මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, August 18, 2012

නවක ලේඛක...



මගේ හීනය
තීන්ත කූඩුවක ලා
රකින්නට දෙන්න...

ඇගේ ගෑවුන විට කසන
ගවුම් අදිනා
නිය ආලේපන සිහින
ඔබ තියාගන්නම ගන්න...

 

කන්ටේනර් පිරෙන්නට
ගෙවල් පිළිබද සිහින
පැජරෝ වල යතුරු
නැන්දම්මා දකින
හීනවල යතුරුලා  ඇතිය...

 

මුණුබුරෙක් පිළිබද හීනය
මාමාට
සුරකින්න කියන්නට...

 

මගේ හීනය
පාකර් පෑනකින්
නවකතාවක් කර
ලියන්නට දෙන්න...

 

හීන
තනි තනිව දැකිය යුතු වේ
හීන මිශ්‍රණ
විස සහිත විය හැකිය...


3 comments:

  1. //හීන මිශ්‍රණ
    විස සහිත විය හැකිය...//

    හවුලෙ කැඳක් වගේද..
    සිතුවිල්ලට වෙනසක්..! :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්
      හීන මිශ්‍රණ
      හැම විටම විස සහිත...;)

      Delete
  2. හීන මිශ්‍ර වුනාම විස වෙනවද...හ්ම්ම්ම්.. අමුතු අදහසක්..

    ReplyDelete