මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, August 12, 2012

නිරුවත් ගැහැනිය

 

 

 

දිටිමි,

ඇය නිරුවත්ව ....
අගහරුවාදා දවසක ,
කහ පැහැති පාවහන් ඇගලා...
රෝස පැහැ අත් බෑගයක් ගෙන....
කෝල බවකින් එපිට බලමින්,
ගමන් යන.....


සැබැවින්ම
ඈ නිරුවත්ය...
දෑස බොරු නොකියත...


වෙනදාත්
අද මෙන්ම

මෙතන පසුකර යත...

බාජු ඇදුමෙන් සැරසි වත
වක්‍රයන් නොපෙනෙත....


නමුත්

මා ඇය
ඇසින් බලමින්
සිතින් නිරුවත් කරමි....


අද
ඇය
සැබැවින්ම නිරුවතිනි...

නමුත්
ඇදුම් ඇද සිටියේ නම්
මැනවයි සිතමි...


(http://www.thinkland.net-අගහරුවාදා රෑ කතාවෙන් උපන් සිතුවිල්ලකිනි... )

4 comments:

  1. මිනිස් සිත්......!!!
    මොනම දේකින් වත් සෑහීමකට පත්නොවන,
    ලද දේ පමණක් නොදකින නොලද දේ පමණක්ම හැමවිටම දකින........
    ඔයාලගේ අපේ...

    ReplyDelete
  2. අනේ මන්දා ඔව්වා

    ReplyDelete
  3. මෙකනම් මට කිසිම දෙයක් තේරුනේ නැහැ, අනේ මන්දා (ටියුබ් ලයිට්)

    ReplyDelete