මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, August 15, 2012

තෙල් කුහුඹි තෙම...



කරදරකාරී තෙල් කුහුඹු තෙම
වැඩ ඇරී ගෙදර යන...
ප්‍රියම්බිකාවට
අන්නාසි ජෑම් ගෙනයන...



වතුර ඇතිලියකට පුළුවන්ද
ආදරේ මරන්නට...

ගෙදරටත් පාවහන් ලන
සායම් තොල් වලට
නොතේරෙත....


කුහුඹි තෙම
වතුර පහරට
සින්කිය තුල ගිලෙන
අන්තිම පාරටත් ආදරේ කියන....

 

ආදරේ නොදත්
අදුන් ලූ දෙනයන
ගිලී මියයන ප්‍රේමය දෙස බලා
ඇස් වලින් සිනා වෙන...


10 comments:

  1. :) පොඩ්ඩක් විතර තේරෙන්නෑ :)

    ReplyDelete
  2. හරි හරි තේරුනා............. ටිකක් වෙලා කම්පනා කරන්න ඕන මේ මොකක්ද කියන්නේ කියලා. එක පාරත තේරෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නෙ...;)

      Delete
  3. Replies
    1. ආයෙ පාරක් කියවන්න...:P

      Delete
    2. තාම තේරුන් නෑ... මයේ මොලේ මැල්ලුංද දන්නේ නෑ...

      Delete
  4. ඇස් නිලංකාර උනා...

    ReplyDelete
    Replies
    1. බොහොම දරුණු තත්වයක් ..වහාම පුටුවක ඉදගන්න...:D

      Delete
  5. පව් තමයි. ඒත් වෙලාවකට එපා වෙනවා රොත්ත පිටින් ඇවිත් වැටිච්චා අහුලන කොට........ අපෙත් වැරැද්ද වට්ටන එක...... :(

    ReplyDelete
  6. බලනකොට තෙල් කූබියාන්ගෙ ජිවිතේත් අපි වගෙමයි, වෙනසක් නැහැ..

    ReplyDelete