මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 7, 2012

කොඳු

 

මම සැත්කමට කලින් නැවෙන්න උත්සාහ කල හැම අවස්ථාවකම මට දැනිලා තිබුනා මට නැමෙන්න අපහසු බව.කොයි පැත්තකට වත්.මම හිතුවා ඒක වෙනස් කරගන්න ඕන කියලා.හැම පැත්තටම නැමෙන්න පුළුවන් නම් කොයිතරම් අපූරුද?ඊයෙ හවස සැත්කම් මේසෙ මත ඇස් පියාගත්තෙ ඒ හීනෙත් අරගෙන.ඒත් ,ආපහු ඇස් අරින්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබුනෙ නෑ.

"මේක ලෝකෙ මේ විදිහට සිද්ද වෙන පලවෙනි ශල්‍යකර්මය.ඇත්තටම විශ්වාසද තාමත් ඔයාට මේක කරන්න ඕන කියලා.ජීවිතේ ගැන විශ්වාස කරන්න පුළුවන් සියයට දහයක් විතරයි."

 

දොස්තර මහත්මයා ඇහුවෙ ඉන්ග්‍රීසියෙන්.


"ඉයස් ඉ ඇම් ප්‍රිටි ශුවර්"...මම එහෙම කියුවට හරියටම විස්වාසයක් තිබුනෙත් නෑ. 

 

.....................

 

කොදු නාරටියක් තියෙනවා මිනිස්සුන්ට .හැම පෘශ්ඨවoශික සතෙකුටමත් තියෙනවා.ඒත් කොදුනාරටිය නැති වුනාම හැම පැත්තටම නැමෙන්න ලේසියි.ඒක පහසුවක්.හැමෝටම කොදුනාරටියක් තියෙන්න ඕන කියලා නියමයක් නෑනෙ.කොහොමත් මම ආස නෑ කොන්ද වැඩිය හයිය මිනිස්සුන්ට .එයාලට නැමෙන්නම බෑ.හරියට මෝල්ගස් ගිලපු රිලව් වගේ.

මම මෙච්චර දවස් හොයන්න උත්සාහ කලේ නෑ මට කොදු නාරටියක් පිහිටලා තියෙනවද කියලා.මොකද උවමනාවක් තිබුනෙ නෑ.ඒත් හදිසියෙම මට සිද්ද වුනා වැස්සකට තෙමෙන්න.මම ඇත්තටම කැමතියි සමහර වැහි වලට.සින්දු වැහි....විශේෂයෙන්ම ලස්සන පද තියෙන...සින්දු වැහි වලට තෙමෙන්න කොදු නාරටිය තියෙනවද කියන එක අදාල වෙන්නෙ නෑ.

 

ඒත් මේ බැනුම් වැස්සක්.

 

මම හරිම අකමැති වැහි වර්ගයක්.මට හිතුනෙම ආපිට බනින්න.පිට පැත්ත අතගාල බැලුනෙ ඒ අවස්ථාවෙදී.අවාසනාවකට මට පිටකොන්දක් පිහිටලා තිබුනා.ඉතින් මට සිද්ධ වුනා ආපිට බනින්න.

 

ඒ නිසා ගත්ත හදිසි තීරණයක් තමයි මේ සැත්කම.මම රුපියල්ම ලක්ෂ තිහක් වැයකලා මේකට.මේච්චර කාලයක් හරි හම්බ කල හැම දෙයක්ම වැය වුනා.ඒත් කොයිතරම් අපූරු අත්දැකීමක්ද හැම පැත්තටම නැවෙන්න පුළුවන් වීම.

 

...................................

 

මගේ බොදවුන ඇස් දෙක හෙමින් විවිර වෙමින් තිබුනා.ඇද අවට වටපිටාව හිස් බව මට තේරුනා.කවුරුවත් නෑ.කවුරුවත්ම නෑ.හැමෝම අකමැති වුනා මේ සැත්කමට.

තාත්තා අන්තිමට කියුවෙ.මම පවුලෙම මූණු වල දැලි ගෑවා කියලා.

"කොන්දක් නැතුව ජීවත් වෙන්න අමාරුබව දූට පස්සෙ කාලෙක තේරෙයි."ඇස්වල කදුලු පුරව ගත්ත අම්මත් එහෙම කියුවා.

 සැත්කමෙන් මාසෙකට පස්සෙ මම හැම පැත්තටම නැමුනා.මට හරිම සතුටුයි.ඒත් සැත්කමේ තව පුදුම අන්ශයක් කියන්නේ මට තවදුරටත් කොදු නාරටියක් නැති  බව අනිත් මිනිස්සුන්ට පෙනුනෙ නෑ.මම මස් ගුලියක් වෙලා තිබුනෙ නෑ.හරි කෙලින් හිටගෙන ඉන්න පුලුවන් වුනා.උවමනා වුන වෙලාවට.

හදිසියේ ගත්ත තීරනයක් උඩ ඔලිම්පික් යන්න තේරුන විශේෂ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්නත් පුලුවන් වුනා.

 

මම ගැහුව කරනම් රුමේනියාවෙන් ආපු කෙල්ලොන්ටත් ගහන්න බැරි වුනා.මම පලවෙනියා වුනේ උඩින්ම.මගේ සැත්කමට එපා කියපු හැමෝම මාව බලන්න ගුවන් තොටුපලට ඇවිත් හිටියා.මල් මාල, මල් පොකුරු හුගක් තෑගිලැබුනා.

....................................

 

මම ඊයෙ උදේ ඔපීසියට ගියේ ඔලිම්පික් හීනේ සතුටත් අරගෙන.ඇත්තටම හීනෙන් ඔලිම්පික් පදක්කමක් දිනපු සතුට දිගටම තිබුනා.දවස පුරාම.

දවල් කෑම කන වෙලාවෙ කට්ටිය එකතු වෙලා බොස්ට බැන්නා.මමත් එකතු වුනා එකතු වෙලා එයාලත් එක්ක හොදටම බොස්ට බැන්නා.

හවස බොස් මට කතා කලේ රාජකාරි වැඩකට.

"බොස් දන්නෙ නැති වුනාට නිමල් ලා ගුණපාලලා බොස්ට බනිනවා නොසෑහෙන්න මම නෙමයි කට ඇරියෙ.බොස් වගේ ජෙන්ටල්මන් කෙනෙකුට එහෙම කියන එක හරි නෑනෙ .නැද්ද බොස්..."

"මොනවද එයාලා කියන්නෙ?"

"ඉන්ක්‍රිමන්ට් නැති එක ගැන තමයි ඉතින් හුගක් කතා කරන්නෙ...අනේ ඉතින් මට නම් ලැබෙන පඩිය ඇති.බොස් කියලා මොකෝ ඉතින් සල්ලි ගස් වවනවයැ නැද්ද මම අහන්නෙ?"

 

"ඔයා දැන් යන්නකො. "බොස් අන්තිමට කියුවෙ එහෙම.

...............................

 අදත්  උදේම බොස්මට හදිස්සියෙම කතා කලා.

 

"ඔයාට සතුටු දායක ආරන්චිටක් කියන්නයි මම කතාකලේ.ඔයාට ඉන්ක්‍රිමන්ට් එකක් ලෑස්ති කලා රුපියල් තිස් දාහකින් පඩි වැඩි වෙනවා."

මට හිතාගන්න බැරිවුනා.මේ බොස්මද කතා කරන්නෙ කියලා.

පිට පැත්ත අත ගෑවුනේ පුරුද්දට.ඉස්සර වගේ ඝනකමට කොදු නාරටිය අහුවුනේ නෑ..

14 comments:

  1. අම්මෝ...කනේ පාරේ සැර..
    කන රතුවෙලා හොඳටම...;)

    ReplyDelete
    Replies
    1. මේ ඔපරේෂන් එකක් විතරමයි.එච්චරයි :(

      Delete
  2. මං හිතුවේ මේ වගේ එවුවා හිතෙන්නේ මට විතරයි කීලා...
    ඇති යන්තං තව අය ඉන්නවා..
    නියම පෝස්ට් එක..
    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. හුගක් අයට මෙහෙම හිතෙනවා ඇති ඉතින්...බොහොම ස්තුතියි
      :)

      Delete
  3. අර ලංකාවේ අධාපනය,සෞක්‍ය,ඛනිජතෙල් ඇතුළු සියලු දේවල් කරවන එඋන් සියලු දෙනාම ලක්ෂ 30 ගානේ දීල අයින් කරගෙනද,එහෙම නැතිනම් උපතින්ම පිහිටලා නැතිවද දන්නේ නැහැ?

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න ඇති.අයින් කරගෙන ඇති.සල්ලි හරි හුගක් තියෙනවනෙ.:)

      Delete
  4. ලැජ්ජා නහර කපන සැත්කම වගේ එකක් වෙන්න ඇති මේකත් :D

    ReplyDelete
    Replies
    1. ලජ්ජා නහර නැති වුනාම ලැබෙන ප්‍රථිපල කොන්ද නැති වුනාම ලැබෙන ප්‍රථිපල වලට වඩා වැඩියි.:)

      Delete
  5. ඔය කරපු ආයෝජනයේ ප්‍රතිපල හම්බවෙලා තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. අපි risk analysis කරලා තමයි Invest කරන්නේ...;)

      Delete
  6. නියම ලිපියක් ලංකාවටම ගැලපෙනව ..... (මගෙ ලැප් එකෙන් ඔයාගෙ බ්ලොග් එකට එන්න බැහැ-ඇවීරා වෙබ් ප්‍රොටෙක්ෂන් එකෙන් ඔයාගේ බ්ලොග් එක මැල්වෙයා ඩිටෙක්ෂන් කියල බ්ලොක් කරනව-මගේ යාළුවකුගෙ ලැප් එකකින් තමයි මෙ පොස්ට් එක කියෙව්වේ, පොඩ්ඩක් එගැන හොයාබලන්න)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දැනුම් දීමට.මම ඔය ගැන දැනගෙන හිටියා.ඒත් කිසි දෙයක් කරගන්න බැරුව හිටියෙ.අන්තිමට සම්පත් කියලා මගේ යාලුවෙක් තමයි ඒක හදලා දුන්නෙ.යාලුවෙක්ගෙ ලැප් එකකින් හරි මගේ පෝස්ට් එක බැලුවට බොහොම ස්තුතියි.

      Delete
    2. ඔව් මටත් ගොඩක් දවස් එන්න බැරි උනා මේ කතාව නිසා. ඔෆිස් ලැප් එක නිසා එන්න බයේ නෑවිත් හිටියා මොකක් හරි උනොත් කියලා :)

      Delete
  7. "බොස්" යටින් තියන පොස්ට් එකේ කතාවද මේ

    ReplyDelete