
රබර් බෝලයක් බම්ප් වෙනවට වඩා බම්ප් වීමේ හැකියාවක් ටෙනිස් බෝලෙකට තියෙනවා.ලෙදර් බෝල ගැන මම දන්නෙ නෑ මොකද මම ලෙදර් බෝල වලින් සෙල්ලම් කරලා නෑ.දන්නවද ???ඉදුනිල් බම්ප් වෙනවා කියලා.....නෑ ... ඉදුනිල්ව දැන ගන්න ඕන නෑ කතාව දැනගන්න.
සමහර වෙලාවට ටෙනිස් බෝලෙකටත් වැඩිය හරිම දක්ෂවිදිහට එයා බම්ප් වෙනවා.
රීබොක් එක ලග තියෙන පිට්ටනියෙ රවුමට දිව්වා කාලයක්.ඒකාලෙ එයාගෙ බඩ සෑහෙන්න ලොකුවට තිබුනා.පර්ස් එක ලොකුවට පිම්බෙන්න සල්ලි කොල තිබුනා.මම හිතන්නේ ඒ දිව්වෙ බඩ පුංචි කරගන්න.ඒත් පස්සෙ කාලෙක එයා අත් බෑගයක් කරේ එල්ලගෙන බස් එකක් අල්ලගන්න දුවනවා මම දැක්කා.ඒ කාලෙ එයාට එච්චර සල්ලි තිබුනෙ නෑ.කොහොමත් එයා සල්ලි තිබුනත් නැති වුනත් දිව්වා.
ඉදුනිල් කාලයක් කොල්ලෙක් පස්සෙ ගියා කොල්ලෙක් කියුවට එක කොල්ලෙක්ම නෙමෙයි.'කොල්ලො' කියලා කියන්නත් පුළුවන්.ඒ කාලෙ කොල්ලො එයා පස්සෙ ආවෙ නෑ.ඒ අර අත් බෑග් එකත් කරේ දාගෙන බස් එක පස්සෙ දිව්ව දවස් වල.පස්සෙ කාලෙ කොල්ලො එයා පස්සෙ එන්න පටන් ගත්තා.තෝරා ගැනීමේ හැකියාව තිබුනේ එයාට.ඒකට හේතුව වුනේ බාර් එකක බියක් එකකට ගෙවීමේ හැකියාව ඒ වෙනකොට එයා සතුවීම.
ඉදුනිල් පුද්ගලික ලේඛම් කෙනෙක් විදිහට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් යටතේ රැකියාව කලා.අර බස් එකක් පස්සෙ ගියෙ එහාට යන්න.ඒත් පස්සෙ කාලෙක අර ව්‍යාපාරිකයා ඉදුනිල්ගේ පුද්ගලික ලේඛම් විදිහට පත්වුනා.තාමත් වැඩ කරන්නෙ එහෙමයි.ඒකට හේතු වුනේ පර්ස් එක පිරෙන්න තිබුන සල්ලි.
සල්ලි ඉදුනිල් ගෙ ජීවිතේ බෝලෙකටත් වැඩිය හරිම සුරුවම් විදිහට බම්ප් කලා.
ඉදුනිල් කෙල්ලෙක්ද කොල්ලෙක්ද????
ReplyDeleteඇයි කියලා දන්නේ නෑ. ඒත් මෙහෙම එවට අදහසක් දාන්න හිතෙන්නේ නෑ.
ReplyDeleteරබර් බොලෙ ටෙනිස් එකට වැඩිය බම්ප් වෙනවා මැඩම් ;)
ReplyDeleteහ්ම්ම්...ඉඳුනිල්ගේ බම්ප් වෙන ජීවිතය..
ReplyDelete