මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, August 18, 2012

තාත්තගෙ ආදරේ...

කවි වලට පණ ඇවිත්
ටයිප් කල කලු අකුරු
එහෙ මෙහේ දුව ඇවිද
මගෙ කවිය වෙනස් කර

"ඇයි කවිය හොද නැද්ද?"
එහෙමමත් නොවෙන බව කියන
ඒත් තවමත් පිටුව මත
එහේ මෙහෙ දුවන....


කවිය තනිවම ලියවී
අකුරු නිශ්චල වෙත....

මම අකුරු ලියවූ කවිය කියවන...


"අකුරු කරවන්ට හීන විකිණූ
නින්ද යන්නට කතන්දර කී
පැණි රස අල්ලසින් හිත් දිනූ
ඒ ආදරේ අකුරු කරනට බර වැඩිය

තාත්තගෙ ආදරේ
කිලෝ ගානට
කොල වල ලියන්නට බැරිය..."


6 comments:

  1. තාත්තගේ ආදරේට ගීත ලෝකේ හිමිවෙලා තියෙන තැන ගොඩක් මදී.අම්මා වගේම තාත්තත් කොච්චර වටිනවාද... ලස්සන කවිය.සුබපතනවා !

    ReplyDelete
    Replies
    1. තාත්තගෙ ආදරේ අප්‍රකාශිත ආදරයක්.අම්මාගේ ආදරේ හැම වෙලේම ප්‍රකාශිතයි...අප්‍රකාශිත ආදර හැම වෙලේම හිතට සතුටක් ගේනවා

      Delete
  2. //"අකුරු කරවන්ට හීන විකිණූ
    නින්ද යන්නට කතන්දර කී
    පැණි රස අල්ලසින් හිත් දිනූ
    ඒ ආදරේ අකුරු කරනට බර වැඩිය

    තාත්තගෙ ආදරේ
    කිලෝ ගානට
    කොල වල ලියන්නට බැරිය..."//

    හිතට දැනුන තනි වචනය..
    සුබ පැතුම් ඔබට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නන්දු...

      Delete
  3. අද ඔයා ලියල තියෙන්නේ මම කතාකරන්න කැමතිම මාතෘකාවක්, මම නම් කොහොමත් තාත්තට තමයි වැඩියෙන් ආදරේ අම්මට වඩා එක මම පොඩි කාලේ ඉදන්ම තියෙන දෙයක්..., මම දැක්කා පිටකො‍ටුවේ ත්‍රීවිල් එකක ලියල තිබුන "අම්මා රත්තරන් නම් - තාත්තා පිත්තලද යකො? " කියල බලනකොට එ කතාවත් සම්පුර්න ඇත්ත.

    ReplyDelete
  4. වදනින් කියාගත නොහැකි මහමෙරක් තරමට ආදරයක්
    තිබුනත් හදපතුලේ සැගව
    එය පවසාගත නොහැකිව දුක්විදින
    මගේ පියාගේ හදවත විනිවිද දකින්නට හැකිනම්…

    එම් එම් දසුනි (දසූ)

    ReplyDelete