මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, August 15, 2012

තැපැල් පත දුටු ගමන්

 

 

ෂර්ලොක් හෝම්ස්
තැපැල් පත දුටු ගමන්
වහාම එනු මැනවි....

අහිමි වී ඇත
දියමන්තියකට ,

පෙම් හසුනකට,
සල්ලි  මල්ලකට,
වැඩි යමක්...


"අලුත් බව"
කවුරුන් හෝ
සොරාගෙන ඇත...

ශීතකරණයේ බහාලූ ප්‍රේමය
කල් ඉකුත් වන්නට
කල් තිබියදී
පිළුණු වී ඇත...

කුලියට නිවස්නා
යාබද නිවස්නෙහි
අලුත බැදි යුවල
සැක සහිතමය....

තැපැල් පත දුටු ගමන්
වහාම එනු මැනවි....

 

http://www.dinamina.lk/epaper/?id=16&tday=2012%2F08%2F17

 

16 comments:

  1. ෂර්ලොක් හෝම්ස් අමරණීය charithayak

    ReplyDelete
    Replies
    1. ඔව් හැමදාම එක විදිහටම...:)

      Delete
  2. ෂර්ලොක් හෝම්ස් මේ දවස් වල කෟතුකාගාරයේ නැතිවෙච්ච කඩුව හොයනවා..

    ReplyDelete
    Replies
    1. ඔව වෙන්න ඇති...ඒත් එයා එනවා කියලා තැපැල් පතක් එවෙලා තියෙනවා.:)

      Delete
  3. අපරාදෙ නොවැ ඒ මනුස්සයට කරදර කොරන්නේ. ඔයා ලගම තියනවා ඒක.පුරස්නේ තාම හදුනා නොගත් එකයි ඒකෙ අලුත්ම වර්ෂන් (version) එක. හිකිස්...!

    ReplyDelete
    Replies
    1. ඕවා නම් අනේ මන්දාය...:D

      Delete
  4. අනිවාර්යෙන්ම එයි...
    ඇවිත් කියයි "සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක්" කියලා

    ReplyDelete
  5. ලස්සන කතාවක්, ෂර්ලොක් හොම්ස්ගෙ කතානම් ඔක්කොම කියෙව්වා මම හරිම ආස කතා ගොඩක්, එත් මේ ප්‍රශ්නයනම් ෂර්ලොක් හොම්ස්ට හොයාගන්නත් බැරිවෙවි, ඔහුගෙ අත්හැර දමපු පරික්ෂණ කිපය අතරට මෙයත් ඇතුලත් වේවි.

    ReplyDelete
  6. මේ වගේ දේවල් තැපැල් පත් වල ලියා යවන්න හොඳනෑ..හැමෝම දකීවි..!!

    ReplyDelete
  7. හොම්ස්ට බැරිනම් වොට්සන්ව හරි එවාවි ඔබේ උදව්වට..

    ReplyDelete