මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 30, 2012

මල් මාල

මම දැක්කා මල් මාල හොරාගෙන...

මගේ කවියෙන්...

ලියන්නට හිටි කවිය...
මගෙන් හොරාගෙන....


පත්තරේ පිටුවක ලියවිලා...

 

ඒත්,
මම ලියනවා
ලියන්නට හිටි කවිය...


පහුවෙලා...
කමක් නැහැ
පහුවෙලා හරි ලියනවා...


රතුපාට එක්සෝරා මල් මාල
සුදුපාට පිච්චමල් මාල....
කලුපාට අත්වලින් ගෙතෙනවා

හැමදාම බස් එකෙන් හිස දමා බලනවා...


සියුමැලි වැඩිය ඔය මල්
කළු අත් වලට...
ගොරහැඩිය ඔය අත්....


දිග මදිය මගෙ කෙස්
මල්මාල පලදන්න....


අපි දුරය...


සල්ලි කොල මල් සුවද
හුවමාරුවෙන එක
මගෙ හිතට හරි බරය....

3 comments:

  1. තේරී නොතේරී ගිය පද ටිකක්..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...ඔය කවිය හරිම සරලයි.ඔය කෝවිලක් ලග මල්මාල ගොතන කෙනෙක් ගැන මගේ හිතේ ඇතිවුන අදහසක්...

      Delete
  2. ලස්සනයි අක්කි.....:)

    ReplyDelete