මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, August 17, 2012

මගේ මීලග හිටපු බිරිද....

මම විවාහකයෙක්මි.

වරක් දෙවරක් විවාහ වී තිබීම අවිවාහක වීමට බාධාවක් නොවේ.

අවිවාහක වී නැවත විවාහ වීමට බලාපොරොත්තුවෙමි.

වීදුරුවක් අත්වැරදීමකින් බිදී යා හැකිය.නො එසේ නම් පොලව මත පතිත කොට බිදී යාමට සැලැස්විය හැකිය.මම වීදුරු පොලව මත පතිත කොට බිදී යාමට සලස්වා ඇතිවාක් මෙන්ම අත්වැරදීමකින් බිදී ගිය වීදුරුද ඇත.එකදු වීදුරුවක හෝ මතකයක් මාසතුව නැත.

මේ ප්ලාස්ටික් සමග ඇති මගේ පලමු ප්‍රේමයයි.ප්‍රේමයේ අළුත් බව හෝ පැරණි බව තීරනය වන්නේ සම්බන්ධය පවත්නා පුද්ගලයා මතය.ප්ලාස්ටික් ප්‍රේමයට අපූරුය.බිදී යනවා යයි බියවිය යුතු නැත.පරිස්සම් විය යුතු නැත.

ප්ලාස්ටික් බිදී ගොස් ඇත.වීදුරු මෙන්වම.අපරික්ෂාකාරී වීම නිසා මට ප්ලාස්ටික් ඇතිලියක් කසාද බැදීමට සිදුවිනි.දැන් මම  ක්ලිනික් ගානේ යමි.කියනා බෙහෙත් ගෙනත් දෙමි.මාසෙ පඩියෙන් අටෙන් පංගු දෙකක් බෙහෙත් සදහා වැය කරමි.

අවලාද අපවාද වලට සවන් දෙමි.නීති දෙකක් පිලිපදිමි.

1.බිරිද හැමවිටම නිවැරදිය
2.බිරිද වැරදි යයි මට හැගේ නම් පලවෙනි නීතිය පිළිපදිමි

අවවාදයයි:-නොරැවටෙන්න..ප්ලාස්ටික්ද බිදී යා හැකිය.

9 comments:

  1. ප්ලාස්ටික් හිටන් බිඳෙනවා නම් ඉතින් තව මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් ඉතින් කියන්නෙ...;)

      Delete
  2. මොකද මන්දා මේවා කියවනකොට මාව කොයිල් වෙනවා !
    අපිව අමාරුවේ නොදා කියන දෙයක් සරලව කියහල්ලකො... :)

    ReplyDelete
    Replies
    1. අමාරු දේවලුත් ඉතින් ඉදලා හිටලාවත් තේරුම් ගන්න බලන්නකො....;)

      Delete
  3. he he he..
    මැදැයි ප්ලාස්ටික් නිසා වුණ දෙයක්..
    කතාව අපූරුය.. :D

    ReplyDelete
  4. සමහර ප්ලාස්ටික් බිදෙන්නේ නෑ.ඉරිතැලෙනවා විතරයි.එතකොට පාව්ච්චි කරන්නත් බෑ,හිත හදාගෙන විසිකරලා අමතක කරන්නත් අමාරුයි

    ReplyDelete
  5. මෙන්න මෙයා මගේ කොමෙන්‍ටුවක් වීසි කරලද කොහෙදෝ.......

    ReplyDelete
  6. ප්ලාස්ටිකුත් බිඳෙනවා වගෙ නම් .. කොහොමද ෆයිබර්ග්ලාස් වගෙ දෙයක් ආදේශ කළොත් ...
    මොක ද මමත් තුනී ලස්සන වීදුරුවක් තියාගෙන හිටියා මෙච්චරකල් පරෙස්සමෙන් ... [මම ඒකට කිව්වෙ මිත්‍රත්වයේ වීදුරුව කියල]
    මේ ලඟදි ඒකත් ඉරිතැලුවා ද කොහෙදො ...?
    ඉරිතැලුවාට පස්සෙ මුලින් තිබුණ ලස්සන නැහැ වගේ නොවේද ...?
    මම දැන් බයෙන් ඉන්නෙ කොයි වෙලේ බිඳේවිද කියල.
    මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ .

    ReplyDelete