෙ අර ඔරුව කරතියන් යන එක....
ReplyDeleteකරතියන් නොගියට කමක් නෑ
Deleteඒත් ඔරුව අමතක කරන එක හොද නෑ...
එගොඩහ යන්නබැරිවී තොටුපල ගාව
Deleteතනිවම උන් නුඹට පෙරදා අඬ ගෑව
කඳුලින් මුදා හස ඉවුරට ගෙන ආව
ඔරු කඳ නැතත් අමතක ඇයි තොටියාව
බලන්න මේක අහල තිබුනද කියලා. ඔහොම කියලා තිබුනේ "තිලකසිරි රත්නායක" මහත්මයා. ඔයාගේ රිප්ලයි එක දැක්කම මතක් උනා.
මේක මරු අක්කෝ..:)
ReplyDeleteඔයා හුගක් කාලෙකින්....
Deleteහුගක් ස්තුතියි නන්ගෝ...:)
Dasuni akki,
ReplyDeletewhn is u writing my life story...
T.....U
Hey I don't know who u are...How can I guess your name with two letters ...:)
Delete