මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, August 27, 2012

නළුවා

 

"අන්න අර නළුවා.."

"කෝ???

 

" ඔව්මයි නේද ? "

 "ඒ නළුවා...."

 

"එන්න අදුන්වා දෙන්න
මේ..........."



"අපි දන්නවා,අහල දැකලත් තියෙනවා"
"අර ටෙලියෙ ඉන්නවා මම හැමදාම බලනවා"

 

කතා නොකරන නළුවා
'හෙලෝ' විතරක්
ඉංගිරිස් උරුවට
කියන නළුවා...

 

හිනා විතරක්ම වෙන
නළුවා...
ප්‍රේක්ෂකයින්ව
ගනන් නොගෙනම ඉන්න නළුවා...

 

අපිත් ආසයි
කතා කරන්න...
එකට ඉදලා
 පින්තූරයක් ගන්න

 

ඔය කටහඩ ඇහෙන්නෙ
රූප පෙට්ටියෙන් විතරමද??
දත් ටික පෙන්නන්නෙ
කැමරාවට විතරද?

 

ගගෙන් එගොඩට ගිය පසුව
බෝට්ටුව මොකට
කරතියාගෙන යනවද?
"එක අතකට ඒකත් ඇත්ත..."


"නළුවා එළුවා
එළුවා නළුවා..."

13 comments:

  1. hikz.. this is realy true.. :)
    ~Red Riding Hood~

    ReplyDelete
    Replies
    1. Yes yes...Btw y have u become Anonymous????;)

      Delete
    2. I was too lazy to log in to google account so i chose "Anonymous" as the profile.. ;)

      Delete
  2. මිනිස්සු ඉරිසියාවට කියන ඒවා මං ගනං ගන්නෙ නෑ..
    මගේ ගමන මම යනවා..
    මීට නලුවා..

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් කියුවෙ...
      එළුවා නලුවා...
      නලුවා එළුවා....

      Delete
  3. ඒත් සමහරු ඔහොම කරනව. මම කීවෙ අර ඔරුව කරතියන් යන එක....

    ReplyDelete
    Replies
    1. කරතියන් නොගියට කමක් නෑ
      ඒත් ඔරුව අමතක කරන එක හොද නෑ...

      Delete
    2. එගොඩහ යන්නබැරිවී තො‍ටුපල ගාව
      තනිවම උන් නුඹට පෙරදා අඬ ගෑව
      කඳුලින් මුදා හස ඉවුරට ගෙන ආව
      ඔරු කඳ නැතත් අමතක ඇයි තොටියාව

      බලන්න මේක අහල තිබුනද කියලා. ඔහොම කියලා තිබුනේ "තිලකසිරි රත්නායක" මහත්මයා. ඔයාගේ රිප්ලයි එක දැක්කම මතක් උනා.

      Delete
  4. මේක මරු අක්කෝ..:)

    ReplyDelete
    Replies
    1. ඔයා හුගක් කාලෙකින්....
      හුගක් ස්තුතියි නන්ගෝ...:)

      Delete
  5. Dasuni akki,
    whn is u writing my life story...

    T.....U

    ReplyDelete
    Replies
    1. Hey I don't know who u are...How can I guess your name with two letters ...:)

      Delete