මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 21, 2012

ආදරේ ....

අපි
කවි ගනන් නොගන්නා අය
ගනන් විතරක්ම ගනන් ගන්නා අය
ප්‍රේමය පාගාගෙනයන අය
පයට පෑගුන දුහුවිලි
සෝදා හරින අය...

-දසුනි හෙට්ටිආරච්චි 

 

ඉස්සර
අඬ අඬා ප්‍රේම කවි ලියූ අය
දැන්
කරගන්න දෙයක් නැති අය
ඒ නිසා
නිදහසට කාරණා කියන අය

-සමර විජේසිංහ

 

අපි
කවි නිසා හුස්ම හිරවෙන අය

-කාංචනා කරුණාමුණි 

 

අපි
ඔපීසියේ රෑ වෙනකල් වැඩ කරන අය...
ආදරේ අමතක වුන අය... 

-දසුනි හෙට්ටිආරච්චි 

 

පා දූවිල්ල සේ සලකා
අතහැර දමන්න
එන්න තපසට යන්න
මෙතනින් ඉදිරි අඩවිය
සාතන්ගෙ අයිතිය
අප බොහොම මිතුරු අය

-සමර විජේසිංහ

  

මේ ඔක්කොම ආදරය ඉල්ලා
හඩා වැටෙන අය..

-Leera De Silva 

 

ලීරාට මල් මිටක්!

-සමර විජේසිංහ 

 

එන්න...
අපෙනුත් මල් ගන්න...:)

-දසුනි හෙට්ටිආරච්චි 

2 comments:

  1. මේ ඔක්කොම ආදරයා ඉල්ලා හඬා වැටෙන අය..

    කීයෙන් කීදෙනාටද ඇත්ත ආදරේ හම්බවෙන්නේ..?

    ReplyDelete
  2. ආදරේ වෙනුවෙන් ඉන්න අපි..

    ReplyDelete